සිව්වන දිගහැරුම

968 127 5
                                    

ආශ්චර්‍යය ... 🍃 සිව්වන දිගහැරුම 🔞

වෙයි යින්ග් ලන් ශාන් ව,වැරෙන් සිප ගැනීමට උත්සාහ කළද වහා එයට ප්‍රතිචාර දැක්වූ ලන් ශාන් කුඩා හාදුවක් වෙයි යින්ග් ගේ තොල් මත තබා වහා ඈත් විය .

" ලන් චාන් ! ... කිමද ඔබ මා ප්‍රතික්ෂේප කරනුයේ ! ... " එක්වරම සිදූ වූ දෙය අදහාගත නොහැකිවූ වෙයි යින්ග් විසල් වූ දෑසින් වංජි දෙස බලා සිටී .

" වෙයි යින්ග් ... මං හිතෙන්නේ අපි ප්‍රවේශම් විය යුතුයි ... "

වෙයි යින්ගේ මුව හරහා වැටී ඇති කෙස් රොදක් පසෙකට කරන අතරවාරයේ ලන් ශාන් මුදුව පිළිතුරු සැපයී ය.

එක්වරම වෙයි යින්ග් ගේ මුව ශෝකයත් කෝපයත් මිශ්‍ර වූ හැගීමකින් වැසී ගියේ ය .

" හුම් ... මට ස්නානය කළා ප්‍රමාණවත් "

වහා ජල බේසමෙන් ඉවත් වූ වෙයි යින්ග් තම කබායෙන් ගත පොරවාගෙන නාන කාමරයෙන් ඉවත් වී කුටිය වෙත ගමන් කළේ ය .

ඔහුගේ ඇස්වලින් නොනවත්වා කදුළු ගලමින් තිබිනි .

වෙයි යින්ග් ගේ වදන්වල ස්වරයේ වෙනස වංජී වහා අවබෝධ කර ගත්තේ ය . වහ ජල බේසමෙන් නැගී සිටි ඔහු තම තෙත් වූ ඇදුම් පිළිබදව ද නොසලකමින්

" වෙයි යින්ග් නවතින්න " යැයි හඩ තලමින් ඔහු පසුපස ගමන් කිරීමට විය .

වංජී කුටියට ඇතුළු වන විට , වෙයි යින්ග් කුටියේ කවුළුව  අසල හිද ගෙන තම දෑස් අනන්තය දෙසට යොමු කරගෙන සිටියේ ය .

එදින හොදින් සද පායා තිබූ දිනයක් විය . ළා සද කිරණ කවුළුවෙන් පෙරී විත් වෙයි යින්ග් ගේ කිරි ගරුඩ පැහැ ගෙල මෙන් ම කබා අත පහළට වැටීම නිසා මදක් නිරාවරණය වී තිබූ වම් උරහිස් ද සිප ගනිමින් සිටියේ ... තමා ඉදිරිපිට මැවී ඇති මේ සුන්දර දසුන දුටු වංජිගේ කෙල උගුර තුළ සිර වීය .

" ක් හැම් " මද හඩින් උගුර පෑදූ වංජී , වෙයි යින්ග් වෙත ළං විය .

වෙයි යින්ග් ගේ කිසිදු ප්‍රතිචාරයක් නොවීය .

වැඩේ වැරදී ඇති බව වංජිට දැන් නම් තහවුරු ය .

සෙමින් වෙයි යින්ග් අසලට ළං වූ ඔහු , ඔහුගේ නිරාවරණය වී තිබූ වම් උරහිස මත මුදු හාදුවක් පතිත කළේ ය.

ආශ්චර්‍යය ... 🍃   [Completed ]Where stories live. Discover now