ගුචිනයේ සියුම් නාදය වෙයි යින්ග්ව අවදි කළේ ය . ඔහු සෙමින් තම දෑස් විවර කළේ ය . මේ වනවිට හිරු හොදින් පායා තිබිනි . කොහොමත් පිළිසිද ගත් දින සිට වෙයි යින්ග් අවදි වූයේ වෙනදාටත් වඩා ප්‍රමාද වීය .
"වෙයි ඔබ අවදි වී ද " ගුචිනයේ හඩ නැවතී තිබිනි . වංජී දල්වාගත් දෙනෙත් වලින් වෙයි යින්ග් දෙස බලා සිටියේ ය .
තමා පෙර දින රාත්‍රියේ කළ කී දෑ වෙයි යින්ග් ගේ මනසට සෙමින් සෙමින් මතක් වෙන්නට වීය . ඒත් සමගම ඔහුගේ මොළය හරහා එක්වරම ඇති වූ සිතුවිල්ල වූයේ
" දෙයියනේ මා තාමත් නිරුවතින් නොවෙද " යන්න යි
ලන් ශාන් තමා දෙස තවමත් ඇසිපිය නොගසා බලා සිටි හේතුව වෙයි ට වැටහුනේ දැන් ය .
" ලන් චාන් ... ඔය විදිහට මා දෙස බලන්න එපා ... මට ලැජ්ජයි " වෙයි යින්ග් දෑතින්ම පොරෝනව ඉහළට ඇද මුළු සිරුරම ... ඔහුගේ හිස පවා ... පොරෝනයෙන් ආවරණය කර ගත්තේය .
මෙය දුටු වංජිට සිනහ පහළ වීය . සන්සුන් ව තම අසුනෙන් නැගී සිටි ඔහු වෙයි යින්ග් වැතිරී සිටි සයනයේ කෙළවරින් අසුන් ගත්තේ ය .
" වෙයි ... ඔය පොරෝනාව ඉවත දමා ගත දොවාගෙන ... එන්න යන්න උදේ ආහාර ගැනීමට " වංජි කාරුණික හඩින් පැවසීය .
" ඔබ යන්න ... මං පස්සේ එන්නම් " වෙයි පොරෝනය තුළ සිට ම බෙරිහන් දුනි .
" කිමද මේ ... හරියට පළමු රාත්‍රිය මෙන් ... " වංජි තම සිනහව ඉතා අපහසුවෙන් පාලනය කරගනිමින් විමසී ය .
" අනේහ් ලන් චාන් ... මං ඊයේ වෙරි වෙලයි හිටියේ ... ඔබ මොකටද මං කිව් දෙ ඇසුවේ ... හුම් ... ඔබට තිබ්බ මාව නවත්වන්න ... මගේ කකුල් තාමත් වෙව්ලනව ... " වෙයි මැසිවිලි නැගී ය .
" ඔබ ව මා ඊයේ නැවැත්වූවා නම් ... ඔබ නවතිනුයේ මා මරා දමා " වංජි සිනහව අතරින් පිළිතුරු දිනි .
" ලන් චාන් ... මං ගොඩාක් කෑගැහුව ද "
තවමත් පොරෝනාව යට සිටිමින්ම වෙයි විමසී ය .
" ඔව් ... මට හිතෙන විදිහට කිරෙන් මාමාණ්ඩිටත් එය ශ්‍රවණය වෙන්නැති " පුපුරා යාමට ඔන්න මෙන්න තිබූ සිනහව වැරෙන් පාලනය කරගනිමින් වංජී පිළිවදන් දිනි .
YOU ARE READING
ආශ්චර්‍යය ... 🍃 [Completed ]
FanfictionWangxian Historical 18+ Cover by : @_Lan_kimra