නපුරු වැස්ස ( පළවෙනි වැස්ස )
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි⚡️"චියර්ස්..." ස්ලාං සද්දයත් එක්ක ගැටුනු විදුරැ හතර එක හුස්මට බීගෙන යන තරැනයන් දිහා හෝටලේ හිටපු සේවකයන් වගේම ඇවිත් හිටපු මිනිස්සුත් බැලුවා...
"දුලාන්... ඉතින් මොකද ... හෙට යනවද බං..." හෙෂිත් ඇහුවේ තවමත් හිස් විදුරැව දිහා බලන් ඉන්න දුලාන් දිහාට විස්කි බෝතලය දෙන ගමන්..
" අනේ මංදා බං මොලේ කරවෙනවා...." ඔහු කිවේ විදුරැවට තව මත්පැන් ටිකක් දාගෙන...
දුලාන් , හෙෂිත් , සචින් , තිනුක හතරදෙනාම හෝටලේම අත්පත් කරගෙන වගේ විනෝද වෙමින් හිටියෙ.. හදිසියේම වෙන දුලාන්ගේ තාත්තගේ දෙවන විවාහය නිසා ඔහු හිටියෙ පුදුමාකාර කේන්තියෙන්..
"මට මාර කේන්ති ... ඒ ගැනී හොද එකියෙක් නෙවේ.. ෂී ඉස් ටෝටලි විච්... කොහොමහරි මේක නවත්තන්න ඕන..." දුලාන් කිව්වේ නළලත ඇගිලි තුඩින් පිරිමදින්....
" හෙට ... තව පැය විසිහතරක්වත් නැහැ... මෙච්චර දවස් බැරි උනු එක උබ හෙට නවත්තන්නේ කොහොමද... පිස්සුනම් නටන්න එපා පුතෝ... උබට ගෙදරත් නැති වෙයි..." තිනුක කිව්වේ හොදට හිතලා
" උඹට ඕනේ කසිකබල් වෙඩිම නවත්තන්නනේ..." එහෙම කියාගෙන එතනට ආවේ ලවාන්ත් ලුවීශ වර්ෂවිතාන..සුදුම සුදු සුද්දෙක් වගේ හිටපු ලවාන්ත් ආවේනම් තනියම නෙවේ.. තමන්ටත් වඩා අවුරැද්දක් දෙකක් විතර වැඩිමල් ඒත් පෙනුම පුංචි කෙල්ලෝ දෙන්නෙක් අරගෙන...ඒ දෙන්නා හිටපු අයට හායි කියාගෙනම කොල්ලන්ගේ ටේබල් එකත් එක්කම තිබ්බ ටේබල් එකෙන් වාඩි උනා.. කොහොමත් කොළඹ සුරපුරේ මිල අධික තරැපහේ හෝටල්වලටනම් මේ යාලුවෝ පස්දෙනා අමුත්තෝ නෙවේ... ඒ වගේම මෙහෙම යන යන තැන කෙල්ලෝ එක්ක යන ලවාන්ත් ඔවුන්ට ඇසට හුරැ දසුනක්... මොකද ඔවුන් ඒ තරම් ප්රසිද්ධයි... රටේ හිටපු ප්රසිද්ධ ඒ වගේම ධනවත් අයගේ දෙවන පරම්පරාවේ පුරැකවල් ටික තමා ඉන්නේ... මේ සේරම හෝටල් , බැංකු ක්ෂේත්රයේ දැවැන්ත චරිත.... තිනුක , සචිත් කියන්නේ බැංකු ක්ෂේත්රයටත් , දුලාන් , හේෂිත් හෝටල් ක්ෂේත්රයේත් හිටියේ.. එතකෝට ලවාන්ත්... ඔව් එයා හිතුවා වගේම රට හොල්ලන් ඉන්න දේශපාලන හා ව්යාපාරික ලෝකයේ දැවැන්තයෙක්ගේ පුතෙක්... ඒ වගේම අවුරැදු 20 උනත් පොඩි වයසෙම රටේ දැවැන්ත හෝටල් කිහිපයකම හිමිකරැවෙක්.. හැබැයි මේ හැමෝගෙම
ජිවිත ඇතුලේ අදුරැ පැති අසාධාරණ නිතිමය නොවන දේවල්නම් අඩුවක් නැතුව තිබ්බා...
"උඹ ... දැන්ද එන්නේ... අපිට කලින් නේද නිදාගන්න ගියේ..." දුලාන් එහෙම කියද්දී ලවාන්ත් ඇස්වලින් පෙන්නුවේ කෙල්ලෝ දෙන්නවා... ඔහු ඒ ඔහුගේ හැටි... එක් ගැහැනියෙක් නෙවෙ ගැහැනු දහයක් හිටියත් ඔහුට වැඩි නෑ... යුවතියන් දෙදෙනා දැක්ක ගමන් පේනවා නිලියෝ වගේ සැර සුවද විලවුන් ගාලා මේකප් තවරන් හිටියට අසරණකම නිසා මේ තත්වෙට වැටුනු අය කියලා...
"දැන් කොහොමද වෙඩිම නවත්තන්නේ..." හෙෂිත් ආයේ ඇහුවා...
" වෙරි සිම්පල් ප්ලේ කරමු උබේ අක්කා වගේ ඉන්න කුඩම්මගේ විඩියෝ එකක්...." ලවාන්ත් කියද්දි හතර දෙනාම බලන් හිටියෙ කියන කුනුහරැපෙ තේරැම්ගන්න බැරැව...
" මතක නැද්ද... ඕකි හිටියේ අපේ ඒරියා එකේ තියෙන පොට් එකක්... එතනට ගිය මගේ එකෙක් ලග ඕකිගෙයි උගෙයි විඩියෝ එකක් තියෙනවා... වේස ගෑනු.." එහෙම කියපු ලවාන්ත් තමන්ගෙ දුරකථනෙ තිබ්බ විඩියෝවක් දුලාන්ට වට්ස් ඇප් කරා..
" තැන්කියු මචන්.... උබට මගෙන් මොනාද ඕනේ..."
දුලාන් කිව්වේ ලවාන්ත්ව බදාගන්න ගමන්...
" වෙඩින් එකේ ප්ලේ කරන්න එපා... ඒක අංකල්ටත් හරි නැනේ බං... ගිහින් ඕක පෙන්නපන් එකිවත් තියලා..." දුලාන්ගේ පිටට තට්ටු කරලා ඔහු එහෙමම ඉදගත්තා... ඉතින් කට්ටියගේ කතාවෙන් කතාව උදේ ඉදන්ම බෝතල්වලට වග කිය කිය හිටියේ... පූල් එකේ බැහැලා විස්කි විදුරැ තොලගගා හිටපු තිනුක ඇවිත් කෙල්ලෝ දෙන්නවත් එක්කන් ගියේ ඔහු වෙන්කරලා තිබ්බ කාමරේට... කෙල්ලෝ දෙන්නා ලවාන්ත් දිහා බලද්දි ඔහු ඇස්වලින් කිව්වේ යන්න කියලා... එතනින් යන ගමන් තිනුක ගියේ ලවාන්ත්ට පහක් ගහගෙන...
"අරෑ මාරයිනේ බං... දෙන්නවම අරන් ගියා..." සචින් කිව්වේ හිනාවෙවී...
" මං අර පොඩි එකීව ගන්න හිටියේ..." ඒ දුලාන්...
YOU ARE READING
Evil Rain 01 (නපුරු වැස්ස 01 )
Romance"මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස " ☔️ නපුරු වැස්ස 🌧 ආදරෙන් මත් වෙච්ච ඔහුගෙයි මගෙයි ලෝකය නපුරු වැස්සක්ව විත් නුඹ සෝදා දැමූ අපූරුව වෙනස් රසක් යැයි කියමින් මට මත් වූ අපූරුව නූබේ විනාශයට කල්මරන මා ලගට කරගන්නා අපූරුව සත්තයි නොදනිම...