Napuruwessa 31

197 7 0
                                    

නපුරු වැස්ස ( 31 වෙනි සද )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

'හෙලෝ..කියන්න අයියේ..' රෙෂාන් බාතෘම් එකේ නිසා එයාගේ ෆෝන් එකට ආපු කෝල් එක මම ආන්සර් කරේ දුරකථනේ තිරේ වැටුනු නම දකිද්දී කේන්තියක් ඇතිවෙද්දී..

' ඉක්මනට ෆෝන් එක දෙන්න ‍රෙෂාන්ට..හදිසියක්..' කලණ එහෙමත් නැත්නම් රෙෂාන්ගේ සහචරයෝ රෑනේ රෙෂාන්ට ලගම එකා කිව්වොත් නිවැරදියි..කලණගේ තිබ්බ හදිසිය මොකක් වුනත් ආයෙත් මොකක් හරි කියන්න මං දැනගෙන හිටියා..

' එයා නෑනේ..මෙහේ ඉන්න යාළුවෙක්ගේ ගෙදර ගියා..ෆෝන් එක චාර්ජ් එකේ දාලා ගිහින් තියෙන්නේ..'මං කේන්තියෙන් වුනත් සැක නොහිතෙන්න සාමාන්‍ය විදිහට කිව්වේ..

' මාර සීන් එක බං..කාව හම්බෙන්නද ගියේ..මෙහෙ ලොකු ප්‍රශ්නයක්..'

' මොකක්ද ප්‍රශ්නේ..' මගේ හිතෙත් අනියත බියක් ඇතිවුනේ නැහැ කිව්වොත් බොරුවක්...

' ඇයි අයියේ මොකක්ද ප්‍රශ්නේ..'

' පොඩ්ඩලාගේ වත්තේ එකෙක්ට අරුන්ගේ උන් ගහලා..' කලණ කියද්දී මගේ බඩත් එක්ක කොර වුනා වගේ..

' හේතුව..?' මං ඇහුවේ එච්චරයි..

' ක්‍රිකට් මැච් එකක් තිබ්බා..පොඩ්ඩලාගේ වත්තේ කොල්ලොත් සෙල්ලම් කරලා..අරුන්ගේ වත්තේ වුනුත් ඇවිත්..මැච් එකේ සීන් එකකට..'

' අනේ එහෙමද ? ඉන්නකෝ මං රෙෂාන් ආව ගමන් කියන්නම්..ඔයා තියන්නකෝ අයියේ දැන්..මං බලන්නම් අද මෙයා හම්බෙන්න ගිය යාළුවාගේ නම්බර් එක ෆෝන් එකේ ඇති..' මම පුදුම කලබලේකින් කිව්වේ..

' හරි හරි හරි..' කලණයා ෆෝන් එක තියලාත් ඉවරයි..

' ආවා මෙතන නඩු අරගෙන..ඇයි රෙෂාන් සාම විනිසුරුද මේකාට ඔක්කොම කියන්න...' මට අසූ හාරදහට කේන්තියි..කලණයා ඉස්සරහා රගපාලා ඊටත් මහන්සියි....‍රෙෂාන්ගේ ෆෝන් එකෙන් කලණගෙන් ආපු කෝල් එක මකලා දාලා මං ගේ ඇතුලට යද්දී රෙෂාන් තුවායකුත් ඉනවටේ ඇදගෙන අතේ තිබ්බ කුඩා තුවායෙන් පිස්සෙක් වගේ වැවිලා තියෙන කොණ්ඩේ පිහිදගෙන ගමන් මං දිහාවට ආවා..මගේ අතේ තිබ්බ එයාගේ ෆෝන් එක දැක්කත් ගානක් නැතුව මගේ කම්මුලටත් සිපුමක් තියාගෙන එලියට යද්දී මං ගානක් නැතුව කාමරේට ගියේ මං කලණ එක්ක කතා කරපුවා ඇහුනාවත්දෝ කියලා හිතන ගමන්....

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Donde viven las historias. Descúbrelo ahora