නපුරු වැස්ස ( දොළොස්වෙනි වැස්ස )
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි⚡️" මේ අයියත් එක්ක තමා ඉලෙක්ෂන් එක ඉවර වෙනකම් වැඩ කරන්න වෙන්නේ.." රුවන් කියද්දි ඔහු එක්ක හිටපු තරුණයා ඉදගෙන හිටපු තරුනයට අත දික් කරද්දි ඔහුත් නැගී සිටියා..🤝
" හායි මචං.. මං ලවාන්ත් ලුවීශ..." ⚡️
" ගිෂෝන් ආග්‍ර..." ☂️
🤝🤝🤝
ආග්‍ර අත මුදවගෙන වාඩිවෙද්දි ලවාන්ත් ඔහු අසලින්ම ඉදගත්තා..ලවාන්ත්ගෙ හිත කියන්නෙම ආග්‍රව මීට පෙර හමුවෙලා තියෙනවා..ඒ නිසාමයි ඔහු ආගී දිහා බලාගෙන හිටියෙ.. ආග්‍ර ඔහු දිහා වරක් හැරිලා බලලා රුවන් දෙසට හැරුනා..
" එහෙනම් සර් අපි කතා කරගත්තු විදිහටම වැඩේ කරමු.. ඉලෙක්ෂන් එකට අන්තිම සතියෙ මන් කෝල් එකක් දෙන්නම්.." ආග්‍ර කියද්දි රුවන් හිස වැනුවා..
" මට මල්ලිගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද..." ආග්‍ර ඊගාවට හැරුනේ ලවාන්ත් දිහාට..
" ෂුවර් අයියා.." ලවාන්ත් කියද්දි ආග්‍ර ඔහුගේ ෆෝන් එක හෙව්වත් තිබ්බේ නෑ..ඔහු නැවත වරක් කලිසම් සාක්කුවේ බැලුවත් ෆෝන් එක නැහැ..
" ෆෝන් එක ගර්ල්ගේ අතේ තිබ්බෙ.. එයා වාහනේ ඉන්නේ...ඔයා කෝල් එකක් ගහන්නකෝ මං සේව් කරගන්නම්.." ආග්‍ර කියද්දි ලවාන්ත් හිස වනාගෙනම ඔහුගේ දුරකථනය අතට ගත්තා..
" 07694756**..." ආගී කියන දුරකථන අංකයට ලවාන්ත් කෝල් එකක් යවලා කට් කරලා ආග්‍රගෙ අංකය සේව් කරගත්තා..
" එහෙනම් අපි යන්නම්.." ආග්‍ර එහෙම කියාගෙනම නැගිටිද්දි කොල්ලෝ ටිකත් නැගිටගත්තා ..
" යනවා ඇමතිතුමා..." ආග්‍ර එහෙම කියාගෙනම එලියට යද්දි කොල්ලෝ ටිකත් ඇමතිතුමාට කියලා එලියට ආවා..ලවාන්ත් ඔවුන් පසු පසින් ඇවිත් උඩු මහලේ කොරිඩෝවේ අත්වැටට බර දීලා ඉද්දි කොල්ලො ටික පහලට බැහැගෙන ගියේ ඔහුටත් කියාගෙනමයි..රථගාලේ නවත්තලා තිබ්බ සුදු පැහැති කේඩීඑච් වෑන් රියකට නැගලා කොල්ලෝ ටික ලවාන්ත්ටත් අත වනාගෙන යද්දි ඔහුත් අතවැනුවා.. ඒ එක්කම ඉස්සරහ ෂීට් එකේ හිටිය කෙල්ලෙකුත් පිටත බලද්දි ලවාන්ත්ව ගැස්සිලා ගියේ ඒ රෑපේ ආරන්‍යා වගේ හින්දා..ඈතට පෙනුනා නිසා පැහැදිලිව පෙනුනේ නැතත් ඈව දැක්ක ගමන් ඔහුගේ හිත ගැස්සුනා..
VOUS LISEZ
Evil Rain 01 (නපුරු වැස්ස 01 )
Roman d'amour"මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස " ☔️ නපුරු වැස්ස 🌧 ආදරෙන් මත් වෙච්ච ඔහුගෙයි මගෙයි ලෝකය නපුරු වැස්සක්ව විත් නුඹ සෝදා දැමූ අපූරුව වෙනස් රසක් යැයි කියමින් මට මත් වූ අපූරුව නූබේ විනාශයට කල්මරන මා ලගට කරගන්නා අපූරුව සත්තයි නොදනිම...