Napuruwessa 15

439 11 0
                                    

නපුරු වැස්ස (15 වෙනි වැස්ස )
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි⚡️

' නිශාන් අර වැඩේ කතා කරගන්න ඕනේ ' ආග්‍ර නිශාන්ට කෙටි පණිවිඩයක් යවාගෙනම ගෙට ඇතුල් උනා... ආරන්‍යා තේ බන්දේසියත් අරන් ආවේ ඒ වෙලාවේ..

' ඌ ගියා...' ආග්‍ර එහෙම කියාගෙනම කෙල්ල දිහාවත් නොබලා කාමරේට යද්දි ආරුට ඔහුගේ අමුත්තක් දැනුනත් කෙල්ලට බයයි ඒ ගැන අහන්නත්..ඒ නිසාමයි කෙල්ල මුකුත් නොකියා තේ බන්දේසිය එහෙමම තියලා ආග්‍ර පිටුපසින් කාමරේට ඇදුනේ..ආග්‍ර සයනයේ දිගාවෙලා ලොකු කල්පනාවක..ආරන්‍යාත් ඔහු ලගින්ම ඇලවෙද්දි කොල්ලා ආරු දිහා බලලා ඇයි කියලා ඇහුවේ ඇස්වලින්...කෙල්ල මුකුත් නැ කියන්න වගේ ඔලුව වනලා ආග්‍රගේ පපුව උඩින් හිස තියාගත්තා..

ආග්‍රට කේන්තියි කෙල්ල ලවාන්ත් ඉස්සරහ වැද වැටුනු විදිහට..වෙන දේකදි වගේනම් කෙල්ල ගුටිකාලා..ඒත් මේ වෙලාවේ ලවාන්ත් ගැන අහලා කෙල්ලව බය කරන්න ආග්‍රට උවමනාවක් නෑ..මේ ප්‍රශ්නේ නිසා ආරන්‍යා කොච්චර මානසිකව වැටිලද කියන්න්න ඔහු දන්නවා...ඒ වගේම ඒ අමිහිරි මතකයන් ලේසියෙන් ඈත්වෙන දේවලුත් නෙවේ..ඇත්තම කිව්වොත් මෙතන ආරුට වඩා විදවන්නේ ආග්‍ර..ඔහුගේ රිදෙන්නේ හදවත..තමන්ගේ ඇස් මානයේ හැදුනු පුන්චි දගකාරිය සල්ලාලයෙක්ගේ අතින් මිලින වෙලා ගිහින්..දරාගන්නේ කොහොමද ඒ හිත...එහෙම වෙන්නේ කොහොමද..ඔහුට ඇයව මග හැරුනේ තත්පර ගානයි..ඒ තත්පරගාන සිදු කෙරු විනාශයක්..

ආග්‍ර කල්පනා කරන්නේ තමා ගැන කියන්න ආරන්‍යාත් නොදන්නවා නෙවේ..කෙල්ලට බයයි ආගීට ඇයව එපා වෙයි කියලා...ඉවසලා බැරිම තැන ආරන්‍යා හිමීට ඉස්සිලා කොල්ලගේ දෙතොල්වලට බරවුනා...ආග්‍ර කෙල්ලගේ එ අනපේක්ෂිත හැසිරීමෙන් ' මේ මොකද' කියලා වගේ හිනාවක් දැම්මත් ආරන්‍යා දෑස්වලින් අමුතු විදිහට හිනාවුනා නිසා ආග්‍රත් ඒ විදිහෙම හිනාවක් කෙල්ලට පෙන්නලා ඒ දෙතොල් අල්ල ගත්තා..

" දැන් ඔක්කොම හරිනේ...තවත් මොනාද අහස පොළව ගැටගහන්න කල්පනා කරන්නේ..." හේෂිත් කිව්වේ හාන්සි පුටුවක දිගාවෙලා ඇස්දෙක පියාගෙන ඉන්න ලවාන්ත්ට.. ආරන්‍යාගේ ගෙදරින් ඇවිත් රුවන් අතට ෆයිල් එක දීලා ලවාන්ත් කෙලින්ම ආවේ හේෂිත්ගේ ගෙදරට..

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) حيث تعيش القصص. اكتشف الآن