නපුරු වැස්ස ( දහවෙනි කොටස )
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි⚡️" ආගී...." ආරු චූටි පලතුරු වට්ටියක් අතේ තියාගෙන කොල්ලගේ අතක පැටලුනා..ආග්‍ර කෙල්ලවත් එක්කන් දවස් හතර පහකට කතරගම ආවේ ආරු කැමතිම මේ පූජා නගරයට නිසා..
සුදු වේට්ටියක් ඇදලා අත් කොටස කමිසයක් ඇදලා ලොකු පළතුරු වට්ටියක් උස්සන් යන ආග්‍රගේ තිබ්බේ අමුතුම ලුක් එකක්...දිග ප්ලෙයාඩ් සුදු ගවුමක් ඇදලා ආග්‍ර ලගින් චුට්ටෙට චුට්ටේ ඇවිදින්නේ අපේ ආරන්‍යා..නිශාන් නිර්මාලුත් දෙන්නත් එක්ක ඇවිත් හිටියා..විෂ්ණු දේවාලයට පළතුරු වට්ටි පූජා කරලා වැද පුදාගෙන ආග්‍ර ප්‍රාර්ථනාවක් කරා..
" මගේ ආරුට මේ දේ කරපු තිරිසනාව හොයාගන්න ලැබෙන්න ඕන..." ඔහුගේ හිතේ එකම අරමුණ ඒක.. ආරන්‍යාගේ කටින් ඒ දේ ගන්න බෑ වගේම ඒ අහන්නෙ නැතුව ඉන්නත් කොල්ලා තීරණේ කරේ කෙල්ලගේ මානසික තත්වේ ගැන හිතලා..ඒත් ආරුගේ ප්‍රාර්ථනාව උනේ ඒක අනිත් පැත්ත...
" ආගීට කවදාවත් උන් ගැන දැනගන්න තියන්න එපා... " ආරන්‍යා ඇස් වහගෙනම මිමිණුවා.. ලවාන්ත් කාගේ කවුද කියලා කියන්න නොදන්නවා උනත් කෙල්ල දන්නවා ඒ වගෙ දෙයක් බය නැතුව කරන්නනම් ඔහු එසේ මෙසේ චරිතයක් වෙන්න බෑ කියලා..ආග්‍ර කියන්නෙත් ලේසි පහසු කේන්තිකාරයෙක් නොවෙන නිසා කෙල්ල බයයි ලොකු විනාශයක් ඇතිවෙයි කියලා.. ආග්‍ර නිර්මාල් එක්ක කතාවක ඉන්න නිසා කෙල්ල චුට්ටක් ඇවිදින්න කියලා හිතාගෙන දේවාල භූමියේ එක් පැත්තකට ගියේ ආග්‍ර ඇස්වලින් අවසර දෙද්දි.. ඒ නිසාම කෙල්ල ආසාවෙන් එලියට ආවේ මේ වගේ පූජා භූමිකය ලවාන්ත් වැනි තිරිසන්නු හම්බෙන් නෑ කියලා දන්න නිසා..සෙනගත් වෙනදාට වඩා අඩු නිසා පූජා භූමිය
ආරන්‍යාගේ වෙහෙසකර හිතට මහගු ඔසුවක් වෙලා තිබ්බේ..කෙල්ල පඩියක් උඩට වෙලා ඉදගෙන හිටියේ ඉන්ස්ටා එකේ සැරිසරන ගමන්.. ආග්‍ර එක්ක ගත්ත පොටෝ එකක ඔහුගේ මූණට ඉමෝජියක් දාලා කෙල්ල අප්ලෝඩ් කරා..කෙල්ලට ඈතින් ලොකු කොළු නඩයක් හයියෙන් හිනාවෙවි ලොකු කතාවක...ආරන්‍යා සද්දෙන්ම යන ඒ කතාබහ දැක්කේ අහම්බෙන්.. කොල්ලෝ දිහා බලන එක හරි නෑ කියලා දැනුන නිසා කෙල්ල ඉක්මනට හිස හරවගන්න ගියත් මොහොතකට ගල් ගැහිලා ගියේ ඇස් දකින්නේ බොරුවක්ද කියලා සඵත කරගද්දි...
YOU ARE READING
Evil Rain 01 (නපුරු වැස්ස 01 )
Romance"මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස " ☔️ නපුරු වැස්ස 🌧 ආදරෙන් මත් වෙච්ච ඔහුගෙයි මගෙයි ලෝකය නපුරු වැස්සක්ව විත් නුඹ සෝදා දැමූ අපූරුව වෙනස් රසක් යැයි කියමින් මට මත් වූ අපූරුව නූබේ විනාශයට කල්මරන මා ලගට කරගන්නා අපූරුව සත්තයි නොදනිම...