Episode 57

90 4 0
                                    

නපුරු වැස්ස ( 57 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

'  අක්කේ අක්කේ...ඔයා දන්නවාද මොකද වුනේ කියලා..'  උපේඛා අක්කා ඇමතුමට සමබන්ධ වෙනවා එක්කම මම කෑගහලා වගේ කිව්වේ පාරේ ඉන්නවා කියලා ගානක් නැතුව..මට කදුලුත් ඇවිත්..ඒ ඇයි කියන්න මංවත් දැනගෙන හිටියේ නෑ...

' ඇයි මොකද වුනේ..' අක්කාගෙ කටහඩේ නම් තිබ්බේ බයක්..සමහරවිට ඒ මම කෑගහපු නිසා වෙන්න පුලුවන්..මම එක හුස්මට වෙච්ච හැමදේම පුලුවන් තරම් වේගෙන් වගේම පැහැදිලිව කියාගෙන ගියේ ඒ සිදුවීම කියලා ඉවර වෙනකම් මට ඉස්පාසුවක් නැති හින්දා...මම පිස්සුවෙන් වගේ කියෙව්වා කිව්වොත් හරි..ඒකට හරියන්න උපේඛා අක්කත් ඒ ගැන තවත් සවිස්තරාත්මකව මගෙන් අහනවා...

' අපි කිව්වා නංගී..දැන්වත් තේරුම් ගන්න..මං කිව්වේ ලගදිම ඉස්සරහාට එයි කියලා..'

' අනේ අක්කේ ඒත් මම දැක්කේ නෑනේ හරියට..' හිත කොනකින් ආයෙමත් ඒ ඔවේන් නෙවේ කියලා දැනෙන්න අරන්...

' අනේ මේ නංගී..ආයේ අපිව පටලන්න එපා..ඒ එයා තමා..' උපේඛා අක්කා ස්ථීර විදිහටම කියද්දී මම නිශ්ශබ්බද වුනේ මගේ හිත දෙපැත්තට අදින ස්වභාවය නවත්තගන්න..ඒකෙන් පස්සේ අපිට ඉතුරු වුන එකම ප්‍රශ්නේ ඔවේන් මේ සෙල්ලම් කරන්නේ මොකටද කියන එක..එයා මේ කරන වැඩේ තේරුම මොකක්ද කියන එක..මම හැමදේම ආචනා එක්ක කියද්දී ආචනා කරේ හිනාවුන එක විතරයි..එයා නම් කලින් ඉදන්ම හිටියේ ඒ ඔවේන් කියන මතේ නිසා එයා ඒකෙන් පුදුම වුන බවක් පෙනුනෙ නෑ..

' මං දෙයක් ඇහුවොත් මට ඇත්ත කියනවාද ? ඔයාගේ හිතේ චූටිම හරි කැමැත්තක් නැද්ද ඔවේන් ගැන..' ආචානා අහද්දී මම කරේ ලාවට හිනාවුන එක...

' නෑ ආචනා..මම හැපි එකේ ඉන්න නිසාද ඔයා එහෙම ඇහුවේ..මට හැපි..පට්ටම හැපි..මොකද මාස ගාණක් අපි මේ කවුද කියලා හෙව්වා..ඉතින් හැපි නොවී කොහොමද ? ඒත් මගේ හිතේ නම් ආයේ මේ කපේට කාටත් කැමැත්තක් ඇතිවෙන එකක් නෑ..මට නම් කාවත් එපා..මට ඕනෙ නිදහස..' මම ඇත්තටම මගේ හිතට දැණුන සිතුවිල්ල ආචානා එක්ක කිව්වේ...මගේ පැහැදිලි ස්ථීර කටහඩෙන් ආචනාට වුනත් ඒක පැහැදිලි වෙන්න ඇති...

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Opowieści tętniące życiem. Odkryj je teraz