නපුරු වැස්ස ( 28 කොටස)
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි ⚡️' නතින්ග්..කිචන් එකේ කී දෙනෙක් විතර වැඩ කරනවාද..?' ලවාන්ත් ආයෙත් සැරයක් මුළුතැන්ගේ වටා ඇස් ගෙනියන ගමන් ඇහුවා..
' සෙවෙන්ටි සික්ස් වගේ ඉන්නවා..අදනම් ෆෝර්ටී වගේ ඉන්නේ..නයිට් ෂිෆ්ට් එකේ අය..'
'අහ්..තෑන්ක්ස්..' ලවාන්ත් එහෙම කියාගෙනම ජෝයිගේ උරකට තට්ටුවක් දාගෙන එලියට ආවා.. සෝපානයට ගොඩවෙලා බොත්තම ඔබාගෙනම එහි විදුරු බිත්තියට හේත්තුවක් දාගෙන ලවාන්ත් දෑස් පියාගත්තා..
' ලවී උබ මොකද්ද කරන්න හදන්නේ...' ඔහු තමාටම කියාගෙන හිස කසන ගමන් හිනාවුනේ සෝපානය තුල ඇති වීදුරුවේන් පේන ඔහු දිහා බලාගෙන...
ගතේ මහන්සියට සයනයට වැටුනට මොකද නින්දනම් අහලකටවත් ආවේ නෑ වගේ දැනුනේ..ඒ නිසාම දුරකථනය ගෙන ඉන්ස්ටග්‍රෑම් එකේ වටයක් ගහන්න ගත්තේ තමන් ලංකාවට කිසි කරදරයක් නැතුව පැමිනි බව කියමින් පින්තූරයක්ද පල කරමින්.. බලාගෙන ඉද්දී කොල්ලගේ විදේශ යාලුවෝ එයට පිලිතුරු දෙද්දී ලවීත් ඔවුන්ට පිලිතුරු යැව්වා..ඔහු මොහොතක් බලාගෙන හිටියේ ඉන්ස්ටා එකේ ඔහු ගැන ඔහු විසින් පල කරලා තිබ්බ හැදින්වීම දිහා..
' මටනම් පිස්සූ..' ඔහු එහෙම හිතාගෙන එය මකා දමන්න හදලාත් ආයෙමත් එහෙම තිබ්බේ සුපුරුදු විදිහට හිත තහංචි දමද්දී..
----------------------
ආරන්‍යා උදේම නැගිට්ටේ සන්සෙව්ව ඉස්කෝලෙට දාන්න යන්න ඕන නිසා.. කොහොමත් පොඩි එකාත් ගොඩාක් ආසයි ගෙදර ඉන්නවට වඩා ඉස්කෝලේ යන්න..ශිහානිලාගේ ගෙදර ඉද්දීනම් මාධව කොල්ලව ඉස්කෝලේ ලගින් දාගෙන ගියාට පොඩි එකා ගෙදර ඉන්න දවස්වලට ආරන්‍යා තමා ඇයව ඔහුව එක්ක ගියේ.. පුංචි කොල්ලවත් ලෑස්ති කරලා සාලෙන් ඉන්දවලා ඇවිත් ආරන්‍යා අදින්න ගත්තා.. කෙල්ල සන්සෙව්ගේ ඉස්කෝලෙට යද්දී තියෙන හොදම ගවුම් දෙක තුන ඇදන් ගියේ අනෙක් අය ඉදිරියේ වෙනසක් නොවී පේන්න.. අසරණ විදිහට හෙම්බත් පෙනුමෙන් හිටියොත් ඒක පුංචි සන්සෙව්ට බලපායි කියලා කෙල්ලට දැනුනේ පාසලට එන අමුතු මාදිලියේ මිනිස්සු දැකල..
VOUS LISEZ
Evil Rain 01 (නපුරු වැස්ස 01 )
Roman d'amour"මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස " ☔️ නපුරු වැස්ස 🌧 ආදරෙන් මත් වෙච්ච ඔහුගෙයි මගෙයි ලෝකය නපුරු වැස්සක්ව විත් නුඹ සෝදා දැමූ අපූරුව වෙනස් රසක් යැයි කියමින් මට මත් වූ අපූරුව නූබේ විනාශයට කල්මරන මා ලගට කරගන්නා අපූරුව සත්තයි නොදනිම...