Episode 56

74 3 0
                                    

නපුරු වැස්ස ( 56 වෙනි කොටස)
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ෂිහ්..මේ වැස්සත් අම්මපා මං එලියට බහිනකම්ම හිටියානේ..' මගේ මූණත් එක්ක මැලවිලා තිබ්බේ දුකට..ඒ එක්කම තද හුලගක් හමාගෙන ආවේ මම දෑතම පපුව හරහා බැදගෙන වෙව්ලද්දී..වහලා තිබුන කඩපේලිය යටට වෙලා හිටියාට මොකද හුලගට එන වැහි බිංදු අපිව තෙමන්න අරන් තිබ්බේ..

' මාර වැඩේ වෙන්නේ දිගටම වැස්සොත්..' අම්මා වැස්ස දිහා බලාගෙන කියද්දී මම එතනින් එලියට ඇවිත් අහස දිහා බැලුවා..

' මොකද ළමයෝ තෙමෙන්නේ..'

' අහ් මේක පොඩි වැහි වළාවක්..අර පැත්තට වහින්නෙ නෑ..දැන් මෙහෙම මුහුද පැත්තට යන්නේ..අපිටත් ඕනේනම් මේක මෙතනින් ගියාට පස්සේ තෙමෙන්නේ නැතිව මේ පස්සෙන් යන්න පුලුවන්..' මම හිනාවේවීම ආයෙත් කඩපේලිය ඇතුලට ආවේ කොණ්ඩේ ගසන ගමන්..දැන් ඉතින් කොණ්ඩේ කපුටු කූඩුව වෙලා මම තෙමුණ කිකිළි වගේ ඇති...

' ඔයාත් පිස්සු කතා කියවන්නේ..' අම්මා හිනාවුනේ මම කියපු දේට..ඒත් මම කිව්වේ පිස්සු නෙවේ..ඒක පොඩි කලු වැහි වලාවක්...

' අම්මේ මං තෙමෙන්නම්...'

' පිස්සුද වින්කි මෙහෙට වෙලා ඉන්න..'

' අනේ අම්මේ මං දැනටම තෙමිලානේ..' මම එහෙම කියාගෙන එලියට පැන්නත් අම්මා ටිකක් දැඩි විදිහට 'වින්කි' කියලා කිව්ව නිසා මම රවාගෙන තොලකුත් පිට පෙරලගෙන අම්මා ලගට ආවේ ඒ වෙලාවේ එතනින් ගිය මනුස්සයෙක් අම්මා එක්ක හිනාවෙද්දී...

' වැස්ස නේද ? ' අපේ පැත්තේ මනුස්සයෙක් එහෙම කියාගෙන දුවද්දී මට හිතුනා "නෑ හොදටම පායලා" කියන්න..මං බැලුවේ ඒ මනුස්සයා තෙමි තෙමි දුවන දිහා..ඒ එක්කම වේගෙන් කඩාගෙන වාහනයක් එනවා දකිද්දී මම ඒ හුරුව නිසාම ඒ වාහනේ දිහා බැලුවා..මොකද මම ඇවිදින්න යන හැම වතාවකම ඔය වාහනේ පාරේ නවත්තලා තියෙනවා දකින නිසා..මම පලවෙනි වතාවට දැක්කේ ඒක පාරේ යනවා..නැත්නම් දකින දකින වෙලාවට තිබ්බේ පාකින් එකේ..පර්මිට් වාහනයක්..ඒක කඩාගෙන ගියේ අපි දැන් යන්න හදන පැත්තට...ඒ එක්කම මෙතුවක් දවස් මගේ මොලේ නිදන්ගත වෙලා හිටිය රහස් පරීක්ෂකයා ඇක්ටිව් වුනා..

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Donde viven las historias. Descúbrelo ahora