Napuruwessa 47

67 3 0
                                    

නපුරු වැස්ස ( 47 වෙනි කොටස  )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

රෙෂාන් එකපාට මගේ තොල්වලට පාත්වෙද්දී මම උපරිම දැගලුවේ රෙෂාන්ගේ යෝධ අත්වලට තදවෙලා තියෙන මගේ අත් මුදෝගන්න..එහෙම බැරිවෙද්දී මම ඒ දෙතොල් තදින්ම හැපුවේ මගේ හිතට දැනුන තරහාටත් එක්ක..ඒ එක්කම රෙෂාන් එහාට වුනේ කෑගහගෙන වගේ...හැබැයි ඒ ක්ෂ්ණිකම රෙෂාන්ගේ අත දිග හැරලා පාරක් මගේ කනටම ගැහුවේ එයාට දැනුන වේදනාවට වෙන්නැති..

' මොකක්...ද...827234 තොට ...වෙලා..ති..' රෙෂාන් කෑගහගෙන යකෙක් වගේ කතා කරත් මට පෙනුනේ ඒ තොල් හෙලවෙනවා විතරයි..ඒ වගේම එයා කියන දෙයින් වචනයක් දෙකක් ඈතින් වගේ ඇහුනේ..රෙෂාන්ගේ අත ඇවිත් මගේ කනේ නවතිද්දී මට එකපාට දැනුනා මොලේ හෙලවිලා වගේ ගිහින් එක දිගට කීන් ගාන සද්දේ... මොහොතකට ඇස් අදුරුවෙලා ගිහින් ආයෙමත් පෙනුනත් මාව කැරකෙනවා වගේ දැනුනේ..රෙෂාන් කෑගැහුවත් මට කතා කරගන්නවත් බැරිවුනේ තවමත් කීන් හඩත් එක්ක මම නැවතිලා තියෙද්දී..අතක් පයක් හොලවගන්නවත් බැරිව , වචනයක් කතා කරගන්නවත් බැරිව මාව තත්පර ගානක් ගල්වෙලා වගේ තිබ්බේ...එකපාට රෙෂාන් කියන වචනයක් දෙකක් ඇහෙන්න ගද්දියි මං පහර වැදුන කන අල්ලගත්තේ අඩාගෙනමයි..ඒ තරම් රිදුම් දීමක් දැනෙද්දි මම අතගාලා බැලුවේ ලේ එනවාද කියලා..

' මගේ කන මොනාහරි වෙලා..' මට බයටම කියවුනේ එච්චරයි...ඒ තරම් රිදවීමක් මට කලින් කිසිම අවස්ථාවක දැනිලා තිබ්බේ නැහැ...රෙෂාන් එයාගේ තොල අල්ලගෙන මහපට ඇගිල්ලෙන් කිහිපසැරයක් පිහිදාන්නේ මට බැන බැන..මට සද්දෙන්ම ඇඩුනේ මම මැරෙයි කියලා හිතුන නිසා..

' අනේ මගේ කන රිදෙනවා..මට ඇහෙන් නෑ වගේ..' මම අඩාගෙනම කනත් අතගාන ගමන් නැගිට්ටේ අම්මා ලගට යන්න..ඒ එක්කම රෙෂාන් මාව ඇදලා අරන් මගේ මූණ හරවලා කන ලගින් අත තිබ්බේ මට වේදනාවට කෙදිරි ගැහෙද්දී..මගේ නහයෙන් හොටුත් බේරෙනවා..මුළු මූණම කදුලුවලින් තෙමිලා..

' මේ බොරුවට අඩන්න එපා..මම තමුසෙට හයියෙන් ගැහුවේ නෑනේ..හිමීට වැදුනේ..' රෙෂාන් කියද්දී මට මරන්න තරම් කේන්තියක් දැනුනත් මම කටපියාගෙන හිටියේ කනට වැදුන පාරේ තරම නිසා තවමත් කැරකෙන ගතියේ වෙනසක් නොවෙද්දී..

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Where stories live. Discover now