Napuruwessa 42

85 3 0
                                    

නපුරු වැස්ස ( 42 වෙනි වැසි දවස)
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ඔයාට පිස්සුද සයූ..ඒ ඔවේන් නෙවේ..' මගේ කට ඝාන්ටාරේ වෙලා පුදුමය වැඩිකමට..

' අනික හෙල්මට් එක දාලා ඉන්න මනුස්සයෙක්ව ඔයා අදුරගන්නේ කොහොමද ?...ඔයා දැක්කෙත් දැන්නේ එයාව..අනික ෆොටෝ එකෙත් හරියට පේන්නේ නෑ..මාස්ක් එකක් දාගෙන ඉන්නේ..' සයූ කිව්ව දේ මට සතපහකට විශ්වාස නෑ..මම ඒ කොල්ලෝ දෙන්නාව ඈතට දැක්කේ.. අනික දෙන්නම හෙල්මට් දාලා හිටියේ..ළගට එද්දිම වගේ මම සයූ එක්ක කතාව නවත්තලා ඉස්සර වුනා..මම ආයේ එද්දිවත් නිකමටවත් හැරිලා බැලුවේ නැහැ..කොහොමත් මං අවට ඉන්නේ කවුද? මොන වගේද ? ලස්සනද ? කැතද ? කියලා හොයන චරිතයක් නෙවේ..මං මගේ දේවල් කරලා එන කෙනෙක්..හැබැයි අමුත්තක් දැනුනොත් මට ඔලුවේ පිටිපස්සෙත් ඇස් තියෙනවා වගේ ඉක්මනට නෝට් වෙනවා..හරියට අර මනුස්සයෝ දෙන්නා වගේ..

' ඔයා දගල දගල පහලට වෙලා ඉස්සර වෙලා ගියානේ..නිකමටවත් හැරිලා බැලුවද..මගේ අම්මා පල්ලයි මේ ඒ කොල්ලා..මම එතනින් එද්දී  ඔවේන් එහාට වුනා මට එතනින් යන්න..'

' ඔයා ඒ කොල්ලා දිහා බැලුවාද? අනික එතන සෑහෙන්න කරුවලයි..' සයු ඔලුවෙන් හිටගෙන කිව්වාත් මම විශ්වාස කරන්නේ නෑ ඒ ඔවේන් කියන එක..මොකද ඔවේන් වගේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගැවසෙන බීච්වලට එනවා අඩුයි..එයාලා සාමාන්‍යයෙන් බීච් යන්නේ ලොකු හෝටල් අසල තියෙන වෙරළ තීරවලට..අනික ඔවේන් බයික් එකක එනව කියන එක විහිලුවක්..මොකද එයාගේ තාත්තාගෙ පපුව පැලෙයි කොල්ලා බයික් එකක ගියා කිව්වොත්.. ඒ තරම් ආරක්ෂාවක් දීලා ඕවේන්ව පරිස්සම් කරේ.. මම ඒ ගැන හොදටම දන්නේ මගේ අයියා කෙනෙක් වැඩ කරන්නේ ඔවේන්ගේ තාත්තා ලග නිසා..එයා ආවම හිටපු ගමන් ඔය ලොකු මිනිස්සුන්ගේ රසකතා කියනවා..මං එවෙලට මට වැඩක් නෑ මූණක් තියාගෙන හිටියට හොද අවධානෙන් අහන් ඉන්නේ..

' මම හොරෙන් බැලුවා..පට්ට සුදුයිනේ..ඒ නිසා මං බැලුවා..' සයූ කිව්වේ ඇඹරි ඇඹරි වගේ..

' මං එවෙලෙත් හිත හිත ඔයා ඒ කොල්ලා දිහා රබර් ඇහැ දාලා බලයි කියලා....ඒ වුනත් මං හිතන්නේ ඒ ඔවේන් නෙවේ..ඒකා ඔහොම තැන තැන යන චරිතයක් නෙවේ..'

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Where stories live. Discover now