Napuruwessa 08

421 11 0
                                    

නපුරු වැස්ස ( අටවෙනි වැස්ස )
⚡️මේ ඉරණම ලියවෙන වෙලාවයි⚡️

" සුදුම සුදුයි.. උස කෙනෙක්.. අවුරුදු විසි දෙකක් වගේ.."ගිෂෝන් කලින් වගේම කියදදි ලවාන්ත් හෝටලේට ඇතුලුවෙලා යතුරත් කරක කරක ඇතුලට ගියේ කොල්ලවයි නිශාන්වයි පහු කරගෙන..ඒ එක්කම තරුනියෝ දෙන්නා ලවාන්ත් දිහා ඇස් ලොකු කරගෙන බයවෙලා වගේ බැලුවේ ගිෂෝන් අහන්නේ ඔහු ගැන නිසා...

තරුණියන් දෙදෙනා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න දිහා කොල්ලො දෙන්නා බැලුවත් ඔවුන්ට කාවවත් දකින්න බැරි උනා.. ලවාන්ත් ඒ වෙනකොටත් ඔවුන්ගේ ඇස් මානෙන් ඉවතට ගිහින් හිටියේ..

" සොරි සර් අපිට එහෙම විස්තර දෙන්න තහනම්..." කෙල්ලෝ දෙන්නා ටික වෙලාවක් පැත්තකට ගිහින් සාකච්ඡාවක යෙදිලා ඇවිත් කියද්දි ගිෂෝන්ගේ රතු කට්ට පැන්නා...

" අපිට සීසීටීවී චෙක් කරන්න බැරි වෙයිද..." නිශාන් කොල්ලට කලින් ඉස්සර වෙලා අහද්දි තරුණියො දෙන්නාට කියන්න යමක් තිබ්බේ නෑ..

" සාධාරණ හේතුවක් තිබ්බොත් පුලුවන්නම් සර්... සර්ලා පොඩ්ඩක් ඉන්න.. මං මේ ගැන ජී.එම් එක්ක කතා කරලා එන්නම්..." කෙල්ල සුහද විදිහට හිනාවෙලා කඩිසර ගමනෙන් හෝටලේ ඇතුලට යද්දි අනිත් තරුණිය හිස බිමට බර කරන් යමක් ලියමින් සිටියා..ජී.එම් ගේ රූම් එකට ඇතුල් උන කෙල්ල කලබලෙන් වගේ අඩියට දෙකට මේසේ ලගට දිව්වේ..

" මොකක්ද ප්‍රශ්නේ.." කලබලෙන් වගේ දොර ඇරන් කඩාවැදුනු කෙල්ලගෙන් ඔහු ඇහුවා...

" සර්... බෝයිස්ලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා.." කෙල්ල එතනින් පටන් ගත්ත කතාව ගිෂෝන්ලා කැමරා දර්ශන ඉල්ලපු අවස්ථාව වෙනකම්ම කියලා දැම්මා..

" එතකොට මේ අහන්නේ මිනිස්ටර් රුවන්ගේ පුතා ගැනද.." ඔහු බයවෙලා වගේ අහද්දි තරුණිය හිස වැනුවා..

" ඊයේ ඒ ගෑනු ළමයාව එක්ක ගියේ ලවාන්ත් සර් තමා.. මොකද සර් කරන්නේ..." තරුණිය දෑගිලි පටලමින් බයෙන් වගේ ඇහුවේ..

" මෙතන රුවන් සර්ට ප්‍රශ්නයක් වෙන දෙයක් වෙන්න දෙන්න බෑ..හොටෙල් එකේ 35% කොටස් තියෙන්නේ එයාලට..සීසීටීවී චෙක් කරන්න හදනවා කියන්නේ ලවාන්ත්ගේ අතේ වරදක් තියෙන්න ඕනේ..මොකද අපි මේකට කරන්නේ දරුවෝ..." ජී.එම් බයටම කල්පනා කරන්න ගත්තේ ඒසී එකේ වුවද නලල දෙපස දාඩිය වැගිරෙද්දි..තරුණියද දස අතේ කල්පනා කරේ මොකද කරන්නේ කියලා..

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Tempat cerita menjadi hidup. Temukan sekarang