Napuruwessa 58

127 4 0
                                    

නපුරු වැස්ස ( 58 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ඒ කිව්වේ..' මම කිව්ව දේට අක්කාගේ පිලිතුර වුනේ ඒක..

' අක්කේ පොඩ්ඩක් හිතන්න මෙතන වෙන දේ.. ඔයා කිව්වා මගේ අතින් නපුරු වැස්ස විදිහට ලියවුනේ මගේ අනාගතේ කියලා..එහෙම ගත්තොත් ඒ නපුරු වැස්ස කතාව තාම කම්ප්ලීට් නෑ..ඒ කිව්වේ ආරන්‍යාලට මොකද වුනේ කියන එක තාම හිස්තැනක්..තේරුනාද ? මේ හීන ඔවේන් එක්ක සම්බන්ධයි කියලා හිතෙන්නේ නැද්ද.. මම කියන්නේ රෙෂාන්ට වෙන දේ ගැන..' මගේ හිතට දැනෙන දේ තේරුම් කරන්න මට හරියට වචන හොයාගන්න බැරිව හිටියේ..

' අක්කේ මේ අහන්න..ඔවේන් මගේ ජිවිතේට ආවොත් ලොකු යුද්ධයක් වෙනවා..ඒක ස්ථීරයි..'

' ඔව් නංගී...ඔයාම කියනවා ඔවේන්ට දෙයක් ඕනේ කිව්වොත් කොහොමහරි ගන්න කොල්ලෙක් කියලා..අනික එයාට රෙෂාන් කියන්නේ සාමාන්‍ය කොල්ලෙක් විතරයි.. ඔවේන් වගේ ළමයි කැමති තරගයක් තියෙන දේවල්වලට.. ඒ වගේම රෙෂාන් වගේ කෙනෙක්ට පරදින්න ඔවේන් කැමති නෑ..ඔවේන්ට රෙෂාන්ගෙන් ඔයාව දිනාගන්න එකත් අමාරුයි.. ඔයා දිනාගන්න එක ඊටත් වඩා අමාරුයි.හැබැයි වැරදිලා හරි ඔවේන් මේ ගේම් එක ඇතුලට ආවා කියන්නේ එයාව නවත්තන්න කාටත් බෑ කියන එක....අත අරින එකක් නෑ..'

' අනේ මේ වැල් බයිලා නෙවේ අක්කේ..මේ අහන්නකෝ ඉතින්..රෙෂාන්ගේ හීනෙ සාමානකමක් මම දැක්කා ආරන්‍ය හීනෙන් දකින්න ගිෂෝන් ඇක්සිඩන්ට් වුන කොටස..මම එතන කිසිම පැහැදිලි කිරීමක් කරේ නෑ..ගිෂෝන්ට මොකද වුනේ කියන්න මම තවමත් දන්නෙත් නෑ..මොකද මම කතාව ලිව්වට ඔහේ ලියාගෙන ගියා මිසක හිස්තැන් පුරවන්න හිතුවෙ නෑ..ඒත් අක්කේ හීනේදී රෙෂාන්ගේ බොඩි එකේ තිබ්බ තුවාල මතක්වෙද්දී මට මතක්වෙන්නෙම ගිෂෝන් වැටිලා හිටපු විදිහ..මොකද මම ඒ කොටස ලියද්දී මට ගිෂෝන්ව මැවුනේ මූණම ලේවලින් වැහිලා බිම වැටිලා ඉන්න විදිහට..හීනේදි රෙෂාන්ගේ මිනියේ තුවාල ඒ විදිහට දැක්ක නිසා මට මතක් වුනේම ඒක..

    'ලේ විලක්...මහ වැස්සක්...වේදනාවෙන් දගලන ලේ තැවරුනු මිනිස් රූපයක්..කුඩු පට්ටම් වී ගිය යතුරු පැදිය..' මම අක්කාට ඇහෙන්නත් එක්කම ආරන්‍යාගේ හීනේ කොටස හොයාගෙන කියෙව්වා..

Evil Rain 01  (නපුරු වැස්ස 01 ) Onde histórias criam vida. Descubra agora