මගේ බන්ග්ටන්
ඔයාලා දන්නවත් ඇති
සමහර විට නොදන්නවත් ඇති
හැබැයි ඔයාලා නිසා
කීයක් නම් දෙනා එයාලා අතාරින්න හදපු ජීවිත
අමාරුවෙන් උනත් ආයෙම තදින් අල්ලන් ඉන්න
පුරුදු වෙලාද...!!ඔයා දන්නවද දන් නැහැ නම්ජුනී
හැබැයි ඔයා නිසා
එයා විතරක් නම් නෙවේ
තව දහස් ගානක් මිනිස්සු
අතාරින්න බලන් හිටිය ජීවිතේ
දැන් කොම හරි ගැටගහන් යන්න.
පුරුදු වෙලා...!_____________________
මගේ ඩයරි එකේ මන් දෙවනියට ලියපු වචන ටික තමා "මගේ බන්ග්ටන්".
මන් ඒ කාලේ නිසදැස් ලියපු කෙනෙක් නෙවේ.ඒ වචන වල නොගැලපෙන බවක් දැනෙනවත් ඇති...ඒ උනාට මේක මට දාන්න හිතුනා.එතකොට ඔය "නම්ජුනී" එක PTD කොන්සට් එකකදි මන් දැක්ක බෝඩ් එකක් නිසා මන් ලිව්ව එක.ලිව්වම නෙවේ "මගේ බන්ග්ටන්" එකේ තිබ්බ වචන එකක් දෙකක් වෙනස් කරලා කරපු පුංචි වෙනස්කමක් විතරයි.
අපි මේ ෆැන්ඩම් එකට ආව විදිය ගැන ශෙයා කරගමුද? මම ඊලග චැප් එකේදී මගේ කතාව දාන්නම්.මන් හිතනව ඔයාලගෙ කතත් මන් එක්ක කියයි කියලා.ඔයාට පුලුවන් නම් අපහසුවක් නැත්තම් විතරමයි.