+ වාසනාව ගැන විස්වාස කරනවද?
ඉතින් දැන් ඇයි ඔයා හිනා වෙන්නේ? හිනා යන්න තරම් දෙයක් ඒ ප්‍රශ්නේ තිබ්බද?
× මට කියනවද මොකද එක පාරටම වාසනාව ගැන අහන්න හිතුනේ කියලා
+ ඉස්සෙල්ලා මට උත්තර දීලා ඉන්නකෝ."වාසනාව" ගැන විස්වාස කරනවද?
× මීට අවුරුදු පහකට කලින් ඔයා ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මන් දෙන උත්තරේ අද දෙන උත්තරේට වඩා හුගක් වෙනස් වෙන්න තිබ්බා.
+ අහ්! ඒ කිව්වේ?
× කලින් නම් දෙපාරක් නොහිතම මන් "නැහැ" කියන උත්තරේ ඔයාට දෙයි හැබැයි ....
+ හැබැයි ?
× හැබැයි දැන් මගේ උත්තරේ "ඔව්" මන් විස්වාස කරනවා
+ ඒ ඇයි?
× ප්‍රශ්න කෝච්චියක්නේ ඔයා
+ අනේ කියන්නකෝ ඇයි විස්වාස කරන්නේ කියලා
× මොකද ඔය කියන වාසනාව මන් ලග නොතිබ්බා නම් එයාලා කීයටවත් මගේ ජීවිතේට නොඑන්න තිබ්බා.
+ එයාලා...
× ම්...එයාලා...
_____________________
වාසනාව කියන දේ එක එක්කෙනා බලන කෝනේ අනුව එක එක විදියට පේන්න පුලුවන්.
මොන කෝණෙන් බැලුවත් වැරැද්දක් නැහැ ඒ නිසා හිතන්න යන්න එපා