ජීවිතේට කා වෙනුවෙන්වත්
කවි පද අමුණන් නැහැ කියලා හිටිය මම
උබ වෙනුවෙන් කීයක් නම්
කවි පද ඇමුණුවද?මගේ හීන වල අයිතිය
කාටවත් දෙන් නැහැ කියලා මට ම පොරොන්දු උන මම
උබ නිසා ඒ පොරොන්දුව
කී පාරක් නම් කඩන්න ඇත්ද?කාගෙවත් ඇස් අස්සේ ආදරේ
හොයන් නැහැ කිව්ව මම
උබගේ ඇස් අස්සෙන්
මන් වෙනුවෙන් ඉපදුන
ආදරේ නොහෙව්ව දවසක් තිබ්බද?එදා මන් ගැන විතරක්මයි
හිතන්නේ කියපු මම
අද දවසට කී වතාවක් නම්
ඔබ ගැන විතරක්ම හිතනවද?දන්නවද මගේ ලමයෝ!
ආදරේ අපිව වෙනස් කරනවා
හිතා ගන්නත් බැරි තරමටම_____________________
මේක ලිව්වේ ලගකදී...මට දවස මතක නැහැ.
කෝම හරි මන් අනිත් අයගේ නිසදැස් බලන්න තිබ්බ උවමනාවකට ජොයින් උන ගෲප් එකක මෙම්බර්ස්ලා වෙනුවෙන් හරි ලස්සන නිසදැස් ශෙයා උනා.
මන් බලන් හිටියා හිටියා.අද නම්ජුන්ගේ එකක් දායි.හෙට නම්ජුන්ගේ එකක් දායි.හැබැයි කවුරුත්ම එයා වෙනුවෙන් වචන ගලපලා තිබ්බේ නැහැ.
ඉතින් මන් එයා වෙනුවෙන් පුංචි වචන ටිකක් එදා ගැලපුවා.අනික්වා තරම් ලස්සන නම් උනේ නැහැ හැබැයි මට සතුටුයි.