රනුද්ට ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරගෙන ඉස්සරහට යන්න වුනා....
දවසින් දවස ගෙවිලා කාලය ගොඩක් ඉස්සරහට පියාබලා ගියා.... රනුද්ගේ ට්‍රෙනින් එක වගේම අන්තිම විභාගෙත් ඉවර උනා.... හැමදේම ඉවර උනත් කාලයත් එක්ක බැදිලා තිබුන සුහදත්වය නිසා වගේම හොදින් වැඩකල නිසා තවත් වැඩිපුර මාසයක් විතර වැඩට එන්න කියලා ආයතනයෙන් කියද්දී රනුද් ඒ ඉල්ලීම අහක දැම්මේ නෑ... ඒ අතරතුර දුල්සාරාගේ තාත්තා එයා අදුරන කම්පැනියක විදුලි ඉන්ජිනේරුවෙක් විදිහට ඇප්ලයි කරන්න කියලා රනුද්ව උනන්දු කරා... ඒ වෙන කොට සාරාත් කැම්පස් අවුට් වෙන්න ලග නිසා ජොබ් එකට ගිහින් මාස දෙක තුනක් ඇතුලත දෙන්නගේ වෙඩින් එක කරලා දාන්න සාරාගේ තාත්තා කතා කරලා තිබුනේ.... ජිවිතේ කොයි කාලේ හරි වෙන්න තියන දෙයක් නිසා රනුද් මැරේජ් එක ඉක්මන් කරාට විරුද්ධ උනේ නෑ.... ටිකෙන් ටික නොදැනීම අර දික්කරපු මාසේත් ගෙවිලා ගියා.... හිටපු ටික කාලෙට මේ හැමදේම ජිවිතේට හුරු පුරුදු වෙලා නිසා රනුද්ට මේ ගම, මිනිස්සු , මේ පරිසරය දාලා යන්න බැරි දුකක් දැනුනා.... සිතිජ නම් රනුද් යනවා කියලා අහපු දවසේ ඉදලා මූන දික්කර ගත්ත ගමන්.... ඒත් ජිවිතේ කියන්නේ කවදාවත් එකතැනක නතර වෙලා තිබුන දෙයකට නෙවෙයි.... ජීවිතේ කියන්නේ යාම් ඊම් වලින් පිරුනු තැනක්.... සමහර පරණ බැදීම් වලට යන්න දෙන්න වෙනකොට අලුතෙන් ජීවිතේට බැදීම් එකතු වෙනවා...
කොහොම උනත් සයාන් එදා අන්තිමට ඇවිත් ගියාට පස්සේ රනුද්ට ආයෙත් කරදරයක් වෙන්න වත් හම්බෙන්න වත් ආවේ නෑ..... ඒත් වෙච්ච හැමදේම එක්ක රනුද්ට සියුම් පසු තැවීමක් වගේම වරදකාරී හැගීමක් දැනුනා... මොකද මේ සිද්ද වුන දේවල් කවදාවත් දුල්සාරාට කියන්න බැරි නිසා.... රනුද්ට බය හිතුනා මේ දේ කිව්වට පස්සේ එයා මොන වගේ හැසිරේවිද කියලා.... කොහොම හරි සාරාට ඇත්ත කියන්නේ කොහොමද කියල හිත හිත ඉදලා මුලින්ම සාරා මේ වගේ බැදීම් ගැන හිතන්නේ කොහොමද කියලා දැනගන්න රනුද් තීරණය කරා... දවසක් එහෙම හිතාගන වෙඩිං එකේ දේවල් කතා කර කර ඉන්න ගමන් වටින් ගොඩින් ඒ වගේ සමලිංගික බැදිම් තියන අය ගැන කතවක් නිකමට ඇදල ගත්තාම සාරා පිලිකුලෙන් බනින්න ගත්ත නිසා සාරාට ඇත්ත කියන්න රනුද්ගේ හිතේ තිබුන ශක්තිය එහෙම්මම දිය වෙලා ගියා.....
YOU ARE READING
විසිරි මල් පෙති || BL
Non-Fiction"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ...