Chapter 8

576 76 8
                                    

රනුද් ගැස්සිලා වගේ අත ගත්තේ වැරදි දෙයක් කරා වගේ දැනුන හින්දා... ඊටත් වඩා ගැස්සුනේ සයාන් කිසිම ගානක් නැතිව ඇදගෙන හිටිය ටවල් එක ගලවලා අරගෙන ඇග පිහිදානවා දකින කොට....

"සොරි මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියල....."

"අයියෝ ගණන් ගන්න එපා මචං.... කවුරුවත් මේවා හිතලා කරනවද.... ඒත් උඹ එක විනාඩියකට මාව කැම්පස් කාලේට අරන් ගියා.... ඒ කාලේ බකට් කරන කොට තියන ගදත් එක්ක බලන කොට මේක මොකද්ද.....කොහොම හරි මගේ බොක්සර් එක විතරයි වතුර පාරෙන් බේරුනේ... "

එහෙම කියාගෙන හිනා වෙලා යට ඇදුම් පිටින්ම ගිහින් හෝදපු ඇදුම් ටික බැල්කනි එකේ වේලෙන්න දැම්මා...

"ආ...මම කවුද කියන්න අමතක උනා නෙහ්.... මම සයාන් විබෝධ.... අපි හවසට පොඩි ගමනක් යනවා... ඒක නිසා අම්මා කෑම එක කලින්ම ගිහින් දෙන්න කිව්වා...."

රනුද්ට තාමත් මේ කියන දේ තේරුම් ගන්න බැරිව බලාන හිටියා...

"ආ.. සොරි බන්.... අපේ අම්මා තමයි ඔයාලට කෑම දෙන්නේ.... අර ඈතින් පේන ගෙදර...."

"ආ.... රෝසි ආන්ටි...."

"ඒ අපේ අම්මා....."

"අම්මා...? ඒත් මම දැකලා නෑනෙ ඒ ගෙදර...."

"වෙන කවුරුත් ඉන්නවද කියලද....? මම වැඩ කරන්නේ ආනමඩුවේ ප්‍රයිවට් බෑන්ක් එකක.... මම එහෙන්ම බෝඩිමක් අරන් නතර වෙලා ඉන්නේ යන්න එන්න කරදර නිසා.... කොහොමත් මට ඉක්මනටම පුත්තලමේ බ්‍රාන්ච් එකට ට්‍රන්සර් එකක් ලැබෙයි... මේ පාර මේ ගෙදර ආවෙත් ලෝන්ග් වීක් එන්ඩ් එකක් නිසා...."

"ආ.... එහෙමද....."

"වෙනදාට කෑම ගෙන කොල්ලට අසනිප නිසා අම්මා කිව්වා මට මේ කෑම ටික කට්ටියට ගිහින් දෙන්න කියල... ඒකයි කවදාවත් නැතුව මම ආවේ... ඔක්කොටම කෑම බෙදලා අන්තිමට තමයි මෙහෙට ආවේ... ඒකත් හොද වෙලාවට...."

"ආ.... ඒක තමා... මම ඒත් බැලුවා....."

"පංසලක් වගේ තියන ගෙදරක දිව්‍ය කුමාරයෙක් කොහෙන් පාත් උනාද කියලද....."

තාමත් ගැස්සුන හිතත් එක්ක ඉන්න රනුද් ආපිට විහිලු කරන මානසික මට්ටමක හිටියේ නැති නිසා හීටරේ ගැහැව්වේ සයාන්ට තේකක්වත් දෙන්න හිතාන... ‍කිසිම ගානක් නැතුව බොක්සර් එක පිටින්ම රනුද් දුන්න තේකත් අරගෙන සයාන් ඇදේ වාඩි උනා.... ටිකකින් සයාන් නැගිටලා ගිහින් වනලා තියන ඇදුම් ටික අනිත් පැත්තට හරවලා ඇවිත් ආයෙත් රනුද් ලගින් ඉදගත්තා.... සයාන්ගේ ඇදුම් ටික ඇදගන යන්න තරම් වේලෙනකම් දෙන්නා එක්ක ගොඩක් දේවල් කතා කර කර හිටියා.... ඒ ටික වෙලාවට දෙන්නම කාලයක් තිස්සේ දන්න අදුනන යාලුවො දෙන්නෙක් වගේ ගොඩක් හොදට ෆිට් උනා....

විසිරි මල් පෙති || BLWhere stories live. Discover now