Chapter 11

468 56 4
                                    

රනුද් පඩි පෙල නැගලා එන ගමන් ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවේ කවුද බිම වාඩි වෙලා ඉන්නේ කියලා.... රනුද් ගේ ඇස් උඩ ගියේ සයාන් දොර ගාව බිම වාඩි වෙලා දොරට හේත්තු වෙලා ඉන්නවා දැක්කම.... මිනිහා හොදටම නිදි වගේ... ඒත් ටිකක් ලං වෙලා බැලුවම රනුද්ට ට ඌ ඉන්න විදිහ ඇල්ලුවේ නෑ... අද නොකියම ඇවිත් බිම ඉදගන හිටියට මොකද වෙනදා රූම් එකේද කියලා අහලා කෝල් එකක් දිලා තමයි සයාන් එන්නේ.....

"සයාන්... ඒයි... බන්.... මොකෝ මචං මේ....."

රනුද් උරහිසෙන් අල්ලලා තට්ටු කර කර කතා කරපු පාර සයාන් ගැස්සිලා ඇස් ඇරියා... මද ආලෝකෙන් උනත් රනුද් දැක්කේ ආයාන්ගේ ඇස් අසාමාන්‍ය විදිහට රතු පාට වෙලා තියනවා... ඒ නිදියන් හිටපු නිසා වෙන්න ඇති කියලා මොහොතකට හිතුවත් සයාන් ලගින් එන අරක්කු සැරත් එක්ක වෙලා තියන දේ රනුද්ට තේරුනා.... හිතට සියුම් තරහක් ආවත් සයාන් ඉන්න තත්වේ එක්ක මුකුත් කියන්න ගියේ නැත්තේ කියලා වැඩක් නැති නිසා වගේම තරහට මොනා කියවෙයිද කියල දන්නේ නැති නිසා... කැම්පස් දවස් වල උනත් කොල්ලො එකතු වෙලා අරක්කු සිකරට් බොනකොට ඒ තැන් වලින් මගාරින්න රනුද් වග බලා ගත්තා....මොකද ඒ කලේ ඉදන්ම අරක්කු සිකරට් කියන්නේ රනුද්ට පිලිකුල් දෙයක්... ඒ ගද ඉවසන් ඉන්න අමාරුයි.....

"ආ.... රනුද් ... මේ... මම ......"

බිම අත ගහලා අමාරුවෙන් නැගිටින්න ගිය සයාන් ව එක පාර විසිවෙන්න යන කොට රනුද් පැනලා අල්ලා ගත්තා....

"මොකද්ද යකෝ කරන්නේ... මෙතනින් වැටිලා මැරෙන්න ද හදන්නේ...."

‍රනුද් සැරෙන් ඇහැව්වාත් සයාන්ගේ ඇස් තිබුනේ රනුද්ගේ ඇස් ලග.....

"මෙහෙම උබේ තුරුලේ ඉන්න කොට මේ පපුවට සතුට වැඩි කමට මෙතනින් වැටිලා මැරෙන්න තරම් ආසාවක් දැනෙනවා...."

කියන්න ගොඩක් දේවල් කටට ආවත් රනුද් මුකුත්ම කියන්නේ නැතිව සයාන්ව තුරුල් කරගෙනම කාමරයේ දොර ඇරලා ඇදෙන් ගිහින් වාඩි කරලා දොර වහලා දැම්මේ සයාන්ගේ තත්වේ එක්ක ඌට මුකුත් කියල තේරුමක් නෑ කියල දැනුන නිසා..... සයාන් කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ උඩුකුරුව ඇදේ වැටිලා වේගයෙන් කැරකොන සීලිං ෆෑන් එක දිහා ඔහේ බලාගන ඉන්නවා..... රනුද් සයාන්ට පාඩුවේ ඉන්න දීලා වොශ් එකක් දාගන ඇවිත් කොෆී එකක් හදන්න ගත්තා...

විසිරි මල් පෙති || BLWhere stories live. Discover now