Chapter 1

2.3K 145 19
                                    

රනුද්ගේ නොසන්සුන් හැගිම් වලින් පිරිලා ගිය හිත ඔහුත් නොදන්නා මොනදෝ හෙයනවා... හොස්ටල් එකේ ජනේලයෙන් ඈත බලාගන ඇහැට පෙනෙන මායිමේ ඇති ඉමක් කොනක් නොපෙනෙන වටපිටාව සිසාරා කලබලෙන් ඇස් යැව්වේ නැතිවෙච්ච දෙයක් හොයනවා වගේ....

හොස්ටල් කිව්වට මේක කැම්පස් එකේ හොස්ටල් එක නෙවෙයි. ඒ ලග තියන තට්ටු හතරක ගොඩනැගිල්ලක්. කාමරේක තට්ටු දෙකේ යකඩ ඇදන් තුනක් ගානේ දාපු එක කාමරේක හය දෙනෙක්ට ඉන්න පුලුවන් විදිහේ කාමර තියන හොස්ටල් එකක් දාන්නම හදපු බිල්ඩින් එකක්.

පිටත ලෝකයා කැම්පස් එක , හොස්ටල් ජීවිතේ ගැන කොහොම කිව්වත් ජිවිතයට පන්නරයක්, අර්ථයක්, වටිනාකමක් ලැබුනේ මේ ලස්සන පරිසරය ඇතුලෙදියි කියන දේ හැමෝටම වඩා හොදට රනුද් දැනගන හිටියා.... දාලා යන්න බැරි බැදීම්, එක කුස උපන් සහෝදයෝ වගේ යාලුකම්, හිත් නොහොද කම් වගේම පිකටින් වලට ගිහින් කදුළු ගෑස් , වතුර පාරවල් කාපුවා හැමදේම උනේ මේ කැම්පස් ජීවිතේදියි.... එක බත් පත බෙදාගන කෑවේ වගේම, පොල්කුඩු සම්බෝල එක්ක තුනපහ, ලුනු ඇඹුල් නැති එලවලු, ගල් වැලි හැපෙන කැන්ටින් බත් වගේම මහපොල ආධාර කලින්ම ඉවර උන දාට නොකා හිටපු දවස් හැමදේම උනේ මේ කැම්පස් එක ඇතුලේදියි... අම්මලා අස්සේ ඉද්දී කිසිම දෙයක් තනියම දෙයක් කරගන්න බැරිව, පොඩි හෝ වේදනාවක් වත් දරාගන්න ශක්තියක් නැතුව ගත කරපු ජිවිත වලට ඒ පන්නරය ශක්තිය ආරොපනය කරලා දුන්නේ මේ විශ්ව විද්‍යාල භුමිය තුලදියි... සතුට වගේම දුකත්, දුක වගේම වේදනාවත් විදගන්න පුලුවන් ශක්තිමත් "රනුද් සචිරු ධීරරත්න" කෙනෙක් බිහි කලේ මේ පරිසරයයි...

කුරුලු පැටව් පොඩි කාලේ දෙමව්පියෝ කෑම හොයාගන ඇවිත් කටටම දීලා කැව්වත් පොඩ්ඩක් අත්තටු හැදිලා ආවම කුරුලු අම්මලා සිය දරුවන් තමන්ගේ රැකවණයෙන්, කූඩුවෙන් මුදවලා පියාඹන්න, තමන්ගේ කුසගින්න තමන්ට නිවාගන්න වගේම පිටත ලෝකයේ නපුරෙන් ජීවිතේ බේරගන්න පුරුදු කරනවා වගේ තමන්ගේ අත් තටු ශක්තිමත් වුනාට පස්සේ තමන්ට තවත් මේ කුඩුවේ ඉන්නට අයිතියක් නෑ කියලා රනුද්ට හිතුනා.....

"මොකෝ බන් උදේ ඉදන් උඹ මුන එල්ලන් ඉන්නේ... දවසම ඉවරයි උඹේ ඔය මූනේ හැටි දැක්කම.... මෙතනට වෙලා ටැග් ගැහි ගැහි මනෝ පාරක් ගහගන ඉන්නේ නැතුව ඉක්මනට යමන් බන්... පරක්කු වෙනවා...."

විසිරි මල් පෙති || BLWhere stories live. Discover now