"ඔන්න මහත්තයෝ තල වැහි වහිනවා..අනේ ජය සිරිමහා හමුදුරුවන්ගේම පිහිටයි.."
මගේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා හිටපු සියා කෙනෙක් බුලත්විට කහට බැදුන දත් පෙන්නමින් දෑත් එකතු කරල වැදල මාත් එක්ක හිනා වෙලා කිව්වා...
ඒ හිනාව සොබනේට අමුතුවෙන් මවාගන්න හිනාවක් වගේ නෙවෙයි හරිම අව්‍යජයි කියලා මට හිතුනා.... ඒ අහිංසක ඇස් වල මැවිලා තියන සතුට මේ අවුකාෂ්ටකය නිවාගන වහින වැස්ස තරම්ම සුන්දරයි කියලා මට හිතුනා....
"මහත්තයා මේ පලාතේ කෙනෙක් වෙන්න බෑ....."
මම සාමාන්‍යයෙන් ගමනක් යනකොට කතා කර කර යන්නට අකමැති වුනත් ඒ සීයා හදවතින්ම කථාකරන නිසාදෝ මටත් කථා කරන්න හිතුනා
"මම කළුතර... ."
"ආ.. ඒක තමා මම හිතුවා.... මෙච්චර රතුවට ලස්සනට ඉන්න ඉලන්දරි මේ පැති වල නෑ මහත්තයෝ.... උන් කුඹුරු වලටයි හෙන්වලයි අව්වටයි කරවෙලා දර ඉපල් වගේ වෙලා...."
වචයෙන් වවනය ඒ සීයා මගේ හිත ඇදලා ගත්තා කිව්වොත් හරි... ඇස් ලොකු කරමින් විටින් විට ජනෙලෙයෙන් එලියට මූන දික්කර කර දකුණු අතේ දබර ගිල්ලයි මැද ඇගිල්ලයි එකට එකතු කරල දොතොල් මත තියලා බුලත් කෙල පහර මග කොහෙවත් වැටෙන්නේ නැති විදිහට හරි අපුරුවට විටින් විට විදිමින් කතාකරනවා..
"ඉතින් මහත්තයෝ මේ කොහෙද යන්නේ"
"මට පහල ඉලුක්වැව ඉස්කොලේට පත්විමක් ලැබිලා තියනවා.. "
"අනේ වාසනාවන් ඉස්කෝලේ මහත්තයෙක්නේ.... කොයිතරම් දෙයක්ද... ඒත් ඉතින් දුක ආපු පයිම මේ මහත්තුරු පත්විම් හදාගෙන ආපහු ගම් රටවල් බලාන යන එකට නොවැ...."
සීයා එහෙම කියනකොට මට අම්මයි අප්පච්චියි මතක් වුනා..
"ඔය අලි ඉන්න කාස්ටක පලාත් වලට මොකට යනවද මන්දා... ඔය කැලෑවල රිංගලා වද විදින්න ද උඹ අවුරුදු හතරක් පහක් විශ්ව විද්‍යාලේ ගියේ... ඔන්න ඔහේ වෙන ජොබ් එකක් බලපන් ලොකු... මම ඇමති තුමාටත් කියලා තියෙන්නෙ...."
*******************
-RR-
YOU ARE READING
විසිරි මල් පෙති || BL
Non-Fiction"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ...