Chapter 12

473 56 1
                                    

සයාන් ටිකෙන් ටික තමන්ගේ සීමාව ඉක්මවා යන කොට රනුද්ගේත් ඉවසීමේ සිමාවත් ඉක්මවා ගියා.... හිතට දැනුන ආවේගට රනුද් සයාන් ඉන්නේ වෙරි මතේ කියලවත් නොබලා ඇදලා තල්ලු කරලා දාල නැගිට්ටා...

"යකෝ පොන්නයෙක් වගේ වැඩ කරන්න එපා.... තොට පිස්සු හැදිගෙන එනවද පකයෝ.... උඹට මදන විසේ ඔලුවට ගහලා.... සිහියක් පතක් නෑ කනමදය වගේ බීගන... කරන්නේ කියන්නේ මොනාද දන්නේ නෑ... උඹට ඔච්චරටම අමාරුව නම් ගිහින් ඕකට මොනා හරි බස්ස ගනින්..... "

කවදාවත් කිසිම කෙනෙක්ට එහෙම කතා කරලා නැති වුනත් හිතට ආපු තරහ ඉවසගන්න බැරිව රනුද් කෑගහලා බැන්නා... නොකිවයුතු දේවල් කිය උනා කියල දැනුනත් ඒක ගැන හිතන්නවත් උවමනාවක් රනුද්ට තිබ්බේ නැත්තේ හිතේ ආවේගය ඒ හැම දේම පරද්දලා එලියට එන්න ගත්තු නිසා....

"තොට ඔච්චරටම අමාරුව නම් පොඩ්ඩක් පාර දිගේ නලව නලව පලයන් මෙතන මාව කන්න හදන්නේ නැතිව.... හැටි දැන දැනම යාලුවෙක් කියලා හිතාගන ආශ්‍රය කරාම උඹ හිතුවද මටත් උඹට වගේ අහවල් එකේ අමාරුව කියලා.... පොන්න පකයා.... "

රනුද් හිතට දැනෙන හැම හැගීමක්ම වචන කරලා වේගයෙන් පිට කරලා දැම්මා..... ඒත් ඒ කිසි දේකින් සයාන්ට අබ මල් රේනුවක තරමටවත් රිදුනේ නෑ කියලා තේරෙන්න රනුද්ට වැඩි වෙලාවක් ගියේ නෑ...

රනුද් බනින්න බනින්න සයාන් පිස්සුවෙන් වගේ කෑගහලා අප්පුඩි ගගහ හිනා වුනා... ඇස්වලින් කදුළු පෙරි පෙරි හිනා වුනා... ඒත් ඒ ඇත්තටම තමන් ගැන ආත්ම අනුකම්පාවෙන් වේදනාවට මතුවෙච්ච කදුළුද නැත්නම් රනුද්ට පොඩි හරි බලපෑමක් කරන්න පුලුවන් උන සතුටට පිටවෙච්ච ඒවද කියලා රනුද්ට තෝරගන්න බැරි උනා.....

"උඹ දන්නවද බන්.... අපේ අප්පච්චි නැතිවුනාට පස්සේ පවුලේ මුළු බරම අම්මාගේ කරට වැටුනා..... අප්පච්චි ගෙදර තිබ්බ හැමදේම විකුනලා ඒ සල්ලි බීමට විදයම් කරලා, ගමේම මිනිස්සුන්ට, තැබෑරුමට, රටට ලෝකෙට ණය වෙලා මැරිලා ගියාට මොකද මිනිහ හොද මේසන් බාසා... මිනිහ වැඩක් කරන්න ගත්තොත් ඒක තිතට කරනවා ආයේ කාටවත් ඇගිල්ල දික් නොකරන්නම.... අපරාදේ කියන්න බෑ මොන යුතුකම පවුලට ඉෂ්ඨ නොකලත් මිනිහා ගඩොලෙන් ගඩොල තියල හැදුවා කාමර දෙකක් එක්ක සාමාන්‍ය පොඩි ගෙයක්.....  අපිට තුන් වේල කැද ටිකක් හරි බීලා වැටිලා ඉන්න ඒක ඇති උනා..... ඉස්සර ඉදන් මම හරි ආසයි ඉස්තෝප්පුව එක්කම තියන පොඩි කාමරයට.... අප්පච්චී තමයි ඕකේ පොඩි ඇදක් දාගන නිදාගත්තේ... බීලා ආවම අම්මා දොර අරින්නේ නැති නිසා අප්පච්චී නිදා ගත්තේ ඒකේ..... අප්පච්චි නැති උනාට පස්සේ චණ්ඩියා වගේ මගේ ඇද කබලත් උස්සන් ගිහින් මම ඒකේ පදිංචි උනාට මොකද රෑට චූ බර හැදුනාම එලියට යන්න මම බය උනා.... කොහොම හරි ජනේලේ ඇරලා එක චූ බින්දුවක්වත් ජනෙල් පඩියේ වැටෙන්නේ නැතිවෙන්න වැඩේ කරන්න මම දක්ශයා නිසා මට ඒකත් ලොකු අවුලක් උනේ නෑ...... ඒත් හැලුවේ නැති උනාට උදේට මිදුලේ එන ගදට මම මොනා කරන්ද... ඒ කාලේ අම්මගෙන් ගුටි කාලා පන යනයවා එලියට බහින්න බෑ ගන්දස්සාරේ කියලා...... ඔහොම ඉන්නකොට දවසක් මම ඉස්කෝලේ ඇරිලා එන කොට මගේ ඇද තිබ්බ තැනින් අනිත් පැත්තට ඇදලා... මගේ ඇද තිබ්බ තැනට තවත් ඇදක් දාලා..... මම එදා ගෙදර දෙක වෙන්න කෑගැහැව්වා.... අම්මා එක්ක නොසෑහෙන්න රන්ඩු කරත් අපේ අම්මා නෙවෙයි අම්මගේ තීරනේ වෙනස් කලේ... අම්මා මගේ කාමරේට බොඩින්කාරයෙක් ගේන්න හැදුවේ.... එයා කිව්වේ උබේ පාඩම් වැඩ වලටත් හොදයි ඉස්කෝලේ මහත්තයෙක් එන්නේ කියලා.... නොදන්න දේවල් අහගන්නත් පුලුවන්... හැබැයි උඹ ඒ දරුවට කරදයක් නොදි හිටපන් කියලා....."

විසිරි මල් පෙති || BLWhere stories live. Discover now