රනුද්ට මේ වෙනකොට ජිවිතේට බද්ද වෙච්ච මේ පරිසරය දලා යන්න හිතේ ලෝබ කමක් දැනුනා... කලබලකාරි නැති මේ නිහඩට ගැමි පරිසරයට රනුද් ගොඩක් අසාකලා.... ඒත් අලුත් ජිවිතයක් පටන් ගන්න පරණ ජිවිතේ අතරින්න වෙනවා.....
කල්පනා කරන ගමන්ම රනුද් තමන්ට ගෙනියන්න තියන බඩු ටික ටික පැක් කරගත්තා.... හිතුවට වඩා මේ කාමරේ ජිවත් වෙච්ච කාලේ පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගත්ත බඩු දැන් ගොඩ ගැහිලා කියලා හිතුනා..... සයාන්ගේ අම්මට කිව්වා වගේම ලොරියකට දෙකකට බඩු එකතු වෙලා.... ඒ එක්කම දොරට ගහන හඩක් ඇහිලා රනුද් ගිහින් දොර ඇරියා.....
"ආ... මහත්තයා අපිටත් නොකියාම හොරෙන්ම මාරුවෙන්න බඩු ලෑස්ති කරගන්නවා වගේ......"
සයාන් එහෙම කියාගෙන ඇතුලට ආවා.....
"කියලා එන්න ගියාම මිනිස්සු ගෙවල් වල ඉන්න එකක් යැ.... උන් දඩාවතේ ගිහින් නේහ්....."
"උඹ ඔය නොකියා කියන්නේ දකින දකින එකාට කකුල් උස්සන්න මම බල්ලෙක් කියලනේ......."
සයාන් එහෙම කියගෙන රනුද්ගේ උරහිසින් තදින් අල්ලලා හෙලෙව්වා.....
"අනේ මේ විකාර කියවන්නේ නැතිව හිටහන් සයාන්..... දැන් වත් ඔය විකාර අත ඇරලා මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න බලහන්....."
රනුද් එහෙම කියන ගමන් සයාන්ගේ අත් දෙකත් ගසලා දාලා පැක් කර කර හිටිය බඩු ටික ආයෙත් පැක් කරගන්න ගත්තා......
"ඇයි මට මොකද වෙලා තියෙන්නේ......"
"උඹට ඇයි අම්මා ගැන හිතන්න බැරි.... රටේ ලොකේ මිනිස්සු ගැන හිතන්න කලින් දහදුක් විදලා උඹව මේ තත්වෙට ගෙනාපු අම්මා ගැන හිතපන්.... ඒ මනුස්සයා තාමත් උඹ වෙනුවෙන් දුක් වෙනවා.... උඹ කවදා වෙනකම් ඔහොම ජිවත් වෙන්නද හිතන්නේ...."
"රනුද්.... මම........ඇයි උඹ ඔහොම කියන්නේ බන්....."
රනුද් ගැස්සිලා සයාන් දිහා බැලුවා.... සයාන්ගේ ඇස් කෙවෙනි වල පිරිච්ච කදුළු කම්බුල් දිගේ ගලා ගන එන්න ගත්තම සයාන් ඉදගන හිටපු තැනින් නැගිටලා ගිහින් ජනේලේ ගාව හිටගෙන එලිය බලාන හිටියා..... රනුද්ට සියුම් දුකක් දැනුනේ තමන්ගේ වචන වලින් සයාන්ගේ හිත රිදුන එකට.... යන්න ඉද්දී හිත් රිද්දගන යන්න ඕනේ නැති නිසා රනුද් සයාන් ලගට ගිහින් සයාන්ගේ උරහිසට අතක් තිබ්බා.....
YOU ARE READING
විසිරි මල් පෙති || BL
No Ficción"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ...