ඔන්න අදත් උදෙන්ම Mr.toothpaste and little squirrel ගෙනාව ඉස්සරහට තේරෙයි මන් ඇයි එහෙම කිව්වෙ කියලා
................................................................................................................................................................
ඉනුකයා කරන්න ගිය වැඩේ වැරදියි තමයි. ඒත් ඇයි අපි අනුන්ගේ සීනි කිරන්නෙ ,අපේ අම්මාටත් ඔනා නැති එකක් නෑ. මන් යද්දි පන්තියේ උන් මන් දිහා වෙන ලෝකෙකින් බැහැපු ජීවියෙක් වගේ බලනො, උන් හිතන්නෙ මන් පාවා දෙන්නෙක් කියලා. කොල්ලො අතර කරන්න පුලුවන් ලොකුම වැරැද්ද පාවාදීම ආයි උව ගනන් ගන්නෙම නෑ. ඒත් මට ඉනුකයාව පාවා දෙන්න ඔනා වුනේ නෑ. එහෙම ඔනා වුනා නම් ඔයිට කලින් මන් එක කල්ලානේ. මට කෑහගලා කියන්න ඔනා අනේ මන් පාවා දුන්නෑ කියලා , කොල්ලො අඩන්නෑ කිව්වට අසරණ වුනාම ඇඩෙනවා , මීට කලින් මන් මෙහෙම අසරණ වෙලාම නෑ.මගේ මූනත් දැන් රතු වෙලා ඇති කදුළු එන්න ඔන්න මෙන්න.
"අවිය උබ ආවද, යමු බන් අපේ ප්ලේස් එකට"
මෙතුලය මන් ලගට ඇවිත් කරට අත දාන් මාව අපේ ප්ලේස් එකට එක්කන් ගියා. මතීශයත් මන් ආවම මන් ලගින්ම වාඩි වුනා, උන් දෙන්නා දෙකොනේ මන් මැද . මොනව වුනත් උන් මාව තනිකරෙ නෑ එ ගැන මට සතුටුයි.
"උබලාත් හිතනවද බන් මන් ඉනුකව පාවා දුන්නා කියලා"
ඇඩෙන්න ඔන්න මෙන්න ඇහුවාම මාව තෙරුම් ගත්තා වගේ මතීෂයා මගේ ඔලුව උගේ උරහිසට තියාගත්තා. මට ඇඩුනා, මොකද මේක මන් කර දෙයක් නෙවෙ. නිකන් හිතලා බලන්න ඔයා නොකරපු දේකට; ඔයා වැරදි කාරය වෙලා, සෙක්ශන් එකම ඔයා දිහා ඒලියන් කෙනෙක් වගේ බලනොකොට, ඔයාව කොන් වෙනො වගේ දැනෙන කොට , දැනෙන තනිකම.
"අපි දන්නො ඉනුකය මොනවා කිව්වත් උබ උව පාවා දුන්නෑ කියලා
ඔව් අපිට උබව විශ්වාසයි; උබ කැමති නම් වෙච්ච දේ අපිට කියන්න."
මන් හරි වාසනාවන්තයි; කවදහරි කරපු පිනකට හොද යාළුවො ලැබිලා තියෙනො. මන් හොද හුස්මක් අරන් වුන දේ උන් දෙන්නට කිව්වා, උන් දෙන්න එක සාවදානෙන් අහන් ඉදියා, මන් සාමාන්යන් මගේ ප්රශ්න රටවටේ කියන්නෑ, අනික කියන්න තරම් මට ප්රශ්න ඇත්තෙත් නෑ. උන් දෙන්නා මාව තෙරුන් ගත්තා මට සතුටුයි.
"අවියා උබට කොහොමද ,අර පකයා කොහෙටද ගැහුවේ"
ඔන්න අඩුපාඩුවත් ආවා. මහිය දුම්මලවරම අරන් ආවා . ආයිත් මුලෛදන් උන දේ මට කියන්න වුනා. මොනව වුනත් හැමවෙලෙම ලගින් ඉන්න යාලුවො ලබන්න පින් කරන්න ඔනා.
" එ අවියො උබට රිදෙනොද
නෑ බන් දැන් අවුලක්
මූව ෆස්ටේඩ් යුනිට් එකට අරන් යමු
අනේ යකො උබලට පුලුවන්නම් මාව හොස්පිට්ල් ඇඩ්මිට් කරහන්
ඒ ඒ අවියා උබට ගොඩක් අමාරුද
හරකො ,මන් ඉනුකයගෙන් පාරවල් තුනකට වඩා කන්නැතුවැති මුන් දගලන්නෙ ඉනුකයා මාව රිච්මන්ඩ් හිල් එකෙන් පහලට තල්ලු කල්ලා වගේනේ
උබට අමාරු නැත්නම් ප්රශ්නයක් නෑ"
කාපු පාර සැරයි තමයි ,තොලත් තැන් දෙකක් පැලිලාලු මට පේන්නෑ මතීෂ තමා කිව්වෙ. මගේ මොට්ට යාලුවේ මේ ටිකට මාව ICU එකේ ඉන්න ලෙඩෙක් ගානට දැන්මනේ. එකෙක් පවන් ගහනො ,තව එකෙක් කැවුම් කවනො , එක විතරයි මට අඩු දැන් කමක් නෑ මට සුර සැප.
අම්මට පේන්නැති වෙන්න ශේප් එකේ ගෙට පැණ ගන්න බැලුවෙ, නැත්නම් ඉනුකයව ඉස්කෝලෙනුත් අස් කරයි. අපේ අම්ම එ ජාතියේ වැඩ්ඩා, අපරාදේ ලෝ ෆැකල්ටි පෙනි පෙනි මිස් වෙලා තියෙන්නෙ අපේ අම්මාට. එ වට හරියන්න අහිංසක ළමයි පව් ගෙවනො. එ කොහොම වුනත් අපේ අම්මා මට ආදරෙයි ඒත් එයා මාව තේරුම් ගන්නෑනෙ. රිචඩ් පතිරන එක ලගින් බැහැලා හිමීට පාර මාරුවෙලා පැල්පොළවත්ත මාවතට ලෑන්ඩ් කලා. ඔන්න මන් ගෙදර ආවා. ගෙදර හරි කලබල පාටයි මොකෙක් හරි ඇවිත් වගේ දැන් කොහොමද ගෙට පනින්නේ.
කාටවත් නොපෙනී ගෙට යන්න හිත හිත ඉදපු මට සොලූශන් එක මගේ කකුල්දෙක ලගටම ආවා.
"අනේ මගෙ හැරි කොල්ලා ඔයා වෙලාවට ආවෙ"
මේ ඉන්නෙ හැරිපොටර්, මගේ බව්වා පැටියා. හැරි පොටර්ගේ කරේ බෑග් එක එල්ලුවා. කලබල වෙන්න එපා පි A/l නේ පොත් වැඩිය නෑ ඔක්කොම ලාච්චුවේ. එ නිසා ඔකේ තියෙන්නෙ කොළදාපු ෆයිල් එකක් විතරයි ඔක හැරි කොල්ලට බර නෑ. මු හෙන තඩි බල්ලෙක්.
"හොද කොල්ලා වගේ ඔක දාගෙන අම්මා ලගට යන්න"
වැඩේ හැරි ඔන්න මගේ වීර නයිට්වරයා යුධ පිටියට ගියා මන් යනො පිටිපස්සෙ දොරෙන් කාමරෙට. දැන් පොටර් කොල්ලා ඔක අරන් අම්මා ලගට ගියාම අම්මා දන්නො මන් ගෙදර කියලා අම්මා මාව හොයන්නෑ කොහොමද මගේ ටිකිරි මොළේ
මන් නාළා එලියට එනකොට පහළ හෝ ගාලා සින්දු කියනො කලින් රිදුන් නැති වුනාට දැන්නම් පුතේ ගුටිකාපුවා රිදෙනො. ඉනුකයාගේ ගට්ස් තමා ශික්. දැන් ඉතින් මෙහෙම පහළට යන්න බෑනේ ,අම්මා දැක්කොත් අරූ ඉවරයි. අක්කාගේ මේකප් සෙට් එකෙන් ගොඩ යන්න තමා තියෙන්නෙ
මන් හිමීට අක්කාගෙ කාමරේට ආවා බුදු අම්මො මේ කණනාඩි මේසෙ උඩ තියෙන ජාති ගොඩ මේවයින් මොනාද දන්නෑ වළවල් ව්අහන්න ගාන්නෙ. මන් ද්අන්න විදියට මේවයින් පුලුවන් බැහැලා ගොඩවෙන සයිස් එකේ වළක් වුනත් වහන්න. මන් නම් මේක ගන්නෙ වළවල් වහන්න නෙවෙ මේ ගුටිකාපු පාරවල් වහන්න. කෝ බලමු තීන ජාති
" මොයිස්ටර් රයිසර් ක්රීම්, ඩේ ක්රීම් ,නයිට් ක්රීම් , සන්ස් ක්රීම් ,Bb ක්රීම් අහ් හම්බුනා ෆවුන් ඩේශන්"
මෙන්න බෙහෙත අපේ අක්කා ලග මේවා පාට 5කින් තිනො මන් සුදු වැඩි නිසා ලයිට්ම එකක් ගාන්න වෙන්නෙ
" හරි ඔය ඉන්නෙ කොල්ලා හැඩට , අයියු මේ ඉනුකයා තොලත් පළලා නේ ලිප්ස් ටික් ගාන්න බෑනෙ , ලිප් බාම් පොඩ්ඩක් වත් ගාමු දනවත් එක්ක"
(උඩ තිනෙ සින්දුව අහන ගමන් කියවන්න)
"ඔය නෙතු හමුවන තුරු පාරදිහා
බලමින් දැන් වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වුවේ කරනා
මගේ සතුටකදී නුඹ පාන සිනා
ඔබෙ ලග රැදුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිදෙන භාවනා"
මොකද්ද යකෝ මේ ළමා සමාජෙ බලන්න් මන් පඩිපෙලේ වැට ලගට ගියා. අපේ මාරදූතිකාවයි උගේ කැම්පස් යාලුවොයි. හරිනේ අද දවස නම් අන්තිම නරකයි. ඔක තමා අපේ අම්මා අද හාෆ්ඩේ.
"ආහ් මල්ලි එන්න"
හරිනේ ඔන්න දසමාර සේනාවේ ඇසට මාව අහුවුනා. මන් හිමීට පඩිපෙළ බැහැගෙන යද්දි කවුරු හරි අපේ අම්මාගෙ පියානො එක ලස්ස්නට ගහනො . මන් බැලුවා පියානෝ එක පැත්ත ,මට එයාගෙ මූන පේන්නෑ ,බිත්තියට වැහිලා ඒත් මට හුරු ගතියක් දැනෙනො . කලු ලෝන්ග් ස්ලීව් ශර්ට් එකට නිල් ඩෙනිමක් ඇදපු සුදු කොල්ලෙක්, සුදු කිව්වට සුදුම නෙවෙ කහපාට වගේ.
"රළපෙල කැළබේ
හසගන විලසෙ
ලවනට සුදු මුදු පහස ලැබේදෝ//
ඔබ හදවත මා
හදුනා ගත්සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ"
වාව් එක මාරම වොයිස් එකක්, මන් හීනෙන් වගේ ගිහින් අපේ අක්කා ඉදපු සෝෆා එකේ එහා පැත්තෙ, ඉඩතිබුන තැනකින් වාඩි වුනා. එ වොයිස් එක මට කවුරු හරි මතක් කරනො , ආයිත් අමතක වෙනො .
"කිදුරු කොදෙව්වෙ කසුන් කුමාරිකාවි
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
චන්ඩ මාරුතේ ඉන්ද්ර කීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ"
එයා එ සින්දුවෙන් මාව ව්එනම තැනකට අරන් යනො. මාව වෙනම ලෝකෙක අතරමන් කරලා දානො. එ කටහඩ නම් හාවනාවක්.