අද අප්‍රේල් 12. සීතලම සීතල දවසක් , හොදටම වහිනවා එලියේ. එ වගේම අකුණුත් ගහනවා මේ හැම අකුණු පාරකටම ගැස්සෙන මාව සනසන්න ලග ඉන්නෙ මනස්කාන්ත විතරයි. මන් මනස්කාන්තව තුරුල්කරන් ,ඇදෙන්ම වාඩිවෙලා ජනේලේන් එලිය බලාගෙන ඉන්නවා. මන් ආසයි වැස්ස,වළාකුළු ,සන්සෙට් එක වගේ දේවල් දිහා බලන් ඉන්න. එක හරි අමුතුම ෆීලින්ග් එකක්
"සීතලම සීතල රාත්‍රියෙ
පාලුව ගනදුර අතරින්
මගේ ලොවට එළිය අරන්
පායන්න සදු පායන්න
ඉතින් සුන්දර සද්යාවක් ප්‍රාර්ථනා කරනවා අසන්නන් හැමෝටම මන් ඔයාලාගේ ආදරණීය තාරා"
අපේ අම්මාට සෑහෙන කාලෙක ඉදන් රේඩියො උණක් තියෙනො. එයා රේඩියො අහන්නෙ මුලු ගෙදරටම ඇහෙන්න. පහුගිය දවස්වල මන් පාඩම් කරපු නිසා දැන්මේ නෑ. ඒත් දැන් නිවාඩු කාලෙ නිසා දලා. මාත් ආසයි රෙඩියො එකේ යන සමහර වැඩසටහන්වලට රෑට යන සින්දු හරිම ලස්සනයි.
"කැමීලීයා මල් සුවදට
සදකෙමි මත පා පිය පිය//
මගේ කුටියේ කවුලු දොරින්
නිදිබින්ද දෑස එ ඔබමද, සිඩරෙල්ලා//
එ සින්දුව හරි ලස්සනයි වටේ පරිසරයත් එක්ක ගැලපෙනවා. එක මාව වෙනම මානෙකට අරන් යනවා
"සකුන ගීය ස්ඇගවී යන වළාපැහැයෙ කළු තවරා //
සැදෑ අදුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින සිඩරෙල්ලා
කැමීලියා මල් සුවදට සද කෙමි මත පා පිය පිය//
වාව් එ සින්දුව මාරයි
"ඉතින් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නෙ ලංකාවෙ නැගී එන පිරිමි ළමයි හතර දෙනෙක් , මේ තමයි සන්සෙට්.
මුලින්ම කියන්නකො බෑන්ඩ් එකේ අයගේ නම් එහෙම
මන් සනුක තත්සර , මේ අශාන් රන්ධික, නෙත්සර මානව් එතකොට ඔය කොනේ ඉන්නෙ ආයුශ් සදදෙව්"
දෙයියනේ ආයුශ් සදදෙව් , Mr. ටූත්පේස්ට් එයාට බෑන්ඩ් එකක් තියද මන් වේගෙන් පහලට ගිහින් රෙඩියො එක උස්සන් ආවෙ අම්මගෙන් බැනුනුත් අහන ගමන්. අම්මගේ රෙඩියො එකත් ණයට අරන් දොරත් වහලා මන් අහන් ඉදියා
ඉතින් කොහොමද මේ බෑන්ඩ් එක හැදුනේ කියන්නකො
මුලින්ම මේ බෑන්ඩ් එකේ ඉදියේ මමයි මානව් යි. අශානුයි ආයුෂ්යි පස්සෙ එකතු වුනේ
ඔයාල අශානුයි ආයුශුයි ඔයාලා දෙන්නා අදුරගත්තෙ කොහොමද
එ දෙන්නම අපේ ඉස්කෝලේ මල්ලිලා, මුලින්ම අපි ආයුෂ්ව දැක්කෙ අපේ ඉස්කෝලේ ශ්වේත රාත්‍රි කොන්සට් එකේ සින්ග් කරපු වතාවේ එතකොට අශාන් මගේ සහෝදරයා.
"ඉතින් කියන්නකො ඔයාලාගෙ ලස්සනම වෝකල් ටෝන් එක තියෙන්නෙ කාගෙද
මන් හිතන්නෙ ආයුශ්ට
ඔව් ආයුශ්
ආයුශ් සින්දුවක් කියමුද
දැන්ම බෑ මන් අන්තිමටම කියන්නම් ; අශාන්ට අවස්තාව දෙමු මුලින්
අශාන් කියමුදා පුංචිම කොටසක් වත් අපේ අසන්නන් වෙනුවෙන්
හරි ආයුශ් අන්තිමටම කියයි එයාට විශේශ කෙනෙක් ගේ හෙට බර්ත්ඩේ එක නිසා