එකොළොස් වන යාත්‍රාව

33 8 34
                                    


සිතූයි ,පයිතයි, තඩියයි ආයුව තල්ලු කරන් බැර්කනි එකට ගියා ගිහින් දොර බාගෙට වැහුවා.

"මන් කිව්වනෙ උබට මුගේ මොනා හරි ටිලින් ටිලින් එකක් තිනෝ කියලා

මන් හිතුවෙ උබ ආතල් එකට එක කිව්වා කියලා පයිතා

දැන් දැක්කාද පයිතා කියන දේවල් වරදින්නෑ

උබලා කටවහගනින්. ආයු ඇත්ත කියහන් උබ දෙව්ගේ මල්ලිට ලව්ද"

ආයු බිම බලාගත්තා
"ඔව්, දැකපු පළවෙනි දවසෙ ඉදන් සිතූ , උබලාට මාව අප්පිරියයි වගේද "

ආයු ඒක නම් ඇහුවේ හිත ඇතුලේ ලොකූ දුකක් හිරකරන්. මොකද මේක ලංකාව මෙහේ මිනිස්සු මේවා අසම්මත විදියට නේ දකින්නෙ. ඉස්සරහට තමන්ට ඉන්න යාලුවො නැත්වෙයි කියලා හිතුනා, දෙව් එයාට වෛරකරයි එයාගේ මල්ලිට කරදර කරන්න හැදුවා කියලාත් හිතුනා මේ ඔක්කොටම වඩා දුක හිතුනේ අවී එයාගෙන් ඈත්වෙයි කියලා හිතුන එකට.

"ලබ්බක් කතාකරන්න එපා බන් එහෙම නෑ.

යකො අපේ කැම්පස් එක්එඑම තව කොච්චරක් ඉන්නොද . ඔවා අපට මැජික් නෙවෙ.

මෙහෙ වරෙන් මයේ අම්මා උබට දුක හිතුනාද? උබට කවුරු නැතත් මේ තඩි ඉන්නවා"

තඩියා පැනපු ගමන් ආයුව හග් කලා. අර බරසාර ඇගට ආයු තැලිලා පොඩි වුනත් යාලුවොන්ගේ සහයෝගේ එයාගෙ හිතේ බර ගතිය අඩු කලා

"ඔහෝම...... ඉදහන් දැන් උබ කිව්වා අරුව දැක්ක දවසේ ඉදන් ආදරෙයි කියලා. ඔය අර අපි දෙව්ගේ ගෙදර ගිය දවසෙද

නෑ මන් ඊට කලින් එයාව දැකලා තියෙනො

මොකාක්///

ශ්....."

මේ තුන්දෙනාගෙ සද්දෙට අවි හෙලවෙනො දැක්ක ආයු ඇස් කොනින්. එයා එතන හිටියට එයාගෙ හිත තියෙන්නෙ අවි ලග.

"කවද්ද උබ මේ පොඩි එකාව හම්බුනේ

ඒ බලන් මුගේ පැනි හිනාව

අයියා එක්ක බිබෙට් තරගෙකට ගියා අපේ ඉස්කෝලෙ තිබුන. එදා තමයි දැක්කෙ බන්

ඔබ දැකුමෙන් මා හට දැනුනේ ඇති ඉහලම සැපතයි මෙලොවේ.

ඉදහන් කටවහන් පොඩි එකා ඇහැරෙයි

හරි හරි කියහන් ෆුල් ස්ටොරිය."

ආයු ඉතින් අවිව මුලින් හම්බුන තැන ඉදලා විස්තර කියනො . මේ අතරෙ තඩියා මැගී හදනො. මැගී ඉතින් සුවහසක් හොස්ටල් ජීවීන්ගේ ජාතික ආහාරයනේ.

"අඩේ මුන් දෙන්න එදා එක කාමරේ නේද හිටියේ. ගිව් මී හෝලි වෝට ප්ලීස්

එහෙම මගුලක් වුනේ නෑ මොකද යකො"

පයිතා නිකන් ඇගිල්ලත් කටේ ගහන් ලමිස්සි වගේ කැත සිතුවිලි පහල කරගෙන

"පයිතා උබ ශර්ලක් හෝම්ස් නෙවෙ බන්"
සිතූ පයිතාගේ උරහිසට තට්ටු කල්ලා කිව්වා

" හරි ඒත් මන් කියපු දෙයක් ඇත්ත වුනානේ"




මොනාද මුන් මේ කතාකරන්නෙ නිදාගන්නත් නෑනෙ

" නෑ බන්. එයා කැමති වෙයි බය නැතුව ඉදහන්"

මොකද්ද එ කිව්වෙ. පොඩක් ඉදහන් කො මේ ටූත්පේස්ට් එයා නෑනෙ. මාව නිදිකල්ලා එයා නැගිටලා. එකට නම් දුක හිතුනා

" නෑ බන් ඔයා ක්‍රශ් නම් සමහර විට එයාත් ඔයාට ක්‍රශ් වෙන්නැති

අනේ මන්දා බන් උ පොඩිනේ"

හෝලි ශිට් ටූත්පේස්ට්ට ක්‍රශ් එකක් ඉන්නොද. මන් ඉද්ද ගැහුවා වගෙ නැගිට්ට . එකට වටේ ඉදිය තුන් දෙනාම මගේ පැත්ත හැරුනා. මන් හෙන මෝඩ හිනාවක් දාලා ශේප් වුනා.

" මල්ලි නැගිට්ටද"
(මගේ රීඩර් වරුනි වරියනි වල් සිතුවිලි පහල කරගන්න එපා එ කිව්වෙ සහෝදරයා ගැන)


"ම්ම්ම්

කමු මැගී

දැන් වෙලාව කීයද

හතරහමාරයි"
ඇයිමේ සිතූ අයියායි ටූත්පේස්ටුයි බයවෙලා වගේ

"ඔයට බඩගිනිද

ම්ම්ම්"
මැගී සුවදට දැන්නම් බඩගිනී.

"මෙන්න කන්න තඩියා හොස්ටල් ස්පෙශල් මැගී

කාලා බලන්න මල්ලි, මුගේ මැගී තමා මේ හොස්ටල් එකේ රසම මැගී"

එහෙම කියලා සිතූ අයියා මට බෙලෙක් පිගානකට දාපු මැගී එකක් දුන්න. මේක ටිකක් අමුතුයි චොහොරයක් වගේ. කන්න පුලුවන් වෙයිද මන්දා හැබැයි සුව......දයි. බඩගිනී අනේ ඔනා එකක් මන් කනො.

"පිගන් මදිනේ. ආයු ,මල්ලිට දුන්නෙ උබේ පිගාන උබත් ඒකෙන්ම කාහන් මන් උබේ ටිකත් ඒකටම දානවා"

අර තඩි අයියා තව මැගි මගේ පිගානට දැන්මා

ටූත්පේස්ට් මන් ලගින්ම පල්ලෙහා ඇදෙන් වාඩි වුනා.
මන් ටූත්පේස්ට් දිහා කටත් උල් කල්ලා කිටුට් විදියට බලන් ඉදියා

"මොකො

කව්වන්නකො

කැහ් කැහ්.....

හම්මො"
මෙයාලාට ඇයි මෙච්චර කැස්ස බෝවෙන ලෙඩක්ද. මෙන්න ටූත්පේස්ට් දමාගෙන ඔරවනෝ

"මුගෙ කියුට්

මන් කවන්නම් කට අරින්න"
අනේ එයා පිඹ පිඹ කවන්නෙ. මාත් ඉතින් කවන තරමක් කට ඇරියා

"මේ තඩි අයියේ



කොහොමද මේවා හදන්නෙ මාර රහයිනේ

උබ ඉගෙන ගෙන කවද හරි මූට හදලා දියන් "
යකූ මුන්ට මොකා වැහිලාද එ පාර සිතූ අයියත් මාව ජෝක් එකට අරන්. නූඩ්ල්ස් හදන්න තඩියයින් ඉගෙන ගෙන ටූත්පේස්ට්ට හදලා දෙන්නලු. මට පිස්සුද එහෙම කරන්න අර ඉන්නවා කිව්ව ක්‍රශ් එකට කියලා හදාගන්න බැරියැයි.

"මේමයි කොල්ලො මුලින්ම අරවගේ ඉලෙට්‍රික් කෙට්ල් එකට වතුර දාලා එකට මැගි කඩලා දානවා එක ගානට එනකොට එකට මේ කරි දානවා රස වැඩි වෙන්න දානවා බිත්තරයක්

උණුවතුර එකට

ඔව් "
ඈ...හ් මන් මේ මොනාද දෙයියනේ කන්නෙ. මන් හාෆ් බොයිල් කන්නෑ

"අද නම් බිත්තට දැන්මේ නෑ . දැන් බිත්තර ගනනෙ"
වෙලාවට නැත්නම් කොමද මේක හිත හදන් කන්නෙ

"උබද බිත්තර දාන්නෙ

අනේ මේ පයිතා ඉදහන්
ඊට පස්සෙ ඔන්නම් කොල්ලො රස වැඩිවෙන්න චිලී පේස්ට්, තක්කාලි සෝස් ඇත්නම් ගානට දාගනින්"

ඔහොම තමා අපි නූඩ්ල්ස් කෑවෙ. අපි නෙවෙයි මම මොකද ටූත්පේස්ට් කෑවෙනෑ එයා එයාගෙ ටිකත් මට කැව්වා පව් එයා.
කියන්න නොදැනෙන අමුතු හැගීමක් එනො එයා එහෙම කරන කොට








A/N
අදට ඉවරයි හෙට අටට එන්න 

රෙසිපි එකට අනුග්‍රය Athena arten hope හරිද මන්දා ටයිප් කලා

කල්පාන්තේ දවසක්Where stories live. Discover now