අටවන යාත්‍රාව

29 10 24
                                    


"Happy Birthday සුදුපුතා
Thank you තාත්ති
පුතා මොනවද කරන්නෙ
ගෙදර ඉන්නෙ අද ඉතින් අවුරුද්දට කලින් දවසනේ
ආ ඔව් නේ අවුරුදුනේ
තාත්තා එන්නෙ කවද්ද ආයිත් ලංකාවට
බලමුකො තව ටික කාලෙකින් ම්ම්"

මගේ තාත්තා වැඩකරන්නෙ කටාර්වල , එයා එහේ ඉංජිනියර් කෙනෙක්. ගොඩකාලෙකින් මන් තාත්තාව දැකලා නෑ ,විඩියෝ කෝල්ස් ගන්නවා ඒත් ඇත්තටම දකින්න බෑනේ.
වැදගත්මදේ අද මගේ බර්ත්ඩේ එක අප්‍රෙල් 13.
මේක හරි අසාදාරන උපන් දිනයක් හැම කෙනාටම අවුරුද්දට වෙනමයිඋපන්දිනේට වෙනමයි තෑගි දෙකක් හම්බෙනවා. ඒත් මට දෙකටම එකයි. අසාදාරනයි.
අද මාගේ උපන්දිනේ උනාට ලොකුවට පාටිනෑ. අපේ ගෙදර මගේ උපන් දිනේ සමරණ්නෙ මහලු නිවාසෙකට දානයක් දීලා. එයාලටත් සතුටුයිනේ ඉතින්. මාත් ආසයි මගේ අනිත් ආලුවො වගේ පවුලෙ අය එක්ක යාලුවො එක්ක කේක් කපන්න. ඒත් අපේ අම්මා හිතන්නෙ එක තේරුමක් නැති දෙයක් කියලා. එක ඇත්ත වෙන්නැති. දානය හොදයි. ඒත් මන් ආසයි. ඔවා කියලා හොද ලෙක්චර්ස් අහගන්නවට වඩා හොදයි ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්නො දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන්.

"හැපි බර්ත්ඩේ වදකාරයො

අනේ යනො යන්න යක්සණි

යකො උපන්දිනේට විශ් කරලාද මන් මේ බැනුම් ඇහුවෙ අයි ආන්ට් ඇක්සෙප්ට් යුවර් රියැක්ශන්

ඇක්සෙප්ට් කරන්න බෑ නම් යනවා වද නොදී"
හැම අවුරුද්දෙම ඔහොම තමා ලගදි ඉදන් මගේ දොර ලොක් වෙන්නෑ .එ නිසා මේ යක්සනී හැමදාම දොර කඩාගෙන එනො. දුක තමා.

දානේ අරන් යන්නෙ මායි අම්මායි අක්කායි. මන් ඉතින් අවුරුද්දට ගත්ත කහපාට ලොන්ග් ස්ලීව් ශර්ට් එකයි කලු ඩෙනිමයි ඇන්දා.
එයාලා බලන් ඉන්නො අපි එනකම්. එයාලාත් හරියට පොඩි ළමයි වගේ එයාලාගෙ පිගානට කැවිලි වර්ග බෙදනකොට මුණු හිනාවෙන් පිරෙනවා. එයාලට හැමදාම ඔවා හම්බෙන්නෑනෙ. එයාලා හරි සතුටින් ඒවා කනවා.

ආපො ඔය එන්නෙ මහාම කරදර කාර මනුස්සයෙක් විජේසූරිය. මෙයා තමයි මෙතන බලාගන්නෙ. මේ මනුස්සයා ගැන කිව්වොත් මහම මහ ලොබයා. මේ වයසක මිනිස්සුන්ට දෙන්න ගේන එවයිනුත් හොරාට පන්නනවා මේක. දානෙට ගේන්නෙ මොනවද කියලා එයාලාගෙන් අහලා ගෙනිච්චොත් කියන්නෙ පානුයි බතුයි ගේන්නලු. ඉතින් අවුරුද්දටත් පානුයි ,බතුයි කොච්චර පව්ද එයාලා. කාලයක් එයාලාත් හම්බකල්ලා දරුවොන්ටත් කන්න අරන් දීපු මිනිස්සු දැන් මහලු නිවාසේ. බලන් ඉන්නවා දරුවො අවුරුද්දටවත් තමන්ව ගෙදර එක්ක යන්න එයි කියලා. හරිම දුකයි.

" පුතාගේ කවෙනි උපන් දිනේද දරුවො

18

අහ් මේ පොතේ ලියන්නකො"
මේ පොත තමයි හැම අවුරුද්දෙම එපාම කරපු පොත. ඇයි දන්නදවද එක දානේ එයාලා පින්දෙන්න ලියන පොතක් වගේ. ඒත් මට එක ලියන්න තෙරෙන්නෑ. අනික මන් හාෆ් කැතලික්. එක මෙහෙමයි අපේ අම්මා කැතලික් තාත්තා බෞද්ධ ඉතින් අප්ඉ හාෆ් කැතලික් හාෆ් බෞද්ධ. එහෙම කිව්වට එහෙම න්ඈ අපි පින්කම් කරනවා බණ අහනවා අන්ඉත් අය වගේම තමා ඒත් නත්තලුත් සමරනවා.


ආච්චිලා, සීයලාට දානේ දීලා ඇවිත් ෆොන් එක අරන් ඇදට වැටුනේ විශ් බලන්න. මගේ යක්කපුත්තු ටික මට විශ්කල්ලා තිබුනා. තව අන්නෝව්න් නම්බර් එකකිනුත් විශ් එකක්

"ඔයාට සුභම සුභ උපන්දිනයක් මගේ අවී. ඔයාගේ ලස්සන බලාපොත්තු ඔක්කොම ඉශ්ඪවෙන සුභ උපන් දිනයක් වේවා!"

හෑ මේ මොකෙද්ද මේ. පොඩ්ඩක් ඉදහන් " මගේ අවි" මට කවද ඉදන්ද යකො අයිති කාරයො ඉදියේ සංසාරේ කෙල්ලෙක්වත් ද මේ. කවුද මේක එව්වෙ බලන්න dp බලද්දි dp එක බ්ලැක් ඇන්ඩ් වයිට් එකෙත් මූන ඉස්සරහින් අත තියලා නිකන් ෆොටො එක බලන්න එපා වගේ. අනේ මොන නාඩගමක් ද මෙ. එනිවෙ බර්ත්ඩේ විශ් නේ තැන්ක්‍යු කියලා බ්ලොක් කරනො. මන් තැන්ක්‍යු කියලා සෙන්ට් කල්ලා තප්පර අරික්කාලක් යන්නැතුව ඇති එක සීන් කරා. මට වැඩක් නෑ නේ මොකා වුනත් මන් කාගෙවත් නෙවෙ මන් බ්ලොක් කරා.


කලින් කිව්වා වගේ ඉතින් තෑගි කියලා ලොකු දේවල් නෑ අක්කා නම් වොලට් එකක් දුන්න. අම්මා ඉතින් බෙඩ්ශීට් එකකුයි කොට්ට ,උරේකුයි දුන්නා ඔවා තමා තාත්තා නම් සල්ලි දැන්මා බැංකුවට. අන්තිමට එකත් අනිත් දවස්වගේම සාමාන්‍ය දවසක් වුනා.

කල්පාන්තේ දවසක්Opowieści tętniące życiem. Odkryj je teraz