සය වන යාත්‍රාව

47 7 30
                                    

වෙන කවුරුත් නෙවෙ ටූත්පේස්ට් කොණ්ඩෙ තෙතයිදත් කොහෙද. කොහොම වුනත් තෙත කොණ්ඩෙයි ,විනිවිද පේන සුදු ටීශර්ට් එකයි, කොට කලිසමයි මාර මැචින් එයාට. පොඩ්ඩක් ඉදහන් මු කොහෙ යනවා කියලා හිතාගෙනද එන්නෙ, එ මදිවට අතේ කිරි එකකුත් තීනො. මේ මනුස්සය නිකම් දෙමළ ෆිල්ම්වල ගෑනු හනිමූන් යන්න කාමරෙ දොර ඉස්සරහා ඉන්නො වගේනෙ ඉන්නෙ.

"මන් ඇතුලට එන්නද

ඇතුළට ඇවිත් එන්නද අහන රටක් තීනවද

නෑවිත් බෑනෙ ඔයා මනෝලෝකෙ සැරි සරලා ඉවර නම් අපි නිදාගමුද"
ඔහ් ජීසස් මු නම් ඇවිත්තීන්නෙ අද මගේ කන්‍යා භාවෙ නැති කරන්න. අනේ මාව බේර ගනියෝ

" මන් කොතනද නිදාගන්නෙ

මගෙන් අහන්නෙ ,ඔය ඉඩ තියෙන තැනක නිදාගන්න"
මන් එහෙම කිව්වම වැටිලා හිටිය මනස්කාන්තවත් අරන් මු ඇදට ගිහින් මගේ කොට්ටෙන් ඔලුවත් තියාගත්තා.

"එයි එයා මගේ

නම ගහලා නෑ

මනස්කාන්ත මගේනේ"
මට කෙන්ති කේන්ති වැඩි කමට දුකට ඇඩෙන්නත් එනො

"මොකක් මනස්කාන්ත හා..හා......"
මේ යකා මහ හයියෙන් හිනා වෙනො මන් දිහයි, මනස්කාන්ත දිහයි බල බල. මහ දුස්ටයි එහෙම හිනාවෙන්න ඔන නෑනෙ . මනස්කාන්ත මගේ බොක්කෙ ෆිට් එක. උට උනත් දුක හිතෙන්න ඇතිනේ. මන් මනස්කාන්තවත් උදුරගෙන එයාගෙ කකුල් දෙකටත් උඩින් පැනලා බිත්තිය පැත්තෙ කොණට ගිහින් මනස්කාන්තවත් තුරුල් කරන් නිදාගත්තා ,දවසේ ගුටිකාලා හිත රිදිලා මහන්සියටද මන්ද ඉක්මන්ටම නින්ද ගියා.

..........................................................................


"අවි
ඔයා නිදිද "
ආයුෂ් අවිහස්‍ය නිදාගෙන ඉන්න පැත්ත හැරිලා බැලුවා

"ඔයාට ඉක්මන්ට නින්ද ගිහින්, දගමල්ල දවසෙම නටලා , රවලා ,ගොරවලා දැන් ලේන් පැටිය වගේ මනස්කාන්ත තුරුළු කරන් නිදි. මොකටද අනේ මේ මනස්කාන්තව "
අවිහස් තුරුල්කරන් හිටපු නිසාද මන්දා ආයුශ් මනස්කාන්තව මේසෙ යටට වීසි කලා. ඊටපස්සේ  පරිස්සමින් අවිහස්ගේ ඔලුව අරන් එයාගෙ කොට්ටෙන් තියලා, අවිහස් දිහා බලන් ඉන්නවා.





"අනේ අද නිවාඩුයි ඔක ඔෆ් කරන්නකො"
මොන යකාද මෙච්චර උදෙන් එලාම් තියන්නෙ. 

උදේ පාන්දරම දැක්ක සමීප රූපෙ නිසා නින්දත් නැතිවුනා. දෙයියානේ මන් නිදාගෙන තියෙන්නෙ ටූත්පේස්ට් බදාගෙනද? මේ මොන නව නින්ගිරාවක්ද ඔහොම ඉදින් මේ මුගේ එලාම් එක මන් උදේට එලාම් තියන්නෑනෙ. අම්මා ඇවිත් පස්සා දෙකක් ගැහුවම ඇහැරෙනෝ මිසක්. නිදාගෙන ඉද්දි නම් අහිංසකයි. අනේ ආයිත් මේ කරුමේ වදිනො.
"නවත්තනො ඔක ,මොන කරුමයක්ද"
මම නිදි මරගාතෙම නැගිටලා ගියේ ෆෝන් එක මොකාගෙ වුනත් පොළොවෙ ගහනො කියලා හිතන්

"ඔහොම ඉන්න "
මු නැගිටලාද ? 

කල්පාන්තේ දවසක්Where stories live. Discover now