"බිලිං කොහිල තක්කාලි කතුරුමුරුංගා... පිපිඤ්ඤා බන්ඩක්කා පුහුල්ද වට්ටක්කා..බටර් බොංචි ගෝවා රාබු තුඹ කරවිල දිග පතෝල!!"
මොන කරුමයක්ද මන්දා ඊයෙ ඉදන් රෝස පාට නපුරු කුඩම්මාගෙ මේ සින්දුව කොයිවෙලෙත් මට මිමිණෙනවා.. ඕන පුකක් පළු දෙකයි කියල මං ඒ සින්දුවම මුමුණ මුමුණ මේ යන්නෙ පොල්වත්තෙ සේනාධීර බංගලාවට..
විමලා නැන්දාට මං ගැන කිව්වයින් පස්සෙ නැන්දා බංගලාවට කියලා ගුණේ මාමා අතේ මට අද එන්න කියල තිබ්බ නිසා ත්රීවිල් පාර්ක් එකට යන්න කලින් බංගලාවට යන්න ඕන කියල මම හිතාගත්තා.. එහෙම්ම මම පැටික්කිව අරලිය උයනෙන් හරෝලා අක්කර කීයකද මන්දා පට්ට බංගසාල පොල්වත්ත මැද්දෙන් බංගලාව දිහාට ගියා..
තියන තැන දැනගන හිටියද මොකද මේ පොල්වත්ත මැද්දෙන් බංගලාවට හා හා පුරා කියල මම ආවෙ අද. දඩ විසාල කැටයම් කපපු ලී ගේට්ටුව වහලා දාලා තිබ්බ නිසා මම දෙතුන් පාරක් හෝන් කලා.. ඒ එක්කම වගේ ගේට්ටුවෙ පොඩිම පොඩි කවුලුවකින් ඇස් දෙකක් විතරක් එලියට ආවේ මාවත් එක්ක ගැස්සිලා යද්දි..
"කවුද?"
ගොරෝසු කටහඩකින් එහෙම අහනකොට මම ත්රීවිල් එකෙන් බැස්සෙ මේකෙ අස්සෙ ඉදන් උත්තර දුන්නට ඌට ඇහෙන්නැතිවෙයි කියල හිතලා..
"මම ජනා.. බංගලාවට ඩ්රයිවර් කෙනෙක් ඕනයි කියල තිබ්බෙ"
ඒ එක්කම ඒ ගොරක මද දෙකක් වගේ තිබ්බ ඇස් දෙක මගෙ උඩ ඉදන් යටටම බැලුවා.. මේ උදේ පාන්දර නැති යක්කුත් ඔලුවට එනව මූව දැක්කාම.
"වාහනේ ඔහොම තියල යතුර අරන් ඇතුලට එන්ඩ"
ඌ එහෙම කියලා ඩොං ගාලා අර කවුලුව වහල ඊට එහායින් තිබ්බ පොඩි ගේට්ටුවෙ අගුල ඇරියෙ මම පැටික්කි එහෙම්ම අයිනට කරල නවත්තලා යතුර ගලෝලා අතට ගද්දි.
මේක අම්මටසිරි වෙන තැනක් ය කියල ගේට්ටුවෙන් ඇතුලට ආව ගමන් මගෙ හිත කිව්වා.. අක්කර ගානක පොල් වත්තක් කෙලවරට වෙන්න අලුත් කරල අරන් තිබ්බ පරණ බංගලාවක්.. කොටින්ම පට්ට ගෙයක්..ගෙයක් කිව්වට ඉතින් මේ අපි ඉන්නවා වගේ කාමර දෙකයි සාලෙයි කුස්සියයි නෙවේ මාලිගාවක්..
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.