දන්නවද තුහිනයියේ.. එක්කෙනෙක් දුම්මල වරම අතට අරන් හිටියෙ එනමඟටම. මේ පොඩි කොල්ලටත් කෑගැහුවා ආවේස වෙලා වගේ!"
අපි හිටියේ කෑම කන ගමන්. සහනයා ඇස් යටින් බලල එහෙම කිව්වාම මම කටට දාගත්ත කකුලු අන්ඩත් ආයෙ ප්ලේට් එකට වැටුනා. තුහින අයියා මගෙ දිහා ඇස් හීනි කරල බලලා හිච්චා දිහා බැලුවා.. කොල්ලා තාම ඉන්නෙ මාත් එක්ක තරහෙන්ද කොහෙද. මටත් දුක හිතුනා හැබැයි සුදු බාප්පා ළඟ ගුලිවෙලා කන විදිය දැක්කාම.
"නිතිල්.. අයියා බැන්නද?"
"ඕ!"
අනේ යකෝ. මෙන්න සහෝදරයෝ.. ගත් කටටම ඕ ගෑව හැටි. මේ පොඩි පග්ගු ඔහොම්මයි.
"කොල්ලට බැනල අහුවෙන්නෑ නිදුක්! මම එදත් කිව්වා සැර කරන්නෙපා කියල මල්ලිට!"
තුහින අයියා එහෙම කියල මගෙ කන මිරිකුවා. ඒක සිරාවටම රිදුනා. හිච්චා සහනයා එක්ක එකතු වෙලා හිනාවෙනව. පක්කු දෙන්නට දෙන්නම් මම! එව්ව් ලැජ්ජයිත් වගේ මට
"බැන්නෙ නිකන් යැ! දැගලිල්ල වැඩියි දැන් පොඩි ප-ම්හ්ම්.. ලමයගෙ!"
තුහින අයියා මට රවලා ආයෙ කෑම කන්න ගත්තා.. බැන්නේ මම අවුලෙන් හිටිය නිසා. අවුලෙන් හිටියෙ තෝ කෝල් ආන්සර් කලේ නැති නිසා.. ආන්සර් නොකරන්න හරි කෝල් කරන්න පුලුවන් උනේ මට ෆෝන් එකක් තියන නිසා, ෆෝන් එකක් ගන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මාත්තයා නිසා! ඌ තමා වැරදි ගිහින් උගෙ කන මිරිකපන් කියල කියන්නත් හදලා පයිලට් පගා දිහා ටික වෙලාවක් මං බලන් ඉදලා රෝස් පාන් කෑල්ලක් කකුලු හොද්දෙ පොගවගන කටේ දාගත්තා.. ම්ම්ම් දිව්යලෝක රස!
"ආකාශ්... තව මොනාහරි ඕනද?"
සුදු බාප්පා එහෙම අහද්දි මං එකපාරට බැලුවෙ තව එකෙක් ඇවිල්ලද කියල. පස්සෙ මීටර් උනෙ සහනයාට කතා කලේ කියල. මුන් මේ දෙවනි නමෙන් කතා කරන්න අරන් අපිටත් පැටලෙනවා..
" මේ කොත්තු එක හරීඊඊ රසයි අයියේ.."
අනේ අනේ.. මට සුදු බාප්පා ගැන පව් කියලත් හිතුනා.. කන්න ඕනද ඇහුවෙ මරු මිනිහගෙන්. එපාම කියයි..
"තව එකක් ඕර්ඩර් කරමු එහෙනම්. නිතිල් පුතේ මොනාද ඕනෙ?"
"අයිශ්ක්රීම්"
![](https://img.wattpad.com/cover/354008416-288-k74181.jpg)
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.