තුහින අයියගෙ හිත හදලා ආවට මොකද දවසක්ම කල්පනා කරලත් එයා නැතුව සති ගානන් මාස ගනන් ඉන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැරිවුනා..
මේ ටික කාලෙට මම කොයිතරම් එයාට ඇබ්බැහි වෙලාද කියනවනම් එයාට නෙවෙයි එයා නැතුව ඉන්න විදිය අමතක වෙලා තිබුනෙ මට.. දවසක් කෝල් නොකලාම මගෙ හිත පිස්සු නටන විදිය මතක් උනාම මාස ගනන් තුහින අයියා නැතුව ඉන්න ඕන කියල හිතද්දි මට ඇත්තටම පිස්සු හැදෙන්න වගේ ආවා.. මේ මනුස්සයා මාව පිස්සෙක් කරල..
මොනා උනත් සහනයා ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරපු එක ගැන මගේ හිතේ තිබ්බෙ මාර සතුටක්.. තුහින අයියා යන්න කලින් එයා එක්ක නිදහසේ ඉන්න ලැබෙන එකම මොනතරම් දෙයක්ද.. බණ්ඩාරවෙල කියන්නෙ ශෝක් පැත්තක්.. සීතලේ අපි දෙන්නට හොදට තුරුල් වෙලා ඉන්න පුලුවන්.. උණු කෝපි කෝප්පයක් බොන ගමන් කතා කරන්න කොච්චර දේවල් තියනවද.. හොටෙල් එකක් බලන්නත් ඕන.. ලස්සන නිදහස් තැනක් හොයාගන්න ඕන..තුහින අයියා කිව්වෙත් එහෙම තැනක් බලන්න කියල තමයි..
එක එක විකාර හිත හිත ඇදට වෙලා තප්පලන් ගහන් හිටිය මගෙ මනෝ ලෝකෙන් බිමට සහනයාගෙන් ආව කෝල් එකෙන්..
"ඕ කියපන්"
"මේ ඒයි.. සීතලට අදින්න ඇදුම් ගන්ඩ යමුතේ..."
සහනයා ඒක අහපු විදියට මට හිනා ගියා. කොහොමටත් මටත් අලුතින් ඇදුම් වගයක් ගන්න ඕන වෙලා තිබ්බෙ. ජොක්කු තුනකුත් හිල් වෙලා ඔව්වා අරන් ට්‍රිප් යන්න බෑනෙ අනේ..
"ආ.. යමන්.. කීයටද?"
"තව පැය බාගෙකින් වගේ වරෙන් මාත් එන්නම් මගට"
"ඕකේ බොස්.."
සහනයයි මායි හිටියේ හවුස් ඔෆ් ෆැශන් එකේ.. සහනයා සුදු බාප්පාගෙනුත් හොද දතක් ගලෝගන ඇවිත් තියෙන්නෙ ඇදුම් ගන්න. එයා සල්ලි දෙද්දිම කියල මටත් එක්කම ගන්න කියලා. නොකිව්වත් ඉතින් සහනයා කොහොමත් මට එක්කම ගනී . ඒත් දැන් මගෙ අතේ සල්ලි තියන නිසා මං ඌට කිව්වා මගෙ ඇදුම් ටික මං ගන්නන් කියල.
"අනේ අනේ මේ! නිකන් ලොරි ටෝක් දෙන්නැතුව ඉදපන් මං ගන්නවා උබටත් එක්ක. අනික මෙව්වා උබේ සුජු බාප්පෑ සල්ලිනෙ. නිකන් පඩ සීන් නොදා අරන් දෙන එකක් ගනින්!"
![](https://img.wattpad.com/cover/354008416-288-k74181.jpg)
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.