"අම්- මේ ස්- සහන්.. වරෙන් ඇතුලට.."
තුහින අයියා වැටිච්ච පාර එහෙමම බිම ඉද්දි මම කර කියාගන්න දෙයක් හිතාගන්න බැරුව දොර ළඟ හිටගන අපි දිහා බයවෙලා වගේ බලන් ඉන්න සහන්ට කතා කලා.. ඒ එක්කම තුහින අයියා නෝන්ඩි නැතිවෙන්න ශේප් එකේ නැගිටල හිටගත්තා.. වැදුන පාරට රිදුනද දන්නෑ...
"ආ.. මේ..නෑ නෑ..නැන්දා ඇහුවා අයියට තේකක් හදන්නද කියල.. හදන්නම් නේද?ඔව් ඔව් හදමු හදමු"
සහනයා එහෙම කියල කලබලෙන් වගේ ආපහු හැරිලා කාමරෙන් එලියට යන්න ගිහින් ඌට පිටිපස්සෙන් ආව හිච්චාගෙත් හැප්පුනා..
"උබත් කොහෙ රිංගනවද මන්දා! මෙහෙ වරෙන් යන්න"
මොකද්දෝ එකක් ගිල ගිල ආව හිච්චාටත් ටොක්කක් ඇනපු සහන් ඒකාවත් ඇදගන අයෙ සාලෙට ගියා..
ඇයි..! මටම මෙහෙම වෙන්නෙ ඇයිඊඊඊඊඊඊඊ!!
අපි හිටියෙ සාලේ.. තුහින අයියා අම්ම හදල දීපු තේක බොන ගමන් සැරින් සැරේ හිමීට ඇස් යටින් මගෙ දිහා බලනව.. තෝ තමා ඔක්කොම කලේ ඉබින්න ඇවිත්! මං ශේප් එකේ සහන් දිහා බලන හැම සැරේම ඌ ඝරසරපයා වගේ රවාගන මගේ දිහා බලන් ඉන්නව. වැඩේ පත්තු වෙලා වගෙයි...
"ලුකු අයියේ මේ..."
"ආආආව්!"
තේ එක බීලා නැගිට්ට තුහින අයියගෙ අතෙන් ඇදපු හිච්චා ඌ පාට කරපු මොකද්ද එකක් පෙන්නද්දි තුහින අයියට කෑගැස්සුනා.. ඒ කෑගැහුව පාරට හිච්චා විතරක් නෙවෙයි අම්මත් ගැස්සුනා.. ඇදෙන් වැටුන පාර දඩොං ගාලා එයාගෙ වැලමිට බිම ඇනුනා මට ඇහුනත් කලබලේට මට ඒක අමතක උනා..
"පුතේ? මොකෝ අත තුවාල වෙලාද?"
අම්මා කලබලෙන් වගේ තුහින අයියාගෙන් අහද්දි තුහින අයියා ආයාසෙකින් හිනාඋනත් ඒ මූන බැලුවාම රිදුන තරම මට හිතාගන්න පුලුවන් උනා.. හිච්චාත් අඩන්න වගේ තුහින අයියා දිහා බලන් ඉද්දි තුහින අයියා හිච්චාගෙ ඔලුව අතගෑවා..
"අහ්..නෑ අම්මේ මේ පොඩ්ඩක් ගෙදරදි ලිස්සලා වැටිලා අත ඇනුනා"
තුහින අයියා දිවේ කටේ නොගෑවී පචයක් කෙලිද්දි මට ඉබේඅ බැලුනෙ සහනයා දිහා. ඌ දැන් සෑහෙන වෙලාවක ඉදන් එකම බැල්මෙන් මං දිහා බලන් ඉන්නවා..
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.