හෝන්දු මාන්දු ගතිය එක්ක මාව වෙනදටත් වඩා කලින් ඇහැරුනා.. ඇහැරුන ගමන්ම මගෙ ඔලුවට ආවේ තුහින අයියව වෙද්දි ඒ හැඟීමටම මගෙ පපුවෙ ගින්දරක් පත්තු උනා වගේ මට දැනුනා. ඒ තප්පරේම මං ෆෝන් එක අතට අරන් බැලුවෙ පුංචි බලාපොරොත්තුවකින් උනත් තුහින අයියගෙන් අඩුම මැසේජ් එකක්වත් ඇවිත් නැතිවෙද්දි ආයෙම මට ඇඩෙන්න ආවා..
වෙනදට දවසේ මං කරල තියන්න ඕන වැඩ ටික ඔක්කොම එක්ක හවසට හිච්චාව ගන්න පරිස්සමින් ඉන්න වගේ දාහක් දේවල් කියල යන අම්මාත් අද නොකියම ගෙදරින් යද්දි මගෙ හිත තවත් රිදුනා..
අම්මා හිච්චා එක්ක ගියාට පස්සෙ මං තව ටික වෙලාවක් ආයෙ නිදාගන්න උත්සහ කලත් පැය ගානක් ඇදේ පෙරලි පෙරලි ඉදියා මිසක් මගෙ ලඟට නින්දක් නම් ආවෙ නෑ..
ආදරේ කියන්නෙ මේ වගේ මගුලක් කියල දන්නවනම් තුහින අයියා මුලින්ම මාව කිස් කරපු වෙලේ උගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න පාරක් දීලා එනවා එන්න මම!
හන්දියට යන්න හිත හදාගන්න බැරි උනත් යන්න වෙන තැනක් නැති නිසා මම නැගිටලා නාගන හන්දියට ගියා. ඒ වෙනකලුත් තුහින අයියගෙන් මට කෝල් එකක් තියා අඩුම මැසේජ් එකක් වත් ආවෙ නෑ..
><
මම හිටියෙ හන්දියෙ. සහනයාත් වැඩට ගිහින් නිසා උදේ වරුව මට යන්න තැනක් තිබ්බෙ නෑ.. ඒ නිසා හයර් දුවන්න උවමනාවක් නැතත් මං හන්දියට වෙලා ඉන්නව කියල හිතලා හන්දියට ආවා..
"හම්මට ජනා! යකෝ උබව දැක්ක කල්"
හන්දියෙ බිමල් අයියා මාව දැකලා අත වනාගන මගෙ ලඟට ආවාම මාත් ඌට අත වැනුවා. හන්දියට ආවෙම නැති නිසා මුන්ව දකින්නෙ හුඟ කාලෙකින්..
"කොහෙද බන් ගිහින් හිටියෙ ? අපි කතා උනත් එක්ක පොඩි එකා වෙන ජොබ් එකක් හොයාගන වෙන්නැති කියල"
"නෑ අයියේ. මොන ජොබ්ද.. මම මේ ටිකේ හන්දියට හයර් දුවන්න ආවෙ නෑ වැඩිය "
මම එහෙම කියල පැටික්කිගෙන් බැහැලා ඇවිත් ඒකටම හේත්තු උනාම බිමල් අයියත් මගෙ එහා පැත්තෙන් ඇවිත් හිටගත්තා..
"ඇත්තද බන් උබ බංගලාවෙ හයර් දුවනවයි කියන්නෙ"
අම්මෝ ඔය තියෙන්නෙ. මං ඒත් බැලුවා මුන් තාම මේක දන්නැත්ත්ව් කොහොමද කියල..
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.