"ජයන්ත!?"
ජයන්තයා කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දාගන ඉස්තෝප්පුවට ඇවිදගන එද්දි මම කටත් ඇරගන බලාගන හිටියෙ ඒ දිහා.. ඇවිත් තිබුනෙ හන්දියෙ ත්රීවිල් එකක. හිච්චා බඩිල්ලාවත් වඩාගන මට බැන බැන ගෙට යන්න හදලා ජයන්තයව දැක්ක පාර ඌත් හිට්ටා..
ජයන්තයා නාලද කොහෙද කොන්ඩෙ කැරලි වෙලා මුලු මූන පුරාම වැටිලා. නිකන් අර ඒකා අදින ජාතියේ අම්මා මුත්තාටත් බහින්න පුලුවන් සයිස් ටීශර්ට් එකයි ලොකු කලිසමකුයි ඇදගන බාට කෑලි දෙකකුත් දාගන අම්බ පොශ් එකා වගේ ඇවිත් හිටියෙ .
හරි හරි ඉතින් මූ පොශ් තමා මොකෝ සල්ලි නැතුව යැ..
මම කටත් ඇරන් බලන් ඉද්දි ජයන්තයාත් ඔලුව උස්සලා ඉස්සරහ බැලුවා.. ඒ එක්කම ගේ ඇතුලෙ ඉදන් එලියට ආවේ අම්මා..
"අනේ මහත්තයෝ මේකා ෆෝන් එකත් දාලානෙ ගිහින් තියෙන්නෙ ඉන්න මං පියසීලි අක්කලෑ දිහාට-- ආ මේ ඇවිත් ඉන්නෙ... යන තැනක මේ අටමගල අරන් යන්න දන්නැද්ද බන්!"
අම්මා මොනාදෝ කියෝගන ඇවිත් මාව දැකලා මං ගාවට ඇවිත් මගෙ පිටටත් පාරක් ගහලා මගේ ස්මාර්ට් දුරකථනයෙන් මගෙ බඩට ඇන්නා.. අනේ හිරිහැර කරනවනේ...
"මේ මහත්තයා ඇවිත් තියෙන්නෙ උබව හම්බෙන්න.. උබට කෝල් කළාට ෆෝන් එක ආන්සර් කලේ නෑලු දවසම.. මම කිව්වා උබ අසනීපෙන් හිටියෙ දැන් මේ යාලුවෙක් ගෙ ගෙදරකට ගියයි කියල"
අම්මා හොරාට ඇස් වලිනුත් හොර බැල්මක් දාන ගමන් එහෙම කියාගන ගියේ මම අම්මා කිව්ව ඒවට ගැලපෙන්නැති වෙන අටමගලයක් කියවයි කියලද කොහෙද. අම්මේ... අම්මත් කපටි නෑ නේද..
"අහ්...ආ... ජය-ප්- පොඩි මහත්තයා ඇයි මෙහෙ?"
අම්මා කියවපු ටික අහගන ඉදලා ඔලුව උස්සලා ජයන්ත බොසා දිහා බලද්දි ඒකා ඉන්නවා බැලුවද ගිල්ලා ටයිප් එකෙන් මං දිහා බලාගන. ඒ මූන දැක්කාම වචනත් පැටලිලා තව ඩිංගෙන් ජයන්ත කියල කියවෙනවා!
මං අහපු එක වගේ වගක් නෑ වගේ එයා පඩි දෙක බැහැලා මිදුලට ගිහින් අර ආව ත්රීවිල් එකේ මනුස්සයාට මොනාදෝ කියල සල්ලිත් දීලා පිටත් කලා..
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.