"ආහ්..හහ්.. මේ ඇවිත් ඉන්නෙ... අනේ...මාව මතකද ලොකු උන්නැහේට? මම සහන්? මතකද මාව? තාම ඔයාට? දවසක් හරි ආදරෙ කල මුල්ම කෙනාව?"
සහනයගෙ ඉස්තෝප්පුවටවත් අඩියක් තියන්න හම්බුන්නෑ පැටික්කිගෙ සද්දෙටද කොහෙද එලියට දුවගන ආව සහනයා මාව දැකල මගෙ ලඟට දුවගන ඇවිල්ලා මගෙ උරහිස් දෙකෙන් අල්ලලා මොනාදෝ කියෝ කියෝ මාව හොල්ලගන හොල්ලගන ගියා.. හොල්ලපු පාරට ඔලුවත් දෙදරුවාද කොහෙද ඌ කිව්ව මොන හත්තිලව්වක් වත් මට තේරුනේ නෑ..
"අපෝඕඕ මතකයි මතකයි! අතෑරපන්කෝ මොන කරුමයක්ද මේ!"
මං සහනයව ගසලා දාලා අයින් උනාම මූ ආයෙ ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලගත්තා.
"කරුමෙ? ආ ඔව් ඔව්. මං දැන් කරුමෙ තමා. අලුත් පොශ් යාලුවො ඇතිනෙ දැන්.. හරි හරි.."
සහනයා මරු කියෝලා අන්තිම ටික දුකෙන් වගේ කියල මගෙ බෙල්ල අතෑරල දාලා ගස්සගන ගේ ඇතුලට ගියා. යකෝ මගෙ මිනිහාගෙන්වත් නෑනෙ මෙහෙම වදයක්! මාත් ඉතින් ලොකූ හුස්මක් අරගන අර කෑල්ල ශේප් කරගන්න ආව කොල්ලා වගේ සහනයගෙ පුක පස්සෙන් උගෙ කාමරේට ගියා. තරහ වෙලා ආව පාර මූ ඔලුවෙ ඉදන් පොරවගන බුදි!
"ඕයි..."
මං සහනයගෙ ඇදෙන් ඉදගන අනිත් පැත්ත හැරිලා රෙද්දකුත් පොරෝගන ඉන්න සහනයගෙ පුකට ඇගිල්ලෙන් ඇන්න පාර මූ ගැස්සිලා පුක අකුලෝගත්තා.. ඉකේ පුරුදු නෑ වගේ තාම මේවා..
"ඕයි.. නැගිටහන්කෝ"
"මොන හුහ්..."
මං ආයෙම සහනයාගෙ පුකට ඇන්නාම මූ හුහ් ගාගෙන උඩ ගිහින් නැගිට්ටා..
"එන්නෙපා උබ එහෙන් මෙහෙන් ඇනගන හොදේ.. ගිහින් ඇනපන් අලුත් යාළුවට! මම දැක්කානෙ ෆොටෝ එහෙමත් දාලා තියනව.. මොකද්ද උගෙ නම....අහ්.. යෙවාන්.. යෙවාන්!"
සහනයා ආයෙම මට රවලා අනිත් පැත්ත හැරෙන්න හදනකොට මම පැනලා උගෙ බෙල්ල බදාගත්තා..මූ මගෙ සෝශල් මීඩියා ඔක්කොම පීරලා වගේ..
"අනේ මේ එහෙම නෑ ඕයි.. මේ ටිකේම ක්ලාස් නෙ ඒකයි උදේ ගියාම එන්නෙ රෑට.. මහන්සියට නින්ද යනව යකෝ මට"
මම සහනයාගෙ බෙල්ල බදාගන එහෙට මෙහෙට පැද්දි පැද්දි එහෙම කිව්වාම මූ බුම්මගන මොකුත් නොකියා මම පැද්දෙන පැත්තට වැනි වැනි හිටියා..
YOU ARE READING
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.