මගේ අලුත් ගෙදර... ඒක කොහෙද තියෙන්නේ!
ජන්ග්කුක් අතේ තියන කාඩ් එකේ බෝලෙට ලියවෙලා තියන හෝම් අඩ්රෙස්ස් එක දිහා බලන ගමන් ඒ ලේන් එක දිගටම ඇවිදගෙන යද්දි එයාගේ අතේ තිබුනු ලොකු ඇදුම් බෑග් එකත් එයා එක්කම එල්ලිලා ආවා!
පොඩ්ඩක් පරණ පාට ගෙවල් නේද තියෙන්නේ!
ලේන් එකේ අනිත් ගෙවල් දිහා බලන ගමන් ජන්ග්කුක් එයා එක්කම කියාගෙන එයාගේ අතේ තිබුනු කාඩ් එකෙන් එයාගේ ඉස්සරහා දතකට තට්ටු දාද්දි එයාගේ කට ලොකුවට ඇරුනා!
දෙවියනේ මේ මොන අපායක්ද!!!
ලේන් එකේ අන්තිම ගෙදර ඉස්සරහා තියන ලී පුවරුවක එයාගේ අතේ තියන කාඩ් එකේ තියෙන අකුරු ටිකම අපැහැදිලිව තිබ්බත් ඒක කියෝගන්න පුලුවන් උනු ජන්ග්කුක් කෑගැහුවේ එයාගේ ඉස්සරහා තියන ගෙදර දිහා බලන ගමන්!
ඒක සම්පූර්ණම ජරාවාස උනු පරණ ගෙයක්! බැලූ බැල්මට ගෙදර තියන පරණ විලාසිතා, ඒ ලේන් එකේම තියන අනිත් සමහර ගෙවල් වලට වඩා අලුත් පාටයි කියලා පෙනුනත් ඒ ගෙදර අව්රුදු ගානකින් මිනිස් වාසයක් තිබිලා තියනවයි කියන්නනම් බැරි උනා! ඒක ඒ තරම් වල් වැවිලා ජරා වෙලා පාසි බැදිලා තිබ්බා!
එතකොට-- එතකොට මං මගේ සේරම සල්ලි වියදම් කලේ මේකටද!?
ජන්ග්කුක්ට මතක් උනා එයා අව්රුදු ගානක් තිස්සේ ස්ටඩීස් අතරම පොඩි පොඩි පාට් ටයිම් ජොබ්ස් කර කර සල්ලි එකතු කරපු හැටි! ඒත් අන්තිමේ ඒ හැම සල්ලි කොලයක් ගානෙම මේ අත්භූත පාට බයානක පරන ගෙදරට එයා යට කරලා දාලා!
එයා එයාගේ ඔම්මලා එක්ක වැඩිය ලග නැති නිසා එයාට ආයෙම ගෙදර යන්නත් බෑ! එයා කොහොමත් වෙනම ගෙයක් අරන් එන්න ආවේ අම්මලගෙන් ඈත් වෙලා ස්වාදීනව ඉන්න ඕනේ උනු නිසා! ඒත් දැන්... එයාට තේරුනා ඔන්ලයින් ගෙයක් හොයලා එයාව සම්පූර්ණවම කව්රුහරි කපටි මනුස්සයෙක්ට රැවටුනා කියලා!
එයා දන්නේ නෑ ගෙදර ෆොටෝස් කියලා එයාට කොහෙ ගෙදරක ෆොටෝස් ලැබුනද කියලා! ඒත් දැන් එයාට ෆොටෝස් එව්ව මනුස්සයාගේ ෆෝන් නම්බ'ස් වැඩ කලෙත් නෑ! ඔන්ලයින් සල්ලි ට්රාන්ස්ෆ' කල නිසා එයාට දැන් සල්ලිත් නෑ! එයා දන්නවා මේක එයාගේ වරද කියන්න!
YOU ARE READING
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)
Fanfictionදැන් මොකක්ද ජොන්ගේ හයිබ්රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බතල කම්මුල් රෝස ගැහිලා තිබ්බා! මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද... හැමදාටම?