Chapter 13

185 46 52
                                    

ජොන්!? ඔයාට පේනවද චූටි හයිබ්‍රිඩ් කෙනෙක් ඔයාගේ පස්සෙන් එනවා!?

......

ජොන් උත්තර දෙන්නකෝ... ඔයා මාව එලවන්නේ නැතුව තියාගන්නවා නේද!?

ජිමින් එයාගේ කුණු පාට නැට්ටේ බූල් ටික අතින් උඩ පහල කරන ගමන් අහද්දි එයාගේ බෝල කකුල් ජන්කුක් එක්කම එහෙමෙහෙ යන ගමන් තිබ්බා! ඒ උනාට එයාට ජන්කුක්ගේ අවදානයක් ලැබුනා කියන්නනම් පෙනුනේ නෑ!

ජොන්!!! ඔයාට ඔය හට්ටියද දැන් ලොකු ආහ්!!?

ඒ පාරනම් කේන්ති ගිය පූස් ගෙඩියා එයාගේ කකුල් බිම ගහලම තරහින් අහද්දි ජන්කුක් එයාගේ ඇස් ඒ දිහාවට හරවලා තිබ්බා! පූස් ගෙඩියා කේන්තිගන්නම ඕනේ ජන්කුක්ටත් එයා දිහා බලන්නම!

වෙන මට ලොකු කරගන්න දෙයක් මෙතන තියනවා වගේ පේනවද!?

ජන්කුක් නපුරු විදිහට අහලා ආයෙම රත්වෙන වතුර බාජනේ දිහා බලද්දි පූස් ගෙඩියා එතන කෑගහලා අත පය විසි කරලා නැට්ට හපාගෙන දැගලුවා! ඊපස්සේ එයා එයාගේ බෝල කකුල උස්සලා එකක් ජන්කුක්ගේ පස්සට දුන්නම නම් ජන්කුක් ඒ චූටි පූස් කනක් පොඩ්ඩක් කොනිත්තලා හොදවැයි දෙකක් රැව්වා!

මෙච්චර වෙලා රත් කරපු වතුර එක රත් වෙලා කියලා දැකපු ජන්කුක් ඒක පරිස්සමින් උස්සන් ගිහින් ටබ් එකට පුරවද්දි නම් පූස් ගෙඩියා එයාගේ හූඩි එක උඩට රෝල් කර කර කකුල් දෙකත් අබර අබර ඒ දිහා බලන් හිටියා! එයා කෝකටත් කියලා වතුරත් එක්ක දුර තියන් නැවතුනා!

ආයෙම ජන්කුක් කිචන් එක දිහාවට ගිහින් හිස් බාජනේ පැත්තකින් තියද්දි මෙච්චර වෙලා එයාට අහන්න ඕනේ වුනු එක අහන්න පූස් ගෙඩියා එයාගේ සෝස කට ඇරලා තිබුනා! ඒ උනත් ඊටත් කලින් ජන්කුක් කතා කලා!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now