ජිමින්!?
ජිමින් ඔයා කොහෙද!?
ජිමින්!?
ජන්කුක් රූම් එකේ ඉදන්ම ජිමින්ට කතාකලේ දැන් හුග වෙලාවක ඉදන් ජිමින්ගෙන් සද්දයක් නැති නිසා! අලුතෙන් ෆ'නිච'ස් වගයක් ඩිසයින් කර කර හිටිය නිසා ජන්කුක්ටත් නොදැනිම ජිමින්ව අමතක වෙලා ගිහිල්ලා! දැන් එයා මතක් උන වෙලේ කතා කලත් හොර පූස් ගෙන් උත්තරයක් නැති පාටයි!
අන්තිමේ දාගෙන හිටිය ස්පෙක්ස් දෙක ගලවලා පැත්තකින් තියපු ජන්කුක් ලිවින් රූම් එක දිහාවට ගියේ ක'ටන්ස් අස්සෙන් බෝල කකුල් හතරක් තියෙනවද බල බලමයි!
ජිමින්!? කොහෙද ගියෙ ඔයා!?
කුනු පූස් ගෙඩියා ඒත් නැති වෙද්දිනම් ජන්කුක්ට පොඩි බයක් ආවා! එයා අද නෑව්ව නිසා සමහරවිට ජිමින්ට ඒක හොද නැද්ද දන්නෑ හිතිලා එයා බය උනා! ටික ටික පපුව ගැහෙන වේගෙ වෙනස් වීගෙන යද්දි ගෙදරින් එලියට ඔලුව දාලා බලන්න ගිය ජන්කුක් නැවතුනේ කිචන් එක දිහාවෙන් ආව සද්දෙ නිසා!
ජිමින්!! තමුන් ඒ මොකක්ද කලේ ආහ්!!?
ජන්කුක් ඇහුවෙ ෆ්‍රිජ් එක උඩ එයා තියලා තියපු ෆොටෝ එකක් පහලට තල්ලු කරලා බිදලා දාපු කුණු පාට පූස් ගෙඩියා දිහාවට අතකුත් දික් කරන්!
ජන්කුක් දැක්කා ඒ පූස් ඇස් වල මොකක්දෝ කේන්තියක් තියෙනවා!
ජන්කුක් බනිනවා දැක දැකම මුරන්ඩු පූස් ගෙඩියා, ජන්කුක්ගේ ඇස් ඉස්සරහම තව ෆොටෝ එකක් බිදලා දාද්දිනම් ජන්කුක්ට හොදටම කේන්ති ඇවිත් තිබ්බා!
ජන්කුක්ටත් නොදැනිම ජන්කුක්ගෙ අත ඉස්සෙද්දි, පූස් ගෙඩියට පාරක් වදින්න ඉස්සරලම ඉක්මන් උනු පූස් ගෙඩියගෙ නියපොතු පිරුන අත ජන්කුක්ගෙ අතේ වදිද්දි එයා කටිනුත් ජන්කුක්ට සද්දයක් දාලා තිබුනා!
ආහ් ජිමින්!!! තමුන්‍ට මම--
තමන්ට ගහලා ෆ්‍රිජ් එක උඩින් බිමට පැන්න පූස් ගෙඩියා දිහා බලන්, පූස් ගෙඩියගෙ නියපොතු පාරවල් නිසා සීරිලා ලේ එන අත අල්ලගත්තු ජන්කුක්ගේ කකුල වේගෙන් ගිහින් පූස් ගෙඩියගෙ බඩේ වදිද්දිනම් එයාව විසි වෙලා ගිහින් බිත්තියෙ වැදිලා තිබ්බා!
YOU ARE READING
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)
Fanfictionදැන් මොකක්ද ජොන්ගේ හයිබ්රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බතල කම්මුල් රෝස ගැහිලා තිබ්බා! මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද... හැමදාටම?