මේක මෙතනට! ම්ම්ම්..මේක මෙතනින්!
ජන්ග්කුක්ගේ අලුත් ගෙදර, ඇත්තම කිව්වොත් අලුත් පරණ ගෙදර තිබුනු බඩු වලින් පාවිච්චි කරන්න බැරි තත්ත්වෙන් තිබුනු බඩු සේරම ජන්ග්කුක් පාර අයිනෙන් ගොඩ ගැහුවා! මොකද එයා දන්නවා කුණු එකතුකරන අය මේ සේරම කුණු ගොඩවලුත් අරන් යනවා කියන්න!
ඒ උනත් ඒ ගෙදර එක පුංචි කබඩ් එකකුයි තනි ඇදකුයි පරණතාලේ ලොකු පුටු සෙට් එකකටයි වඩා මුකුත්ම තිබ්බේ නෑ! ජන්කුක් හිතුවා සමහරවිට ගෙදර අයිති අය අනිත් සේරම අයින් කරන්න ඇති කියලා!
හා!!! අන්තිමේ සේරම ඉවරයි!!
ජන්කුක් සම්පූර්ණවම එයා හිස් කරගත්තු ගෙදර දිහා බලලා හුස්මක් පාත දාලා පාර ලගින් ගේ ඇතුලට යන්න හැදුවත් එයාට එතන තිබුනු අනිත් ඒවට වඩා ලොකු පුටුව දාලා යන්න හිතුනේ නෑ!
ඒත් එයා ආයෙම ඒ දිරලා තියන පුටුව දිහා දෙපැත්තට ඔලුව වනන ගමන් ගේ ඇතුලට ගියේ ඒකෙන් කිසිම වැඩක් ගන්න බෑ කියලා හිතන ගමන්!
අන්තිමේදි එයා හොදට අස් කරලා පිරිසිඳු කරගත්තු පරනතාලේ ගෙදර ඇතුලේ එයා තනිවුනා!
අප්පාගෙන් ලෝන් එකක් ඉල්ලගන්න වෙයි වගේ!
කිසිම බඩුවක් නැති හිස් ගෙදර දිහා බලපු ජන්ග්කුක් අත් දෙක එකට කරලා මදින ගමන් එයාගේ අප්පට කෝල් එකක් අරන් ලෝන් එකක් ඉල්ලුවේ ගෙදරට ඕනි බඩුටික ගන්න!
හවස හය ටත් ලංවෙලා තිබ්බා! අප්පාගෙන් ගත්තු ලෝන් එකෙන් සෝෆා සෙට් එකක්, මිනි ෆ්රිජ් එකක්, ස්ටඩී ටේබල් එකක්, කබඩ් එකක් තවත් ඌමනාම බඩු දෙක තුනක් ගත්තු ජන්කුක්ගේ ඇස් දෙක කීවෙනි වතාවටද මංදා ආයෙම සැරයක් ගිහින් පාරලග තියන ලොකු පුටුව ලග නැවතුනා!
ගෙදර තියන අඩුපාඩු සේරම බලපු ජන්කුක්, දොරවල් වල ජනේල්වල ලොක් මාරු කරද්දි ආයෙම පාර ලග තියන ලොකු පුටුව ලගට දිව්ව එයාගේ ඇස් වලට අහු උනා ඒ පුටුව උඩ ඉදගෙන එක එල්ලේ එයා දිහා බලන් ඉන්න බෝල පූසෙක්ව!
YOU ARE READING
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)
Fanfictionදැන් මොකක්ද ජොන්ගේ හයිබ්රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බතල කම්මුල් රෝස ගැහිලා තිබ්බා! මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද... හැමදාටම?