Chapter 9

239 66 168
                                    

*හ්චිං*

ජන්කුක් සද්දෙට කිඹුහුමක් යවද්දි ඒ පුංචි ලී බාතෲම් එක පුරාවටම එයාගේ සද්දේ දෝංකාර දුන්නා!

ආහ්!!! බෙහෙත්වල පව' එක ඉව-- *හ්චිං* ඉවරද කොහෙද!

ජන්කුක් කියවන ගමන් පපුව අල්ල ගත්තා! එයා අමාරුවෙන් පපුවත් අල්ලගෙන බාතෲම් එකේ දොර දිහාවට හැරෙද්දි එයා දැක්කා එයා ගලවලා දාපු ඇදුම් ගොඩ උඩට වෙලා ගුලිවෙලා එයා දිහා බලන් ඉන්න පූස් ගෙඩියාව!

ඒපාර තමු..*හ්චිං*... සේ මේක අස්සෙත් රිංගන්න *හ්චිං* ආවද!?

ජන්කුක් කෑගහලා පූස් ගෙඩියා දිහාවට ගිහින් එයාගේ තෙත කකුලෙන්ම එකක් දීලා පූස් ගෙඩියව එයාගේ ඇදුම් වලින් අහකට තල්ලු කරලා දාද්දි ජන්කුක්ගේ ඇස් දිහා බලන්ම පූස් ගෙඩියා රවලා දැම්මා!

ඊලගට එයා ජන්කුක්වත් පහු කරන් බාතෲම් එකෙන් එලියට යද්දි ජන්කුක් යාන්තම් එයාවම පාලනය කරගන්න ගමන් ආයෙම ශව' එක යටට රිංගුවා!









ඒයි!

ජන්කුක්ගේ කටහඬ ලිවින් රූම් එක පුරා දෝන්කාර දුන්නත් එයාට උත්තර දෙන්නනම් කව්රුත් හිටියේ නැති පාටයි!

ඒ.....යී....!

ජන්කුක් ටිකක් සද්දෙට ඇදලා කතා කලත් ම්හු ඒත් සද්දයක් නෑ! ඒ උනාට වෙනදට නම් ජන්කුක් ඔහොම කතා කලොත් බූල් බූල් නැට්ටක් හරි කොහෙන් හරි උඩට මතු වෙනවා! අද නම් කව්රුත් නැති පාටයි!

ඒ උනාට ඉතින් නැත්තෙම නෑ! කෙනෙක් ඉන්නවා හැබැයි එයා ජන්කුක් එක්ක තරහා වෙලා! ජන්කුක් මොකටද ඉතින් තෙත කකුලෙන්ම පූස් ගෙඩියට ගැහුවේ!? එයත් කරන්නේ ඕනෙම නැති වැඩ නිසා පූස් ගෙඩියා එයා එක්ක තරහා වෙලා කොට ජනේල් පඩියකින් අත් දෙක තියන් එලිය බලන් ඉන්නවා හරියට එයාට කාවවත් ඇහුනේ නෑ වගේ!

ඒ උනාට ඉතින් මේ කුණු පාට හුරතල් පූසා ඒ ඉන්න විදිහට නම් ජන්කුක්ට පුංචි මෙව්වා එකක් හිතුනා!

කුණු පාට පූස් පැටියා කොච්චර ජන්කුක් එක්ක තරහින් හිටියත් එයාගේ චූටි කන් දෙක නම් ජන්කුක්ව අහන්න වගේ හොදට විමසිල්ලෙන් දෙපැත්තට හැරවිලා! එයාගේ බෝල කොට අත් ජනේල් පඩිය උඩින් මහා පන්ඩිත විදිහට වැටිලා තියෙනවා! පුංචි බෝල ඔලුව පිටිපස්සයි ඊටවඩා බෝල ඇගයි එයාව නිකම්ම හුරතල්ම හුරතල් කෙනෙක් කරලා දාලා! සේරටම වඩා එයාගේ බූල් නැට්ට තරහා පිරිමහන්න වගේ ලී පොලොව උඩට තට්ටු දානවා! හැබැයි එයාගේ බෝල ඇස් නම් ජන්කුක්ට පිටු පාලා එලිය බලන්!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now