Chapter 3

237 64 137
                                    

එකපාරම ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනාම එයා වටපිට බැලුවා! කොන්ඩෙත් කාක් කූඩුවක් වගේ ඇවිස්සිලා තියෙද්දි එයා මූන මොකක්ද එකක් වගේ හදාගෙන වටේටම ඇස් කැරකුවා! ඊටත් පස්සේ එයා මේසේ දිහා බලද්දි එයාට තේරුනා වෙලා තියෙන්නේ මොකක්ද කියලා!

එතකොට ඊයේ රෑ අර පුටුවේ තියන ඩිසයින් එක ස්කෙච් එකකට ගන්න ගමන් ඉද්දි මට නින්ද ගිහින්ද!? මෙහෙම මේ ටේබල් එකේම!?

ජන්ග්කුක් එයාගේ ඇවිස්සිලා තියන කොන්ඩේ අතෙන් තව චුට්ටක් අව්ස්සගෙන, එයාටම කියලා ෆෝන් එකෙන් වෙලාව බලද්දි එයා දැක්කා පාන්දර පහත් පහුවෙලා කියලා!

ඊලගට ටේබල් එක පැත්තකින් තියලා තියන රීචාජබල් බල්බ් එක දිහා බලද්දි ඒකේ හරිම අඩු පව' එකක් ඉතුරු වෙලා තියෙන්නේ දැකලා එහා ලොකු හුස්මක් එලියට යැව්වා!

ඒත් එක්කම එයා ආයෙම ෆෝන් එක දිහා බලද්දි ෆෝන් එක ඕෆ් වෙලා යනෝ දැකලා එයා කලින්ටත් වඩා ලොකු හුස්මක් එලියට යැව්වා!

මොන කරුමයක්ද දෙයියනේ මේ!!!!!!!!!!!!!!!

වේගෙන් වේගෙන් මුලු කොන්ඩෙම අව්ස්සලා අව්ල් කරලා දාගත්තු එයා මේසේ උඩ ඔලුව දෙතුන් පාරක් ගහගෙන පස්සේ රිදුනු නිසා නලල අල්ලගත්තා!

ආයෙම හොද හුස්මක් එලියට යවපු එයා පුටුව උඩින් නැගිටලා රූම් එකෙන් එලියට යද්දි රූම් එකේ දොර පහු කරනවත් එක්කම එයාට සද්දෙය කිඹුහුමක් යද්දි එයා පපුවත් අල්ලන්ම ඉස්සරහට විසි උනා!

ආහ්හ් මේ මොකද-- මේහ්---

කිඹුහුම් යන්නේ ඇයි කියලා එයා එයාගෙන්ම අහගන්නත් කලින් එයාට ආයෙම කිඹුහුමක් යද්දි එයාව තව පොඩ්ඩක් ඉස්සරහට විසි උනා!

ඒත් එක්කම එයාගේ අමාරුවටම චූටි උනු ඇස් වලට අර එයා ආයෙම පාර ලගින් අහුලන් ආව පුටුව උඩ ඉන්න පුළුං ගෙඩියක්ව අහුවෙද්දි එයා ඊලගට යන්න එන කිඹුහුම බොහොම අමාරුවෙන් පාලනය කරගෙන, ඇස් හොදට ඇරලා ඒ දිහා බැලුවා!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now