Chapter 11

232 52 99
                                    

ඇත්තටම තමුන් කව්ද පූසෝ? අර ෆොටෝස් වල හිටියේ තමුන් නේද? ඒත් කෝ පූස් කං පේන්න තිබ්බෙ නෑනේ ඒවල?

ජන්කුක් මෙට්‍රස් එකේ අයිනෙන් ඔලුවත් තියාගෙන ඇස් පියාගෙන අහද්දි එයාගේ කියවිලි සේරම අහන් හිටිය පූස් ගෙඩියා බඩ මෙට්‍රස් එකට හිටින විදිහට ඒක උඩ වැතිරිලා උඩට කරගත්තු කකුල් එහෙට මෙහෙට වනන ගමන් හිටියා!

මං සේරම කියන්නද!? ඔයා අහන් ඉන්නවද!?

එයා එයාගේ අත් වල රෝස ගැහුනු නියපොතු වලින් මෙට්‍රස් එක උඩ තිබුනු ශීට් එක හූරන ගමන් අහද්දි ජන්කුක් ඇස් පියාගෙනම ඔලුව වැනුවා!

නෑ එක්කෝ එපා! තමුසේ මගේ කව්ද මං තමුසෙගේ කව්ද!? කව්රුත් නෙවේනේ! ඒ නිසා කරුණාකරලා තමුන් හිටිය ගෙදරට යනවා! චිප් චිප්!

එක පාරටම ඇද උඩ වාඩිවුනු ජන්කුක් පූස් ගෙඩියව එලවන්න හදද්දි ජන්කුක්ගේ කකුල හූරලා දාපු පූස් ගෙඩියා මෙට්‍රස් එක කොනටම ගිහින් බිත්තිය මුල්ලේ ගුලි උනේ යන්න බෑ කියන්න වගේ! එයාගේ රෝස කම්මුල් තරහින් පිම්බිලා තිබුනා! ඒ උනත් ජන්කුක් පූස් ගෙඩියාගේ සුදු බෝල කකුලෙන් ඇදලා ගත්තම එයා කෑගැහුවා!

ජොන්!!!!!

මොකද මොකද කෑගහන්නේ ආ!? අනික තමුසේ ඇයි මට ජොන් කියලා කතා කරන්නේ! හරි ඉතින් මං ජොන් ජන්කුක් තමා ඒ උනාට ජොන් කියලා කතා කරන්න ඕන්නෑනේ ජන්කුක් කියන්න පුලුවන්නේ!

ජන්කුක් කියවද්දි ජන්කුක්ගේ පපුවට පයින් ගහපු පූස් ගෙඩියා ගිහින් ආයෙම බිත්තිය මුල්ලේ ගුලි උනාම ජන්කුක් හොද හුස්මක් අරන් මෙට්‍රස් එක උඩින් නැගිටලා එයාගේ ඇදුම් අව්ස්සන්න ගත්තා!

සේරටම කලින් මේක ඇදගෙන ඉන්නවා මෙතන මට හෙලුව පෙන්න පෙන්න ඉන්නේ නැතුව!

ඇ#ට දෙක විතරයි ලොකුවට තියෙන්නෙත්!

මෙට්‍රස් එක අයිනේ ඉදන් ජන්කුක්ට පුම්බං බලන් ඉන්න පූස් ගෙඩියාගේ ඇගට ශෝට් එකක් එක්ක හූඩි එකක් විසි කරපු ජන්කුක් අන්තිම ටික හිමීට මුමුනුවත් එයාගේ හිතට මහා.... ලොකු ප්‍රශ්නයක් ඇවිත්නේ! ඉතින් හිතට එන ප්‍රශ්න හංගන් ඉන්න බැරි කමටම එයා පූස් ගෙඩියගෙන් ඒ දේ ඇහුවේ පූස් ගෙඩියව කේන්තියටද ලැජ්ජාවටද මොනාටදෝ මංදා රතු ගැහිලා යද්දි!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now