Chapter 10

241 62 78
                                    

අත් දෙක ලගින් අල්ලලා උස්සන් හිටිය පූස් ගෙඩියව වනන ගමන් ජන්කුක් කෑගහන්න ගත්තත් එක පාරම එයාගේ වචන නැවතිලා ඇස් ලොකුවෙලා හුස්ම හිරවෙලා එයාව ගල් වෙලා ගියේ එයාගේ ඉන වටෙන් කකුල් දෙකක් එතිලා එයාගේ අත් දෙක කෙනෙක්ගේ අත් යටින් රැදවෙද්දි!

පූස් ගෙඩියව අල්ලගෙන හිටිය විදිහටම ජන්කුක්ගේ අතේ පූස් කන් තියෙන අමුතු ජාතියේ මනුස්සයෙක් හිටියා! ආහ් එයාට බූල් බූල් ලොකු වලිගෙකුත් තියේ ජනේලෙන් එලියට වැටුනු!

ම්.. මොන-- මොකෙක්ද මේ!! ආහ්හ්හ්හ්!!!!!

ඇදුම් නැති අමුතු ජීවියෙක් ජන්කුක්ගේ කකුල් උඩ ඉදන් බෝල ඇස් එක්ක ජන්කුක් දිහා බලාගෙන ඉදිද්දි ජන්කුක් කෑගගහා දගලන්න ගත්තා! ජන්කුක් කකුල් උඩට පහලට කරන වාරයක් ගානේ මේ අමුතු ජීවියව උඩ පහල යද්දි එයා ඒ චූටි අත් වලින් ජන්කුක්ගේ කකුල් වල කලවා මිරික ගත්තා!

ඒ උනත් මේ දැගලිලි සේරම අතරේ ඈත ඉදන් පාර දිගේ ඇවිදගෙන එන මනුස්සයෙක්ව එයාගේ ඇහැ කොනට අහුවෙද්දි ඊලගට එයා ගේට් එක පාස් කලොත් මේ අමුතු සතාව දකියි කියන බයට ජන්කුක් ඉක්මනින් වාඩිවෙලා හිටිය ජනේලේ ලගින් නැගිට්ටේ පූස් ගෙඩියව-- එහෙම නැත්තම් අමුතු ජීවියව අත් අතරට ගන්න ගමන්!

එයා අල්ලන් හිටිය විදිහටම අමුතු ජීවියාගේ අත් යටින් අත දාලා උස්ස ගනිද්දි ජන්කුක්ගේ මූන දිහා බෝල ඇස් වලින් බලන් හිටිය අමුතු ජීවියගේ කකුල් ඔහේ පහලට එල්ලි එල්ලි තිබුනා!

ඒ උනත් ජන්කුක් එහෙමම එයාවත් උස්සගෙනම රූම් එකට දුවලා මෙට්‍රස් එක උඩට වැටෙද්දි නම් අර බෝල කොට කකුල් ජන්කුක්ගේ ඉන වටේ එතිලා තිබුනා!

අර මනුස්සයා දකී කියලා බය වුනු පාරට ජන්කුක් තවමත් හති හලද්දි ටිකකින් එයා හරි සිහියට ආවේ එයාගේ නිකට හරියේ අර කෙනා මූන උලනවා කියලා දැනෙද්දි!

ඉක්මනින් ඒ කෙනාගේ ඇග උඩින් ඈත් උනු ජන්කුක් මෙට්‍රස් එක පැත්තකින් වාඩිවෙලා ඒ කෙනාගේ ඇගට බ්ලැන්කට් එකක් විසි කරලා ඒ බෝල ඇස් දිහාම බලන් හිටියා! ඒ අස්සේ ඒ කෙනාත් ජන්කුක්ගේ ඇස් දිහාම බලන් චූටි කන් දෙකයි, මවිල් පිරුනු වලිගෙයි නම් හෝ ගාලා එහෙ මෙහෙ කරනවා! ජන්කුක් බ්ලැන්කට එකක් එයාගේ ඇගට විසි කලාට මොකද එයා ඒක උකුලෙන් තියන් අනිත් සේරම එලියේ දාගෙන ඔහේ ඉන්නවා!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now