කාමරේ පුරාවටම ජන්කුක් සද්දෙන් හුස්ම ගන්න සද්දෙ එක්ක තව හීනි වේගෙන් වැටෙන හුස්මක සද්දයක් එකතුවෙලා තිබුනා!
කීවෙනි වතාවටද මංදා ජන්කුක් පූස්ව රූම් එකෙන් එලියට තල්ලු කරන්න ගියත් ඒකා දගලලා දගලලා ජන්කුක්ගේ අත් දෙක, මූන, බෙල්ල සේරම හූරලා දාපු නිසා ජන්කුක් ලේ එන සීරුම් පාරවල් එක්ක වැඩේ අතෑරලා දාලා ඇවිත් මෙට්‍රස් එකෙන් දිගෑදුනාම එයාගේ අත් අස්සට ඇවිත් ගුලි උනු පූස් ගෙඩියා නිසා ජන්කුක් එයාගේ අසනීප වැඩිවෙයි බයට වේගෙන් හුස්ම අදින ගමන් හිටියත් පූස් ගෙඩියානම් ජන්කුක්ගේ උනුසුම් පපුවට ගුලිවෙන්න ලැබුනු නිසා වේගෙන් වැටෙන හුස්ම එක්ක හිටියා!
ඒ උනත් බෙහෙත් බිව්ව නිසා කිසිම අතුරු ආන්තරාවක් දැනට නෑ කියලා තේරුන ජන්කුක් පූස් ගෙඩියව පොඩ්ඩක් පැත්තකට තල්ලු කරලා ශීට් එක අස්සට ගුලිවෙලා මුනින් අතට හැරුනම ජන්කුක්ට දැනුනා එයා පැත්තකට තල්ලු කරපු පූස් ගෙඩියා ඇවිත් එයාගේ පිට උඩින් ගුලි වෙනවා!
ඒයි!! අහකට වෙනවා ජරා සතා!!!
ජන්කුක් ගොරවලා ඒකව පැත්තකට කරන්න ගියත් ඒකා පොඩ්ඩක් ජන්කුක්ගේ පිට තදට නියපොතු වලින් ඇල්ලුව නිසා ජන්කුක් දගලන එක පැත්තකට දාලා ඔන්න ඔහේ නිදාගන්න හැදුවේ පූස් ගෙඩියාට කියලා තවත් හූරගන්න ඕනේ උනේ නැති නිසා!
මේකා හදන්නේ මෙහෙ බින්න බහින්න!
යන්තම් කියවපු ජන්කුක් ඇස් දෙක පියාගත්තත් එයාට ඇහුනා හීනි පුරු පුරුවක්!
ඇයි පූසෝ පුරු පුරු ගාන්නේ!? උං ආදරේ හිතුනම නේද එහෙම කරන්නේ!? මෙච්චර මෙහෙම හූරලා දාලා මේකා මේ පුරු පුරු ගාන්නේ මට ආදරෙයි කියන්නද!? හහ් මොට්ට පූසා! මූ හිතන් ඇති මූ පුරු පුරු ගාලා ආදරෙයි කිව්වම මම දිගටම මේකාව ගෙදර තියාගනී කියලා! එව්වා කොහෙද මං එක්ක! ඒ ගොනා වික්කා පූසෝ!
YOU ARE READING
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)
Fanfictionදැන් මොකක්ද ජොන්ගේ හයිබ්රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බතල කම්මුල් රෝස ගැහිලා තිබ්බා! මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද... හැමදාටම?