Start

260 19 0
                                    
ඒ මිත්‍යාවන් කියලා කියන හැමදේම තිබ්බ කාලයක්.....මකරු , රාක්ශයෝ මේ හැමදෙයක්ම ඇත්තක් වෙලා තිබ්බ කාලයක්

ඒ දිව්‍ය ලෝකේ නෙමෙයි මනුස්ස ලෝකේ.....තාක්ශනය කියන දේ ගැන අහලවත් නැති කාලයක්.....

රාජ්‍යක් මේ තරම් ලස්සන වෙන්න නම් අනිවාර්යෙන්ම හොද රජ කෙනෙක් ඉන්න ඕන......හැමදේම තිබ්බ ස්ටෙරෝන් රාජ්‍යේ රජතුමා උනේ ගොඩක් තරුන කරුනාවන්ත රජ කෙනෙක්....
හැබැයි ඒ රජතුමාට එදා දවස ඒ තරම් හොද දවසක් උනේ නෑ

💂 උතුමානනි....රැජිනිය.....

🤍 ඇයට සිදු වූ දෙය ගැන මා දන්නවා...

💂 ඇගේ සිරුර මාලිගය තුලට රැගෙන ආවා...

🤍 හ්ම්ම්ම්ම්

තරුන ලියෝන්‍ හිටියේ ඩැන්ඩිලයින් මලක් දිහා ඇහි පිය ගහන්නෙවත් නැතුව බලාගෙන..... ආර්‍යාව මුලින්ම හම්බුන දවසේ එයා දීපු මල තමයි මේක....කහ පාටට තිබ්බ මල ටික ටික වේලිලා යද්දි ලියෝන්ට තේරුනා ආර්‍යා අනතුරක කියලා....ඒත් මලේ රේනු ඔක්කොම හුලගට ගිහින් එක රේනුවක් ඉතුරු උනාම එයා තේරුම් ගත්තා එක බලාපොරොත්තුවක් තියනවා කියලා

ආර්‍යාගේ සිරුර ගාවට ගිය ලියෝන් ඒ දිහා ටික වෙලාවක් බලන් හිටියා....ආර්‍යාගේ ගුලි උන අතේ මොනා හරි තියනවා දැකපු ලියෝන් අප්‍රාණික අතේ ගුලි වෙලා තිබ්බ කඩදාසිය අරගත්තා

"ලියෝන් ඔයාව දාලා ගියාට සමාවෙන්න.....ඒත් කලු මකරා අවදි වෙලා....මම මගේ උපරිම බලය පාවිච්චි කරලා ආයමත් ඌව දිග නින්දකට යැව්වා....කරන්න ඕන දේ ඔයා දන්නවා......ආයේ මාව හොයාගන්න....හැමදාමත් මම ඔයාට ආදරෙයි"

ලියෝන් අත මිටමොලවලා එතන තිබ්බ බිත්තියට ගැහුවේ ආර්‍යාව තනියෙන් යැව්වට තමන්ටම දොස් පවරගන්න ගමන්.....

🤍 අනිවාර්යෙන්ම මා නැවත ඔබව සොයාගන්නවා ආර්යා

ලියෝන් මාලිගයේ උසම තැනට ගිහිල්ලා එයාගේ බලයෙන් රාජ්‍යේ හිටිය සියලු දෙනාවම ගල් රූප බවට පත් කලා.....ඒ එක්කම මුලු රාජ්‍යම මුහුද යටට අරන් ගියේ ස්ටෙරෝන් නගරය වගේම මායාවත් ලෝකයෙන්ම සගවමින්

මුලු රාජ්‍යම දිය යට හංගලා ලියෝන් ගියේ තව ගොඩබිමකට ගියා....සාමාන්‍ය මිනිස්සු ඉන්න සාමාන්‍ය නගරයක්... ආර්යාව තමන්ට ආයෙත් හම්බෙන්නෙ මේ නගරෙදි කියල එයාට දැනුනා....
ලියෝන් එතන තිබ්බ පුන්චි පැල්පතකින් නිදාගත්තේ ආය අවදි වෙන දවසක් නොදැනයි...

ලියෝන් එතන තිබ්බ පුන්චි පැල්පතකින් නිදාගත්තේ ආය අවදි වෙන දවසක් නොදැනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලියෝන්

ආර්‍යා

Dandelion ✔️Where stories live. Discover now