<15>

101 14 10
                                    

🗣 baby girl.....long time no see...

ලියෝ... මන් ඔයාව ඈත් කරන්න ගිය හේතුව ඔයා මෙහෙම ලං කරගත්තෙ මොකටද......
ලියෝ හිටියේ සෙයින්ට පිටුපාලා...ලියෝට පිටිපස්සෙන් හිටිය මාව සෙයින් කලිම්ම
අදුරගත්තා

🗣 මන් තමුන්ට අනතුරු ඇගෙව්වා....වෙන එකෙක් එක්ක පැටලුනොත් උගේ අවසානේ කියලා....එක පාරක් මන් කරලත් පෙන්නුවනේ ඒක...ම්ම්

මම බයෙන් වගේ ලියෝ දිහා බලද්දි ලියෝගේ කට කොනේ තිබ්බේ අමුතුම හිනාවක්

🗣 ඒයි මූනවත් පෙන්නන්න බැරි මහ ලොකු චන්ඩියා....මගේ සෙට් එකම ඕන්නෑ මට පුලුවන් එක පාරින් තමුසෙව ඉවරයක් කරන්න......ඔය කෙල්ලව මට දී.....

🤍 සෙයින් සෙගරාටෝ....ධාරා ස්ටෙරෝන් මුහුද යටට ගෙනියද්දි ධාරාගේ බලයෙත් එක රේණුවක් වැදිලා
මනුස්ස රූපයක් සහ සාමාන්‍ය මනුස්සයෙක්ටන් වඩා 14% වේගයකුයි ශක්තියකුයි ලැබුනා කියලා පුන්චි කූනිස්සෙක්ට ඔච්චරයි උඩ යන්න පුලුවන් ද

වට්ද ෆම්කිම්ම්ම්.....ලියෝ තමුසේ නම් මොකෙක්ද මන්දා....සෙයින් කියන්නේ කූනිස්සෙක් නෙමේ එල හරකෝ....නෑ හරක් මකරෝ....එයා මැරයෙක්....ස්ටෙරෝන් වල මොන පාතාල කල්ලිද ඉතින්
ලියෝ සෙයින්ගේ පැත්ත හැරිලා සාක්කුවට අත් දෙකත් දාන් ගැම්මෙන් හිට ගත්තා

🌼 හහ්....සෙයින් මේ...මෙයාට පොඩි මෙන්ට....

🗣 ඔයා කොහොමද දන්නේ

ඒ ගමන සෙයින්ටත් පිස්සු....මට අහු උනොත් අහු වෙන්නේ එක්කෝ පිස්සෙක් නැත්තන් පිස්සු හැදීගෙන එන එකෙක් හොදට ඉන්න එකෙක් නම් මගෙන් පිස්සු බෝ වෙනවා

🤍 මම අදුරගත්තෙද....

ලියෝගේ ඔලුවට උඩින් චූටි චූටි තරු වලින් මකර රූපයක් නිර්මානය උනා....ඒක  දැකලා කට අක්කරයක් විතරක් ඇරගෙන සෙයින් දණ ගැහුවා .....
මට මොකක් හරි අරන් ඔලුවට ගහ ගන්න හිතුනා.....

🗣 උතුමානනී....

🤍 කූනිස්සෙක් ගොඩ බිමට ඇවිල්ලා මගේ බිසවට අත තියන්න....හහ්

🗣 සමාවෙන්න උතුමානනි

🤍 කෙල්ලොන්ට ගෞරව කරන්න ඉගන ගන්නවා..... නැත්තම් තමුන් එ වෙලෙම ආය කූනිස්සෙක් වෙයි

සෙයින්ට හෙන ටෝක් එකක් දීලා ලියෝ මගේ අතින් අල්ල ගත්ත අපි ආය මතු උනේ ගෙදර කාමරෙන්










🤍 ඒකද බෑ කියන්න හේතුව

පිට්....ඕක අහයි කියලා මම හිතුවා

🌼 සෙයින් ඔයාට මොනා හරි කරොත් කියලා හිතුවා....ඒකයි

🤍 ඒ කූනිස්සා??? මට

🌼  මොකෙක්

🤍 ඔයා මහ ලොකුවට බය උන සෙයින් ධාරාගේ බල අංශුවක් ඇගට වැටුන කූනිස්සෙක්....මෙහේ ලොකු කම් දැම්මට එයා ස්ටෙරෝන් වල හිටිය නම් ඔය තරම් කෙනෙක් නෙමේ

🌼 ඔහ්

🤍 මට ආදරෙයිද

🌼 ඈ

🤍 මට තව කියන්න දේවල් ගොඩක් තියනවා ඔයා අහන්න ලෑස්ති නම්

හම්මෝ....ටිකකට කලින් කියෙව්ව කියවිල්ල ඇති....ආය කියවන්න ගත්තොත් එහෙම මට මෙතන හොටු කදුලු පුරවන් අඩන්න වෙයි....
මුකුත් නොකියම මම ලියෝට පුන්චි හාදුවක් දුන්නා





------------------------






ආර්යා.....එහෙනම් ඒ දවස උදා උනා....අද රාත්‍රියේදී ඔයාගෙ අගුලු දාපු බලය විවෘත වේවි....
කලු මකරාගේ හදවත ගැහෙන්න පටන් අරන්....
අවසන් පරිච්ඡේදය ලියවෙන්න ටික දවසක් හොදටම ඇති....
ඉක්මනින් හම්බෙමු ආරී

ලියෝගේ ගේ ඉස්සරහ බංකුවේ හිටපු තරුනයෙක් එයාගේ නෝට් බුක් එකේ පොඩි සටහනක් දාලා එතනින් නැගිටලා ගියා



Author note-:
මේක ඉක්මන්ට ඉවර වෙනවා....මගේ කතා ඉතින් ස්වීට් නැතත් සෝට්නේ

Angry bird & crazy cat කතාව හොදයිද......

කොටස් 30+ එකකට ආසද....ටිකක් දිග කතාවක්

ඔයාලා ආස
ඉස්කෝලේ කතාද
බිස්නස් තියන කතාද
කිදුරියොද
වැම්පයර්ලද
මැජික් ඉස්කෝලද
සාමාන්‍ය ලෝකේ සැගවුන දේවල් තියන කතාද
වෙනම ෆැන්ටසි ලෝක කතාද

කතාව කියෝගෙන යන ටිකේ උත්තරත් දීගෙන යන්න....

Dandelion ✔️Where stories live. Discover now