<9>

136 12 0
                                    

💛 ඒයී සීයා කියන්න තරම් මම වයස නෑ

🌼 ඒත් ඒත්....ඒ පොටෝ එක .....එතකොට දියා

🌻 ඔයාට මේ දේවල් හිමීට කියන්නයි හිටියේ ඒත් මේ රිලා පැටව් දෙන්නා කියන්න දුන්නෙ නෑනේ....ඔයා ටිකක් රෙස්....

🌼 මට දැම්ම දැනගන්න ඕනේ....

🤍 පොඩ්ඩක් රෙස්ට්....

🌻 කට වහගන්නවා....හොදට හිටිය කෙල්ලව බය කරලා තව රෙස්ට් කරන්නලු....
යුකී....මම ධාරා මේ ජේසන්....නැත්තම් ඔයාට හුරු විදිහට මම දියා...මේ ජෝන් ...එයා ඔයාගේ සීයා නම් නෙමෙයි....අපි ඔයාව අවුරුදු ගානක ඉදන් හොයනවා

🌼 ඔයාලත් ලියෝ වගේ නිදාගෙනද හිටියේ

🌻 නෑ නෑ.....ලියෝ නිදාගත්තේ ඔයා එනකල් ඇහැරන් ඉන්න එක එයාට අමාරු උන නිසා...ජෝන් මාත් එක්ක ස්ටෙරෝන් වල හිටියේ.... මුහුද යට ස්ටෙරෝන් නම් සාමාන්‍ය ලෝකේ වගේ දියුනු වෙලා නෑ....එදා වගේමයි.... එහෙ පරිසරය මෙහෙට වඩා ගොඩම ගොඩක් හොදයි

💛 ඒක නෙමෙයි....ඒ දේවල් ඔක්කොම උනා ඒවා නෙමේ දැන් තියන අවුල....ඔයාගේ මතකෙ පාස්වර්ඩ් එක මොකක්ද

🌼 මොකක්???

💛 ඔයාව මීට් උන දවස් ටිකේම මම ට්‍රයි කරේ ඔයාගේ මතකේ ලොක් එක අරින්න..  ඒත් බෑනේ

🌻 එහෙම වෙන්නෙ කොහොමද

🌼 ඔයාලා කියන මුකුත් මට තේරෙන්නෑ

මම ඇදේ ඉදගෙන ඉද්දි තුන් දෙනා කාමරේ එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තා .....මට නිකම් දැනුනේ සයන්ටිස්ට්ලා තුන් දෙනෙක්ට මැදි උන පරීක්ෂණ වලට ගන්න මීයෙක් වගේ.....වයි ගෝඩ්ඩ්ඩ්

🤍 ඔයාට පාස්වර්ඩ් මතක නැද්ද

මම ඔලුව වැනුවේ නෑ කියන්න... මට හොද
මතකයක් තිබ්බට ඒක තාක්ශනේට අදාලම නෑ ෆෝන් එකේ පාස්වර්ඩ් ලියන පොතක් වෙනම මන් ගාව තියනවා ඒ තරම් තාක්ශනෙන් මට අපලයි

🌻 මම ජෝන් එක්ක ස්ටෙරෝන් යනවා.... අපි මේ ගැන හොයන් එන්නම්

කිව්වා විතරයි දියා ජෝන් එක්ක අතුරුදන්.....මගේ ලයිප් එක දැන් ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කතාවක් වගේ වීගෙන යන්නේ

Dandelion ✔️Where stories live. Discover now