ඒ ආපු ලොකූ එලියට ඇස් තවත් ඇරන් ඉන්න අමාරු නිසා මම තදින් ඇස් දෙක වහ ගත්තා.....ආය ඇස් අරිද්දි මම හිටියේ කාමරේ.....ලියෝගේ කාමරේ
එහෙම්ම ඇහුනේ වොශ් රූම් එකේ දොර ඇරෙන සද්දේ....මම නිදි වගේ ඇස් දෙක පියාගෙන හිටියා
ලියෝ මන් ගාවටට එනවා මට මට දැනුනා.... ....එයා මගේ නලලෙන් අත තිබ්බා....දෙයියනේ.....එයාගේ අත අයිස් කුට්ටියක් වගේ සීතලයි....
මම ඇස් ඇරියා නෙමේ ඉබේ ඇස් ඇරුනා....හැබැයි ඇරුන ගමන්ම වහගත්තා🤍 යුකී....යුකී ඔයා ඇස් ඇරියද???
ඇයි මනුස්සයෝ මෙහෙම කරන්නේ....ලියෝ මගේ මුලු මූන පුරාම එයාගෙ අත් ගෙනිච්චා...එයාගේ අත් සීතලයි... එහෙම නොවුනොත්නෙ පුදුමෙ නාගෙන ඇවිල්ලා ටවල් එක පිටින්නෙ ඉන්නේ....හොද වෙලාවට මම දැන් ඇස් ඇරියෙ... තව ටිකක් පරක්කු උනා නම්.... අහ්හ්හ්හ් යුකියා මොනාද මේ හිතන්නේ ඔයා හොදටම නරක් වෙලා...
🌼 ඇදුමක් දාගන්නවකෝ...
මන් ඇස් දෙක වහගෙනම ඇහුවා.....ඒ පාර මේ මනුස්සයා මට තව ලං උනාද මන්දා....හුස්මත් මගේ නලලේ වදිනවා
🤍 මොකද කලින් දැකලා නෑ වගේ හැසිරෙන්නේ....
🌼 බදින්නත් කලින් හනිමූන් එක්කන් ගිය එක ඔයාගෙ වරදක්...
මොකක්ද ඒ මන් කිව්වේ...ඉන්න සිටුවේශන් එකත් අමතක කරලා මන් එකපාර ඇස් ඇරියා....ඇස් අරිද්දිම මම දැක්කේ එයාගේ ඇස් දෙක.....එයා මගේ මූනට ලන් වෙලා හිටියේ....තෙත කොන්ඩෙජ් වතුර බින්දු එකින් එක මාරු වෙවී ඇවිල්ලා මගේ මූනේ වැදී නොවැදී කොට්ටෙට වැටුනා.... වෙනදට දකින එයාගේ කලු පාට ඇස් වල අද වෙනදා නැති කහ පාටකුත් තියනවද නැත්තම් ඒවා මගේ හිතේ මැවුන දෙයක්ද කියන්න මම දන්නෙ නෑ .....
🤍 ඔයාට මතකයි....
🌼 ම.....මම ඒක
🤍 මම හිතන්නේ මම ඔයාගේ මතකයේ පාස්වර්ඩ් එක දන්නවා
🌼 ඒ මොකක්ද???
ලියෝ මට ටික ටික ලන් උනා.......යාහ් මෝඩ යුකී ඔයාට මේ දේ වෙන්න දෙන්න බෑ....ඔයාට ආය ආදරේ කරන්න බෑ....
මම පුලුවන් තරම් ශක්තිය අරන් ලියෝව තල්ලු කරලා එයාගෙ කාමරෙන් එලියට දුවලා මගේ කාමරේට ගිහිල්ලා දොර වහ ගත්තා...
එලියට පනින්න වගේ ගැහෙන හාටුවට සන්සුන් වෙන්න කියලා තනියෙන්ම මුමුනගන්න ගමන් මම එහෙම්ම දොර ගාවින් ඉදගත්තා..මට බීලා නටපු නාඩගම මතක් උනේ එතකොට.....මම එයාව කිස් කරා....ඒ එක්කම මට සිහි නැති උනා....එතකොට මගේ මතකේ පාස්වර්ඩ් එක ඒකද....
මේ වෙද්දි මම ලියෝ කිඑව හැම දෙයක්ම පිලි අරන් ඉවරයි....මම හීනෙන් ඒ ඔක්කෝම දැක්කා....
ඒත් මට ආය එයාට ආදරේ කරන්න බෑ....එයා මගේ ගිය ආත්මේ ආදරේ වෙන්න ඇති....ඒත් මේ ආත්මෙත් එහෙම වෙන්න ඕන කියලා නීතියක් නෑනේලියෝ ගැන මගේ හිතේ පුන්චි හැගීමක් එන්න හදන හැමවෙලේම මම ඒ හැගීම මරලා දැම්මා.....නොකිව්වට වීදුරු පෙට්ටියෙ හිටිය එයාව දැක්ක මුල් දවසෙම මගෙ හදවත පොඩ්ඩක් ගැස්සුනා .....
ආය ආදරේ නොකරන්න මට තියන හේතුව.....
හැමවෙලේම සින්ගල් සින්ගල් ගගා හිටියට කාලයක් මම කෙනෙක්ට ආදරේ කරා.....
හරි කෙනා එන්න පරක්කු උනාම අපි වැරදි අයට අහු වෙනවා.....මේකත් එහෙම දෙයක්......ඒ මම ඉස්කෝලේ යන කාලේ මම යාලු උනේ ඉස්කෝලේ ඉස්සරහ කැෆේ එකක වැඩ කරපු කොල්ලෙක් එක්ක....ඒ කාලේ හිතෙන්නේ අපි හැමදේම දන්නවා කියලා....ඉතින් ඒ කොල්ලා එක්ක මම යාලු උනා.....ඒ මහ ජරා මිනිහෙක් කියලා මම දැනගද්දි පරක්කු වැඩියි.....එයා මාව විකුනන්න ඔන්න මෙන්න තියෙද්දි මට බේරෙන්න පුලුවන් උනා.....
ඊට අවුරුද්දකට පස්සේ මම ආය කොල්ලෙක් එක්ක යාලු උනා....ඒත් මන් මුලින් යාලු උන කොල්ලා සෙයින් මාව ආය හොයන් ඇවිල්ලා මට තර්ජනය කරා එයා කියන දෙයක් නොකරොත් මන් යාලු වෙලා ඉන්න කෙනාව මරනවා කියලා....ඒත් මම විශ්වාස කරේ නැ... ඒ කොල්ලගෙ බොඩි එක හම්බෙනකල්ම....
එයා සුයිසයිඩ් කරගෙන කියලයි හැමෝම කිව්වේ....
තාම ඒ මිනිහා මගේ පස්සෙන් එනවා....ඉතින් ලියෝ මම දන්නෑ මම ඔයාට ආදරේද නැද්ද කියලා....
ඒත් මම මාව පාලනය කරගන්නවා....
ඔයාගේ ගිය ආත්මේ මාත් එක්ක සම්බන්ද වෙලා තිබුනට මේ ආත්මේ එහෙම වෙන්නම ඕන කියල දෙයල් නෑනේ...
මම කොහොම හරි කලු මකරව පරද්දන්න ඔයාට උදව් වෙන්නම්
එතනින් එහාට ආරි කෙනෙක් නෑ යුමී විතරයි
YOU ARE READING
Dandelion ✔️
Fantasyඑකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුම...