🌼 මේහ් මන් බැදලා නෑනේ
🤍 ඔබ පෙර ආත්මයේ මගේ බිරිද
🌼 වට්ද ෆම්කිම්
🤍 ඔබගේ කතා විලාසය බෙහෙවින් වෙනස් වී ඇති හැඩයි
මොකා....මේ මමිය මොනා කියෝනවද මන්දා
🌼 මේ 2024 ඔයා තමා අමුතුවට කතා කරන්නේ
🤍 වසර දහසකට ආසන්න කාලයක් මා නිද්‍රාවට පත් වී සිටියාද.....
ඔබ ඉපදීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි🌼 අනේ අයියේ මන් අවුරුදු විසි පහක කෙල්ලෙක්....මන් දන්නෑ ඔයා මොනා කියෝනවද කියලා
🤍 ඔබගේ මතකය
🌼 ගිය ආත්මේ එව්වා මට මතක නෑ....ඔයා නේ අර වීදුරු පෙට්ටියේ හිටියේ
🤍 ඔව්
මේ අත්භූත ජීවියාට මොනා කරන්නද කියලා මට එකපාර හිතාගන්න බැරි උනා....කොහොම හිතන්නද එකපාර ඔයා ගාවට අමුතු කොල්ලෙක් ඇවිත් කිව්වොත් ඔයා ගිය ආත්මේ එයාගේ වයිපරේ කියලා....කම්පියුස්නේ....
අනික මට මේකව එලවන්නත් බෑ මට කලින් මෙයා මේ ගෙදර ඉදලනේ .....අනික මේ ඉන්න විදිහට මෙයාට කෙලින්ම අංගොඩ යන්න පුලුවන්.. පව්නේ මොනා උනත් අහින්සක කොල්ලා🌼 ඔයා කාව හොයන්ද ආවේ
🤍 ඔබව
🌼 මාව හොයාගත්තනේ දැන්
🤍 ඔබ නැවත උපත ලැබීමෙන් අදහස් වන්නේ කාල මකරා යලිත් අවදිවීමට පටන් ගත් බවයි
🌼 හනේ ඔයා ඔහොම කතා කරද්දි මට මොංගල් වගේ
🤍 භාශාව කාලයෙන් කාලයට පරිනාමය වනවා....ඇදුම් පැලදුම් මෙන්ම මිනිසාගේ
අදහසුත් එසේයිඑයා මගේ අත අරන් එයාගේ නලලේ තිබ්බ මාර්ක් එක උඩින් තියා ගත්තා....මට නිකම් දැනුනේ මගේ ඇගෙන් මොනා හරි එයා ඇදලා ගන්නවා වගේ
🤍 හරි....මම දැන් ඔයාගේ විදිහට කතා කරනවා....ඒත් සමහර තැන් මට වැරදුනොත් හරි ගස්වන්න
🌼 ඕකේ ඕකේ....කිය කිය හිටිය එක කියන්නකෝ
🤍 ඔයා ආයෙත් ඉපදිලා කියන්නේ කලු මකරා ආය නැගිටින්න පටන් අරන්....ඌ නැගිට්ටොත් මුලු ලෝකයම අදුරු රාජදානියක් වෙයි
YOU ARE READING
Dandelion ✔️
Fantasyඑකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුම...